• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිටිහැටියේ රජවෙන හිඟමනට වැටෙන අද්භූත ග්‍රහ සෙල්ලම! දණින් වැටෙනවාද? රජෙක් වගේ නැගිටිනවාද? ඔයාගේ හඳහනෙත් මේ වගේද? Sri Lanka Latest News

January 31, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Share on WhatsAppShare on Facebook

ලෝකයම ඩිජිටල් වෙද්දී ජ්‍යොතිෂයත් දැන් අමුතුම මුහුණුවරක් ගෙන තිබේ. අද පන්සල් ගානේ පූජා වට්ටි තියනවාට වඩා, තරුණයන් ඇතුළු බොහෝ දෙනෙක් කරන්නේ ජංගම දුරකතනය දෙස බලාගෙන ක්ෂණයකින් කෝටිපතියන් වීමේ හීන දැකීමයි. එක රැයකින් රජ වන්නට ගොස්, පසුදා උදෑසන වන විට තමන් සතු සියල්ල අහිමි කරගෙන ජීවිතයෙන් පවා සමුගන්නා පුවත් අද දිනපතා අසන්නට ලැබේ. බොහෝ දෙනෙක් මෙය සාමාන්‍ය ආර්ථික ප්‍රශ්නයක් ලෙස දැක්කද, මෙහි පිටුපස ඇත්තේ හිටිහැටියේ මිනිසුන්ව රජ කරවන සහ හිඟමනට වට්ටන අද්භූත ග්‍රහ සෙල්ලමකි. ජ්‍යොතිෂයට අනුව මෙවැනි ක්ෂණික ධනය, සූදුව සහ නොපෙනෙන ආයෝජන පාලනය කරන්නේ ‘මායාවේ රජු’ ලෙස හැඳින්වෙන රාහු ග්‍රහයාය. රාහු කියන්නේ මිරිඟු‍වකටය. ඔහු ඔබට පෙන්වන්නේ ඉතා ලේසියෙන් සල්ලි කන්දක් උඩ වාඩි වියහැකි බවයි. ඔබේ කේන්දරයේ රාහු අසුබ ස්ථානයක සිටියදී හෝ රාහුගේ අපල කාලවලදී ඔබ මෙවැනි “ක්වික් මනී”‍ පසුපස ගියහොත්, සිදුවන්නේ ඔබේ දෛවය සුනේ සුන් වී අගාධයටම ඇද වැටීමයි. අද සමාජයේ සිදුවන බොහෝ මූල්‍ය වංචාවලට සහ මාර්ගගත සූදුවලට මිනිසුන් අසුවන්නේ මේ රාහුගේ “‍මායා දැලට”‍ හසුවීම නිසා වන අතර, ඒ උගුල හඳුනා නොගන්නා ඕනෑම අයෙක් දෛවයේ සිරකරුවෙකු බවට පත්වීම වැළැක්විය නොහැක.Sri Lanka Latest News

ජ්‍යොතිෂ විද්‍යානුකූලව බලන කල රාහු යනු ශනි වත් රාහු (සෙනසුරු මෙන් ප්‍රතිඵල දෙන) ග්‍රහයෙකි. රාහු හතරවැන්නේ හෝ අටවැන්නේ ගමන් කරන කාලය තුළ පුද්ගලයාගේ තීරණ ගැනීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කරවයි. විශේෂයෙන්ම වෘෂභ, වෘශ්චික, මිථුන සහ ධනු වැනි ලග්න හිමියන්ට රාහුගේ බලපෑම තදින් දැනෙන කාලවලදී සිතට එන පළමු සිතුවිල්ල වන්නේ ”‍කොහොම හරි ඉක්මනින් සල්ලි සෙවිය යුතුයි”‍ යන්නයි. මේ සිතුවිල්ල පිටුපස ඇත්තේ රාහු මවන මෝහයයි. හඳහනක දෙවැන්න හෙවත් ධනස්ථානය සහ එකොළොස්වැන්න හෙවත් අයස්ථානය කෙරෙහි රාහුගේ දෘෂ්ටිය වැටෙන විට, පුද්ගලයා තමන් සතු ස්ථාවර තැන්පත් පවා විනාශ කරගනිමින් අවදානම්සහගත ආයෝජනවලට යොමු වේ. මෙය හරියට දැල්වෙන පහන් සිළුවකට අසුවන පළඟැටියෙකුගේ ඉරණම වැනිය. බාහිරින් පෙනෙන දිලිසෙන ලෝකය පසුපස හඹා ගොස් අවසානයේ තමන් සතු නිවස, දේපළ පවා උකසට තබන මට්ටමට රාහු විසින් පුද්ගලයා මෙහෙයවනු ලබයි. මෙය ජ්‍යොතිෂයේ එන ‘කර්ම විපාක’ දීමේ එක්තරා ක්‍රමවේදයක් බව බොහෝ දෙනා තේරුම් ගන්නේ සියල්ල අහිමි වූ පසුවය.

මෙම අද්භූත ග්‍රහ බලපෑම ක්‍රියාත්මක වන විට මිනිසාගේ බුද්ධිය අඳුරු වී යයි. පෙනෙන දේට වඩා නොපෙනෙන ලාභ ගැන සිතන්නට හිත පොලඹවයි. රාහුගේ මේ මාරක අපලය සුනේ සුන් කර දැමීමට නම් ඔබ කළ යුත්තේ මායාවෙන් මිදී යථාර්ථය වැලඳ ගැනීමයි. දහඩිය මහන්සියෙන් යමක් ගොඩනගන මිනිසාට රාහුගේ මාරක අපල කිසිම දිනක බලපාන්නේ නැත. රාහු සැමවිටම උත්සාහ කරන්නේ ඔබේ ලෝභකම අවදි කරවන්නටය. “‍අතට එන දේ මිසක් මිරිඟු‍ව පස්සේ යන්නේ නැහැ”‍ කියලා තීරණයක් ගැනීමම රාහුගේ අපලයට දෙන ලොකුම බැටයයි. විශේෂයෙන්ම මේ දවස්වල රාහුගේ ගමන් මඟ නිසා බොහෝ දෙනෙක් නොපෙනෙන උගුල්වල අසුවෙමින් සිටිති. මෙවැනි කාලයකදී අපලවලින් බේරීමට පූජා වට්ටියකට වඩා වැදගත් වන්නේ ඔබේ විඥානය අවදි කර ගැනීමයි. ඕනෑම ආයෝජනයකදී හෝ සම්බන්ධතාවයකදී දෙවරක් සිතන්න. රාහුගේ බලපෑම ඇති විට මිනිසාට වැරදි දේ නිවැරදි ලෙස පෙනෙන්නට ගනී. ඔබේ හිතේ ක්ෂණික ධනය ගැන අධික ආශාවක් ඇති වෙනවා නම්, එය රාහුගේ ”‍රතු එළියක්”‍ බව තේරුම් ගන්න. රාහුට විරුද්ධව ඉන්නේ බුද්ධිය සහ අධ්‍යාත්මය නියෝජනය කරන කේතුය. ඔබ ආගමික කටයුතුවලට සහ භාවනාවට හිත යොමු කරන විට, රාහු මවන මායාවන් ඔබට පැහැදිලිව පෙනෙන්නට ගනී. එතකොට ඔබ කෙදිනකවත් එවැනි උගුල්වල අසු වන්නේ නැත.

ප්‍රායෝගික ජ්‍යොතිෂ ප්‍රතිකර්ම ලෙස රාහුගේ අපල කාලවලදී ශිව දෙවියන් උදෙසා වත්පිළිවෙත් කිරීම, අබ තෙල් මිශ්‍ර පහන් දැල්වීම සහ නිල් හෝ කළු වර්ණයෙන් යුත් අසරණ සතුන්ට ආහාර ලබා දීම අතිශයින්ම ගුණදායකය. එහෙත් ඒ සියල්ලටම වඩා බලවත් වන්නේ තම සිත පාලනය කරගැනීමයි. රාහු යනු හිස පමණක් ඇති ග්‍රහයෙකි. ඔහුට කඳක් නැත. එනම් ඔහුට සෑහීමකට පත්වීමක් නැත. ඔබ කෝටියක් ලැබුවත් රාහු පවසන්නේ ඊළඟ කෝටිය සොයන ලෙසයි. මේ අසීමිත තෘෂ්ණාව පාලනය නොකරන තාක් ඕනෑම හඳහනක ඇති සුබ යෝග පවා නිෂ්ඵල වීමට ඉඩ ඇත. ග්‍රහයන් කරන්නේ අපට මඟ පෙන්වීමක් පමණක් බව අමතක නොකළ යුතුය. දෛවය ලියවෙන්නේ අපේ ක්‍රියාවන් මතය. රාහුගේ මාරක සෙල්ලම දෙස බියෙන් බලා සිටිනවා වෙනුවට, තමන්ගේ ඇතුළාන්තයේ ඇති ලෝභකම සහ දුර්වලතා හඳුනාගෙන වඩාත් ශක්තිමත් පෞරුෂයකින් යුතුව නැගී සිටීමට අදිටන් කර ගන්න. මේ කාලය ඔබව වට්ටන කාලයක් නොව, මායාවෙන් මිදී ඔබව අලු‍තින්ම නිර්මාණය කරන කාලයකි. බය වෙලා හැංගිලා හිටියොත් වෙන්නේ දෛවය විසින් ඔයාව තවත් පාගන එක විතරයි. ඒ වෙනුවට කොන්ද කෙළින් තියාගෙන, දූරදර්ශී සැලසුමක් ඇතුව වැඩේට බැස්සොත් රාහුගේ අපල පරදා ජීවිතය ජයගත හැකියි. මතක තබාගන්න, අහසේ තරුවලට ඔබේ ගමන පෙන්වන්න පුළුවන්, හැබැයි ඒ ගමන ජයග්‍රහණයෙන් නිමා කරන්න ඕනෙ ඔබමයි. සූදානම් වන්න, මේ ඔබ වැටෙන කාලය නොව, අභියෝගවලට බැට දීලා අළු දූවිලි මතින් රජෙක් වගේ නැගීසිටින කාලයයි! යමෙක් තමන්ගේ හඳහනේ තියෙන මේ උගුල හඳුනාගෙන බුද්ධිමත්ව පියවර තබන්නේද, ඔහුට කිසිදු ග්‍රහ සෙල්ලමකින් හානියක් කළ නොහැක.

ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

වමේ රටවල්වලට ට්‍රම්ප්ගෙන් අපලයි! අලුත්ම එක කියුබාව! වෙනිසියුලාවෙන් එන තෙල් නවත්වයි! කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට අලුතින් තීරුබදු! දැනටමත් කියුබාවේ දැඩි ඉන්ධන හිඟයක්! විදුලි බලයත් නෑ! I Sri Lanka Latest News

Next Post

සල්ලි මවන මහා බලගතු රාහු අංජන මන්ත්‍රය! කෝටිපතියන් පවා රහසින් කරන බලගතු කෙම මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.