වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ශ්‍රී ලංකාවේ 24 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උත්සවය. මෙම පෙබරවාරි 21 සහ 22 යන දිනවලදී හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසල් 22 ක් මෙම ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වනු ඇත. මෙරට ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමියකු වන ගේට්වේ පාසල් ජාලය විසින් මෙය සංවිධානය කරනු ලබයි. ජාත්‍යන්තර පාසල් නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 1554 ක් සහ ක්‍රීඩා තාක්ෂණික නිලධාරීන් 300 ක් සහභාගී වෙති. ජාත්‍යන්තර පාසල් දින දර්ශනයේ ප්‍රමුඛතම ක්‍රීඩා ඉසව්ව වශයෙන් මෙය සැලකෙයි.Sri Lanka Latest News
මෙම විශාල ක්‍රීඩා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ දිවයිනේ ප්‍රකට තොරතුරු තාක්ෂණ සමාගමක් වන ‘පියර්සන් එඩෙක්සෙල්’ (PEARSON EDEXCEL) වන අතර, ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස, ප්‍රකට දේපළ ව්‍යාපාර සමාගමක් වන, ‘හෝම් ලෑන්ඩ්ස්’ (HOME LANDS) ඉදිරිපත් වී ඇත. ‘පියර්සන් එඩෙක්සෙල්’ දකුණු ආසියාතික සමාගමේ අධ්‍යක්ෂ ප්‍රේමිලා පෝල්රාජ් මහත්මිය විසින්, ප්‍රධාන අනුග්‍රාහක චෙක්පත ගේට්වේ පාසලේ සභාපති හර්ෂ අලස් මහතාට පිළිගන්වන අයුරු මෙහි දැක්වෙයි. ප්ලැටිනම් අනුග්‍රාහකයා වන ‘හෝම් ලෑන්ඩ්ස්’ සමාගමේ චෙක්පත, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ අමායා හේරත් මෙනෙවිය විසින් පිළිගන්වන ලදි. ‘පියර්සන් එඩෙක්සෙල්’ සමාගම දැනට වසර ගණනාවක් පුරා මෙම ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.






ප්‍රියන්ත හෙට්ටිගේ











