• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම එහෙම කියලත් නැහැ…! ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ…! හොඳ නරක නපුරු ශුද්ධවන්ත කියලා බෙදීමක් තියන් රඟපාන්න බැහැ…! ඕනෙම එකක් කරන්න ඕනේ…! මට කැමැති අය මට හැමදාමත් ආදරෙයි…! සංජනා ගමාරච්චි I Sri Lanka Latest News

January 18, 2026
in Heart
Reading Time: 4 mins read
A A
මම එහෙම කියලත් නැහැ…! ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ…! හොඳ නරක නපුරු ශුද්ධවන්ත කියලා බෙදීමක් තියන් රඟපාන්න බැහැ…! ඕනෙම එකක් කරන්න ඕනේ…! මට කැමැති අය මට හැමදාමත් ආදරෙයි…! සංජනා ගමාරච්චි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංජනා ඔනාලි ගමාරච්චි. ශ්‍රී ලාංකේය ටෙලි කෙත අලංකාර කරන තවත් ලස්සනම නිළි තරුවක් තමයි ඒ. විවාහ වෙලා ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගියා කියලා කිව්වත් සංජනා රංගනයට නම් තිත තියන්න කවදාවත් සූදානම් වුණේ නැහැ. ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා වගේම නර්තන ප්‍රසංගවලට ලැබෙන ආරාධනාද එකක්වත් රිජෙක්ට් කළෙත් නැහැ. විවාහ වෙච්ච අලුත පමණක් පුංචි විරාමයක් ගත්ත ඈ ආයෙත් ටෙලි කරළියට ඇවිදින්. ඒ විතරක් නෙවෙයි සිනමාවටත් ඇගේ දායකත්වය දෙන්න පටන් අරන් ඉවරයි.
ඔය හැම දෙයක්ම අතර සංජනාගේ වීඩියෝවක් එක්ක ඇගේ පුද්ගලික ජීවිතය ගැන කියන පෝස්ටුවක්ද මේ දවස්වල සෝෂල් මීඩියාවල සංසරණය වෙන්න අරගෙන තියෙන්නේ හෝගාන වේගයටයි.Sri Lanka Latest News

තමාට විවාහය සිරගෙයක් නම් එයින් ඉවත් වෙන්න සූදානම් බවත්, නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් තරුණියක් සමග වුණත් තමා විවාහ වෙන්න කැමැති බවත් කියන විදියටයි ඇගේ ඒ පෝස්ටුව සහ වීඩියෝව නිර්මාණය වී තිබෙන්නේ. මොකක්ද මේ කතන්දරය? ඇත්තටම ඈ තම ජීවිතයට අදාළ ඒ තරමට පුද්ගලික වූ ප්‍රකාශයක් එහෙම ප්‍රසිද්ධියේ කළාද? ඇයගේ අලුත්ම තොරතුරු දැනගන්නත් එක්කම ඒ ගැන කතා විමසන්නට හිතාගෙනම අපි සංජනාට කතා කළා.

කොහොමද සංජනා ඉතින් ජීවිතේ. මොනවද අලුත් තොරතුරු?
වරදක් නැහැ. මම හරිම සතුටින් කාලය ගෙවනවා.
ඔයාට සංජනා කියලා කියන්නද? ඔනෙලි කියලා කියන්නද?
මගෙ නම ඔනෙලි නෙවෙයි. ඔනාලි. සමහර අය මගෙ නම වරද්දනවා. ඒක ඉතින් මට මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි තමයි. ඒත් මගෙ නම හරියටම කියැවෙන්නේ සංජනා ඔනාලි ගමාරච්චි විදියටයි කියලා මෙතැනදී කියන්න ඕනෙ.
හොඳයි එහෙනම් අපි ඔයාට සංජනා කියලම කියන්නම්. මේ දවස්වල ඔයා ටිකක් බිසී වගේ?
ඔව්. ටෙලි ඩ්‍රාමා කිහිපයක්ම එකට විකාශය වෙන නිසා දවසම ඉතින් ෂූටින් තමයි.
ටෙලි තරයට ඔබ ආවේ අහිංසක පෙම්වතියකගේ චරිතයක් හරහා?
ඔව්. මම නමක් හදාගත්තේ එතැනිනුයි. කවුරුත් මාව දැනගත්තෙත් කවුරුත් වගේ මට ආදරය කරන්න ගත්තෙත් අහිංසක පෙම්වතියගේ චරිතය හරහා තමයි.
ඒත් දැන් ඔබ කරදරකාර නපුරු චරිතවලට ඇවිදින්?
ඔව්. නිළියක් වුණාම එහෙමනෙ ඉතින්. ඕනෙම චරිතයක් භාරගන්න ඕනෙ. හොඳ චරිත නරක චරිත නපුරු සහ ශුද්ධවන්ත චරිත කියලා බෙදීමක් තියෙන්න බැහැ.
සිහිනෙක තනිවෙලා ටෙලිනාට්‍යයේ කරදරකාර පෙම්වතියගේ චරිතයට ප්‍රේක්ෂකයෝ වෛර කරනවා?
ඔව්. ඒක එහෙම වෙන්න එපායැ. ඒ කියන්නේ මම ඒ චරිතය හොඳට කරලා තියෙනවා කියන එකයි.

ඒ වෛරය ඔබේ ජනප්‍රියත්වයට හානියක්?
එහෙම එකක් නැහැ. මම මොන චරිතය රඟපෑවත් මට කැමැති ප්‍රේක්ෂකයෝ මට හැමදාමත් ඇලුම් කරනවා. මම අහිංසක පෙම්වතිය වුණත් නපුරු පෙම්වතිය වුණත් ඒ ආදරය වෙනස් වෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඔවුන් ආදරය කරන්නේ සංජනා ගමාරච්චි කියන නිළියටයි. අනෙක මම දඟකාර සහ විසේකාර පෙම්වතියට ඒ වගේම නපුරු පෙම්වතියට රඟපාන්න ගත්තේ අද ඊයේ නෙවෙයි. මීට කලිනුත් මම එහෙම චරිත කළා. අනෙක මම ආසයි එකම චරිතයකට කොටු නොවී විවිධ චරිත කරන්න. එහෙම කළා කියලා මගෙ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැහැ.
ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙන යමක් සෝෂල් මීඩියාවල සංසරණය වෙනවා හැබැයි මේ දවස්වල?
මට ආරංචියි. හැබැයි මම ඒ ගැන කිසිම වගකීමක් ගන්නේ නැහැ.
ඒ පෝස්ටුවෙ සහ වීඩියෝවෙ කියන කරුණු ඇත්තද සංජනා?
මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. මම එහෙම ප්‍රකාශයක් කරලත් නැහැ. කිසිම පෝස්ටුවක් දාලත් නැහැ.
ඒ ගැන ප්‍රකාශයක් කළා නම් නේද හොඳ?
අපි ඔය ගැන කතා කරන එක නවත්තමු. මම කැමැති නැහැ ඒ ගැන කතා කරන්න. අනෙක ඒවයේ තියෙන දේවල් මට අදාළත් නැහැ.
නැවතත් ටෙලි කරළියට පැමිණි ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොමයි?
සත්තකින්ම ඔව්. මගේ ප්‍රේක්ෂකයො මට දක්වන ආදරණීය ප්‍රතිචාර ගැන මම හරිම තෘප්තිමත්. ඒ වගේම මමත් ඔවුන්ට ආදරෙයි ගොඩක්. ස්තුති කරනවා ඔවුන්ගේ ප්‍රතිචාරවලට.
චිත්‍රපටයක රඟපාන එක බොහෝ දෙනකුගේ හීනයක්. ඒ වාසනාව ඔබට ලැබුණා?
චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඇත්තෙන්ම එය මගේ සිත තුළ වූ සිහිනයක්.
රංගනයෙන් ඈත්වෙලා හිටපු දවස්වල මගහැරුණු දේ ගැන කනගාටුවක් නැද්ද?
එහෙම හැඟීමක් නැහැ. රංගනයෙන් මම ඈත්වෙලා හිටියෙත් නැහැ. රංගනය කියන්නේ මගෙ ජීවිතයේ කොටසක්. ඔස්ටේ්‍රලියාවේ ගෙවපු කාලය අතරතුර මට ටෙලියකට නැත්නම් චිත්‍රපටයකට හෝ ප්‍රසංගයකට ආරාධනා ලැබුණොත් මම එයට සහභාගි වෙනවා. ඒ නිසා කලා ලෝකයේ මගහැරුණු තැන් එහෙම ලොකුවට තිබුණේ නැහැ.
කොහොමත් ඔබ නැවතත් රංගනය තුළ කාර්යබහුල වෙලා?
මම ආසයි ඒ කාර්යබහුල බවට. මට වෙහෙසක් දැනෙන්නෙ නැහැ. බොහොම කැපවීමෙන් ෂූටින්වලට සහ වෙනත් දේවලට සහභාගි වෙනවා.
ඒ කියන්නේ දෛවය දුන් නිළි වරමට ඔබ මනාපයි?
අනිවාර්යයෙන්ම. නිළියක් වෙන්න ලැබීම ගැන මම ඉන්නේ පුදුමාකාර සතුටකින්. එය ජීවිතය මට දුන් වාසනාවක්.
ඔබේ ව්‍යාපාර කලාව ගැනත් කතාකරමු?
රංගන කටයුතු අතර මගේ ඩාන්සින් ස්ටුඩියෝ එකෙත් සැලොන් එකෙත් වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා.
කාර්යබහුල බව අතරතුර යම් අතපසුවීම් සිදුවෙන තැන් නැතිද?
නැහැ. මම හැම දේම හරි ගානට බැලන්ස් කරගෙන යනවා.
අවසානෙට කියන්න යමක් තියෙනවද?
මට ප්‍රිය ප්‍රේක්ෂකයන් මට දක්වන ආදරයට ස්තුති කළ බව ලියන්න. හැමදාමත් මමත් ඔවුන්ට ආදරෙයි කියලා මෙතැනදී කියනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ඒ වින්දනයට මම ගොඩක් කැමතියි…! මේක ලෙහෙසි වැඩක් නෙමෙයි…! වචන දෙකක් කියලා කැමරාවට පේන්න ඉන්න එක රඟපෑම නෙවෙයි…! කළණ ගුණසේකර I Sri Lanka Latest News

Next Post

‘අපිට නුඹලා ඇහෙනවා… නමුත් විශ්වාස කරන්නේ නෑ’! ‘සිනහ මුහුණ’ ! ශ්‍රී ලංකාවේ දේශපාලන බලයට එරෙහි භයානක විසම්මුතිය! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.