• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඔබ වැඩියෙන්ම දන්න දිමුතු මුතු නන්දා

August 15, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ඔබ වැඩියෙන්ම දන්න දිමුතු මුතු නන්දා
Share on WhatsAppShare on Facebook

මුවන්පැලැස්ස හෝ
මොණරතැන්න අසන්නට රේඩියෝව වටේට රෑට රෑට වටවුණු රසික රසිකාවියන් හිටි අඩියේ එයින් ඈත් වන්නට ගත්තේ රූප පෙට්ටිය හෙවත් ‘රූපවාහිනිය’ ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයනට ශ්‍රව්‍ය සේම දෘශ්‍ය වූ වශීකරණයක් වූ නිසාය. රේඩියෝව සදහටම නිවෙස මුල්ලක ගොළුවෙමින් යද්දී නැති බැරිය කියන මිනිසුන් පවා කාට හෝ ණය වී අඟල් 12 රූපවාහිනියක් හෝ ගෙදරට ගෙනාවේය. මෙහිදී බොහෝදෙනකු පළමුව හුරුවූයේ ඉංග්‍රීසි ටෙලිනාටක අබියස රාත්‍රිය ගෙවීමටය. ඉංග්‍රීසි වදනක් හෝ නොදන්න අය පවා ‘ස්ටාස්කි ඇන්ඞ් කම්’ සහ ‘චාල්ස් ඒන්ජල්ස්’ නොකඩවා බැලූහ. 1982 වසරේදී ඩී. බී. නිහාල් සිංහයන් ‘දිමුතු මුතු’ ගෙන ආයේ ඔය අතරදීය. බාල, තරුණ, මහලු කොයි කවුරුත් වයස් බේදයකින් තොරව ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවවේ ඒ සොඳුරු උපත ඉදිරියෙහි අමන්දානන්දයට පත්වූයේ ‘බණ්ඩා කොළඹ ගියා’ ආකාරයේ පුදුමයක තම සිත දැහැන්ගත කරලමිනි. ‘දිමුතු මුතු’ නැරැඹූ ප්‍රේක්‍ෂකයන් පමණක්ම නොව ‘දිමුතු මුතු’ හී රඟපෑ රංගන ශිල්පීන්ද ‘දිමුතු මුතු’ හරහා තම කලාකාමී දිවිරටාව ඉතා අලංකාරව හැඩකර ගනිමින් සිටියහ. ‘දිමුතු මුතු’ නම් ඒ මුතු අහුරෙහි ආකර්ෂණීයම ‘මුතු ඇටය’ වූයේ ‘නන්දා’ ලෙස රංගනයෙන් දායක වූ දේවිකා මිහිරාණිය. ‘දිමුතු මුතු’ ටෙලිය ගැන දේවිකා මිහිරාණි කී මුතුවන් කතා ‘හාට්’ විශේෂාංගය සැරැසුවේ මෙලෙසිනි.
මතකයිද? ‘දිමුතු මුතු’ විකාශනය වූ ඒ පළමු බදාදා රාත්‍රිය?
ඒ රාත්‍රිය අමතක කරන්න නම් ඉතින් නන්දා වෙන්න මම මැරිලා උපදින්න ඕනෑ.
එච්චරටම ඒ මතකය ඔබට අමරණීයයි?
මොනවද මේ කියන්නේ. පළමුවරට ‘දිමුතු මුතු’ විකාශනය වූ දාට පහුවදා කඩපිල් ගානේ, බස් නැවැතුමේ, දුම්රියේ, ප්‍රධාන කතා වස්තුව වුණේ ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යය ගැන රසවත් ඕපාදූපයි. ඇත්තටම එය ප්‍රේක්‍ෂකයනට අපූරු මැජික් එකක් වුණා. හිතන්නකෝ ශ්‍රී ලංකාවේ පළමු ටෙලි කතාව එයනේ.
නිහාල්සිංහ මහත්තයා නන්දාගේ චරිතයට ඔබව තෝරාගත් බව කියනකොට මොනවද හිතුණෙ?
පුදුමාකාර තුෂ්ණිම්භූතවයි මම හිටියේ. එක අතකින් පළමු ටෙලි නිළිය වීමේ සතුට, අනෙක් අතින් ප්‍රසිද්ධ ලස්සන නිළියන් අච්චර හිටියදී මාව නන්දට තෝරා ගැනීම. මට මතකයි මම නිහාල්සිංහ මහත්තය දිහාවේ ටිකක්වෙලා බලාගෙන හිටියා. ඔහු මගෙන් ඇහුවා ඇයි දේවිකා පුදුමෙන් වාගේ කියලා. මම ඇස්වල කඳුළු පුරවගෙන කිවුවා, ‘පුදුම නොවී කොහොමද? මෙච්චර මේ රටේ හැඩකාර නිළියෝ ඉන්දැද්දි ඔබතුමා මාව හොයාගෙන ආව එක පුදුමයක් තමයි’ කියලා.
නිහාල්සිංහ මහත්තයා ඔබව තෝරාගන්න විශේෂය කුමක්ද?
මම කී වතාවක් නම් ඒ ප්‍රශ්නය ඇහුවද? ඒත් ඔහු එයට උත්තර දුන්නෙ නැහැ. ඔහු කීවේ අනේ මන්දා දේවිකා ඒ හේතුව මමවත් දන්නෙ නැහැ කියලයි.
මොණරියක තරමට ඔබ ඒ කාලේ ආඩම්බරේට හිටියලු?
අයියෝ නැහැ. ඒක නම් අලි බොරුවක්. මඟතොටදී ප්‍රේක්‍ෂකයන් මාව වටකර ගනිද්දී මම ඒ හැමෝම එක්ක කතා කළා. ඔවුන් නන්දාට දැක්වූ ආදරය ගැන මට අදටත් පුදුමයි.
මේකප් නැති, ඇඟ පේන්න අඳින ඇඳුම් නැති, පාට පාට වාහන වගේම නවීනපන්නයේ තෙල් ගාන්නේ නැති ‘දිමුතු මුතු’ නාට්‍යයට ප්‍රේක්‍ෂකයන් වශීවී සිටියා.
ඒ රහස මොකද්ද දේවිකා?
ටෙලි කලාව බාල්දුවට නොගිය අගය තමයි ඒ රහස. දවසකට එක ටෙලි කතාවයි විකාශනය වෙන්නෙ. හතු බිහිවෙන්නා සේ තත්පරයෙන් තත්පරයට ටෙලිනාට්‍ය විකාශය වූ කාලයක් නෙවෙයි ඒ. බදාදා රෑට ‘දිමුතු මුතු’ බලන ප්‍රේක්‍ෂකයා ඊළඟ බදාදා වෙනකල් බලා ඉන්නවා ඊළඟ කොටස බලන්න. ‘දිමුතු මුතු’ විතරක් නෙවෙයි, එයට පසු තිරගත වූ පළිඟු මැණිකේ, රේඛා, දූදරුවෝ වැනි ටෙලි කතාද විකාශනය වූයේ සතියට එක වතාවයි. ඒ නිසයි ඒ ටෙලිනාට්‍යය බලන්න ඒ තරමට ප්‍රේක්‍ෂකයා උනන්දු වුණේ.
‘නන්දා’ විදියට කොණ්ඩෙ පීරන්න, අඳින්න, පලඳින්න, තරුණියෝ උනන්දු වුණා කියන්නේ ඇත්තද දේවිකා?
නැතුව… නන්දාගේ චාම් විලාසිතා ඒ කාලේ ටීචර්ස්ලා හිටන් අනුකරණය කළා. කොණ්ඩ ගෙඩිය බෙල්ලට තියලා බැඳලා අත්බෝරිච්චි හැට්ටය ඇඳලා ඔසරිය ඇඟට දවටලා ඔවුන් තුළින් ඒ අය හෙව්වෙ ‘නන්දා’ව. ඒ විතරක්ම නෙවෙයි සමහර වැදගත් පවුල්වල අම්මලා, කපු මහත්වරුන්ට කිව්වලු ‘දිමුතු මුතු’ එකේ නන්දා වාගේ මනමාලියක් මගෙ පුතාට හොයන්නය කියලා. කපු මහත්තයලත් සමහර තැන්වලදී කියන්න පුරුදු වුණාලු ඇස්වහක්, කටවහක් නැහැ නෝනා, මනමාලි අර ‘දිමුතු මුතු’ කතාවේ ‘නන්දා’ කෙල්ල වාගේමයි කියලා.
‘නන්දා’ට පෙම් බැන්ද පිරිමින් ඒ අතර ඉන්න ඇති?
කිසිම රසිකයෙක් නරක ඇහැකින් මං දිහා බැලුවේ නැහැ. හැබැයි ඔවුන් අසීමිතව මගේ චරිත නිරූපණයට ඇලුම් කළ බව මතකයි.
විජය නන්දසිරිට ජෙලස් හිතුණෙ නැතිද?
අනේ නැහැ. ‘දිමුතු මුතු’ හී නන්දාට සාර්ථකව ප්‍රවිෂ්ට වෙන්න විජය මට දුන් අත්වැල හරිම ආදරණීයයි.
ප්‍රේක්‍ෂකයන්ට ඕන වුණේ ඔබ ජයසේනට ආදරය කරනවා දකින්නලු?
‘උඩුකිඳ මහත්තයාටත් සමහරු අනුකම්පා කළා. ඒත් ප්‍රේක්‍ෂකයන් හුඟක් ආදරය කළේ ජයසේනට තමයි. අමරසිරි කලංසූරිය ඒ චරිතය කළ අපූරුව ඔවුන් බොහෝ අගය කළා. ඒ වගේම ‘දිමුතු මුතු’හී රංගනයෙන් දායක වූ හැමෝම තම වගකීම අපූරුවට ඉටුකළා.
අද ඒ ප්‍රමිතිය හෝ විනය නැති බවද ඔබ කියන්නේ?
කාටවත් චෝදනා කරන්න කැමැති නැහැ. හැබැයි අද ටෙලි කලාව ගැන කතා කරන්නත් කනගාටු හිතෙන තරමට එය ප්‍රමිතිකරණයෙන් බැහැරට ගිහින්. අතළොස්සක් ටෙලි නිර්මාණ හැරුණු විට නිතර බිහිවන්නේ හරයක් නැති අනුකරණයන් පමණයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විකට රජාගෙ ජීවිතයෙන් හෙළිවූ කේන්දරේ ඇත්ත නැත්ත

Next Post

බිස්නස් හිටිහැටියෙ වැටෙන්නෙ ඇයි?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.