• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඒ වින්දනයට මම ගොඩක් කැමතියි…! මේක ලෙහෙසි වැඩක් නෙමෙයි…! වචන දෙකක් කියලා කැමරාවට පේන්න ඉන්න එක රඟපෑම නෙවෙයි…! කළණ ගුණසේකර I Sri Lanka Latest News

January 18, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ඒ වින්දනයට මම ගොඩක් කැමතියි…! මේක ලෙහෙසි වැඩක් නෙමෙයි…! වචන දෙකක් කියලා කැමරාවට පේන්න ඉන්න එක රඟපෑම නෙවෙයි…!  කළණ ගුණසේකර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ රංගන විලාසයකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු, වේදිකාවේ පන්නරයෙන් රිදී තිරය හැඩකරන ස්වභාවික රංගනයේ අසමසම සලකුණක් බඳුය. ඔහු නමින් කළණ ගුණසේකරයි. සිනමාවෙන් අලුත් මානයන් සොයමින් කාර්යබහුල දවසක් ගෙවෙන ඔහු සිය නවතම කලා තොරතුරු කලා ජීවිතයේ අත්දැකීම් ගැන හාට් අපි සමග කළ සුහද කතාබහකි මේ.Sri Lanka Latest News

කොහොමද නව වසරේ වැඩකටයුතු?
නව වසරේ වැඩ කටයුතු ඉතාම කාර්යබහුලයි. විශේෂයෙන්ම රාජ්‍ය සම්මාන හතක් දිනාගත් ‘දාස මල්ලිගේ බංගලාව‘ වේදිකා නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් අපි කරනවා. එහි වැඩකටයුතු සඳහා තමයි දැන් වැඩි කාලයක් වැය වෙන්නේ. මේ මාසයේ 23 වෙනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් එකේදී එය නැවත වේදිකාගත වෙනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයක රූගත කිරීම්වලටත් මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා.
කළණ ගුණසේකර කියන රංගන ශිල්පියාගේ ආරම්භය කොතැනද?
මම හිතන්නේ ඒ මූලාරම්භය පාසල් වේදිකාවයි. පාසල් වේදිකාවෙන් ආරම්භ කරපු ඒ ගමන තමා අද මේ දුර ඇවිත් තියෙන්නේ. මට අදටත් වේදිකාව අමතක කරන්න බැහැ. වේදිකාවත් එක්ක තියෙන ඒ දැඩි ගනුදෙනුව නිසයි අවුරුදු ගණනාවකට කලින් කරපු නිර්මාණයක් වුණත් නැවතත් වේදිකාවට ගේන්න මම උත්සාහ කරන්නේ.
ඔබේ චරිතයක් තුළ ඔබටම අනන්‍ය වුණු ඒ ‘ස්වභාවිකත්වය‘ ගොඩනගාගන්නේ කොහොමද?
ඇත්තටම චරිතයක් තීරණය වෙන්නේ අධ්‍යක්ෂවරයා මතයි. අධ්‍යක්ෂවරයා චරිතය ගැන හිතන විදිහ, ඒ චරිතයට අවශ්‍ය දේ, චරිතයේ මානසිකත්වය සහ අදාළ අවස්ථාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ අවබෝධයත් එක්ක තමා මම චරිතයකට අවතීර්ණය වෙන්නේ.
වේදිකාව, ටෙලි සහ සිනමාව මෙයින් ඔබ වඩාත්ම ප්‍රිය?
මේ මොහොතේ මම වැඩියෙන්ම කැමති සිනමාවට. වේදිකාව කියන්නේ තමන්ට අභ්‍යාස කරන්න හොඳ තැනක්. ඒත් සිනමාව තුළ තියෙන්නේ වෙනමම ‘ෆැන්ටසියක්‘ ඒ වින්දනයට මම ගොඩක් කැමතියි.
වර්තමාන කලාව ගැන මොකද හිතෙන්නේ?
දැන් හොඳ නිර්මාණ බිහි වෙනවා. රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් වගේම අධ්‍යක්ෂවරුන් අතරත් විශාල තරගයක් තියෙනවා. තරුණ පරම්පරාවේ වැඩි නියෝජනයක් දැකීමට ලැබීම ඉතාම හොඳ තත්ත්වයක්. සිනමාව එක්ක වැඩ කරපු අය අද අලුත් නිර්මාණ කරනවා. ලංකාවේ සිනමාව දැන් හොඳ මට්ටමක තියෙනවා. මගේ ප්‍රාර්ථනය අපේ සිනමාව ජාත්‍යන්තරය සමඟ මුහු වීමයි.
කළණ, ඔබ ආපු මුල් කාලයත් එක්ක බලද්දී, අද මේ ගමන එන්න හීන දකින කොල්ලො කෙල්ලොන්ට කියන්න දෙයක් තියෙනවද?
ඔබ නළුවෙක් හෝ නිළියක් වෙන්න හිතනවා නම් ඒ වෙනුවෙන් දැඩි කැපවීමකින් වැඩ කරන්න ඕනේ. මේක ලෙහෙසි වැඩක් නෙමෙයි. කැමරාව ඉදිරියට ගිහින් වචනයක් දෙකක් කියලා ලස්සනට පෙනී සිටීම නෙමෙයි රංගනය කියන්නේ. තමන්ගේ ජීවිත අත්දැකීම් නිර්මාණයට ගේන්න ඕනේ. රංගනය සැමවිටම පදනම් වෙන්නේ තමන් ලබන අත්දැකීම් මතයි.
‘ධර්ම යුද්ධය 2‘ චිත්‍රපටය ගැනත් කතා නොකළොත් අඩුවක්?
‘ධර්ම යුද්ධය 2‘ කියන්නේ නාමල් ජයවර්ධනගේ ඉතාම ලස්සන නිර්මාණයක්. රංගනය වගේම සෑම අංශයකින්ම ගුණාත්මක චිත්‍රපටයක්. මම මෙහි රංගනයෙන් දායක වෙන්නේ ‘කැලුම්‘ කියන චරිතයට. ඇත්තටම ධර්ම යුද්ධය වැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. මට ලොකු වුවමනාවක් තිබුණා අරුණ අයියා එක්ක වැඩ කරන්න. ඒ වගේම බිමල් ජයකොඩි වැනි දැවැන්ත රංගන ශිල්පියෙක්, අෂාන් ඩයස්, කුමාර තිරිමාදු, දිල්හානි අක්කා වැනි දක්ෂ පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. මාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම ගැන මම අදටත් නිහතමානීව සතුටු වෙනවා.
ඉදිරියේදී අපට දැකගත හැකි ඔබේ අලුත් නිර්මාණ ගැනත් කතාකරමු?
ඉදිරියේදී චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ඒ වගේම කොටස් 12කින් යුත් ටෙලි නාට්‍යයක වැඩ අවසන් කළා, එය තවම නාලිකාවකට ලබා දී නැහැ. තවත් නිර්මාණ කිහිපයක රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

අත්හරින්නම් බෑ… ඒක මගේ ඇඟේ තියෙන දෙයක්…! මේ මගේ අම්මගෙන් ලැබුණු දායාදය…! ජැක්සන් මාමාව මතක් නොකරපු දවසක් නෑ…! මම කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නෑ…! Sri Lanka Latest News

Next Post

මම එහෙම කියලත් නැහැ…! ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ…! හොඳ නරක නපුරු ශුද්ධවන්ත කියලා බෙදීමක් තියන් රඟපාන්න බැහැ…! ඕනෙම එකක් කරන්න ඕනේ…! මට කැමැති අය මට හැමදාමත් ආදරෙයි…! සංජනා ගමාරච්චි I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.