• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අත්හරින්නම් බෑ… ඒක මගේ ඇඟේ තියෙන දෙයක්…! මේ මගේ අම්මගෙන් ලැබුණු දායාදය…! ජැක්සන් මාමාව මතක් නොකරපු දවසක් නෑ…! මම කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නෑ…! Sri Lanka Latest News

January 18, 2026
in Heart
Reading Time: 3 mins read
A A
අත්හරින්නම් බෑ… ඒක මගේ ඇඟේ තියෙන දෙයක්…! මේ මගේ අම්මගෙන් ලැබුණු දායාදය…! ජැක්සන් මාමාව මතක් නොකරපු දවසක් නෑ…! මම කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නෑ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා පැවැති රාජ්‍ය සම්මාන උළෙලේ 2021 වර්ෂයේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් තිසුරි යුවනිකා කාලයක් සිය රංගන ජීවිතයෙන් ඉවත්ව සිටි දක්ෂ රංගන ශිල්පිනියකි. ඇගේ දක්ෂ රංගන හැකියාව තුළින් ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය හරහා‍ නැවතත් ප්‍රේක්ෂකයින් අතරට ආ ඇය සමගයි අද ‘මව්රට හාට්’ අපේ කතාබහ.Sri Lanka Latest News

ඉතින් තිසුරි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මම ලංකාවේ නෙවෙයි ඉන්නේ. හස්බන්ඩ්ගේ වැඩ වගේකට විදෙස්ගත වෙලා ඉන්නේ. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි මෙහෙට ඇවිත්. ඉතින් එයාගේ වැඩවලට උදව් කරගෙන මේ ටිකේ ටිකක් විවේකීව ඉන්නවා.
2025 රාජ්‍ය සම්මාන උළෙලේ 2021 වර්ෂයට හොඳම නිළියට හිමි සමානය ඔබට ලැබුණා?
ඇත්තටම ගොඩක් සතුටුයි. ‘වලාකුළු දොරින් ගලන්න’ ටෙලිනාට්‍යයේ සඳුනිගේ චරිතයට තමයි මට මේ සම්මානය ලැබුණේ. සම්මානයක් කියන්නේ ඕනෙම රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට එයාගේ මහන්සියට ලැබෙන ප්‍රතිඵලයක්. ඕනෙම සම්මානයක් ලොකු උත්තේජනයක්. අහිංසක ආඩම්බරයක්. මට ඔය සම්මානය තවත් විශේෂයි. මොකද මම 2020 ඉඳලා රංගනයෙන් ටිකක් ඈත් වුණා. කලින් කරපු ටෙලිනාට්‍යයකට සම්මානයක් හිමිවීමත් මේ දවස්වල රංගනයෙන් ඈත් වෙලා ඉන්නකොටත් සම්මානයක් ලැබීමත් මට තවත් විශේෂ දෙයක් වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. හොඳම නිළිය සම්මානය මට මේ හතරවැනි වතාවට ලැබුණේ. රංගන ශිල්පිනියක් විදිහට මට ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්.
මෙවර ඔබේ සම්මානය ලබාගත්තේ ඔබේ පියා?
ඔව් තාත්තා තමයි මං වෙනුවෙන් ගියේ. ඒකත් මං කිව්වා වගේම මේ සම්මාන උළෙල මගේ ජීවිතේ අමතක නොවෙන දෙයක්. මොකද දරුවෙක්ගේ සතුටකදී සාර්ථකත්වයකදී මවුපියෝ තරම් සතුටු වෙන අය තවත් නෑ. ඉතින් මගේ තාත්තා මං වෙනුවෙන් ගිහින් මගේ සම්මානය ලබාගත්ත එකම මට සම්මානය ලැබුණටත් වඩා ලොකු සතුටක්. එයාගේ මූණේ ඒ වෙලාවේ තිබ්බ සතුට, මට කතා කරලා කිව්ව දේවල් ඒ හැමදේටම දරුවෙක් විදිහට මට තියෙන්නේ ලොකු සතුටක්.


‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය හරහා නැවත ඔබව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා නේද?
ඔව්. ඇත්තටම ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ අවුරුදු පහකින් විතර. මොකද මම අවුරුදු පහකින් විතර තමයි නැවත මේ චිත්‍රපටය හරහා රංගනයට එන්නේ. ධර්ම යුද්ධය 2 චිත්‍රපටයටත් මට ආරාධනා කරනකොට මම හරිම කැමැත්තෙන් ඒක භාරගත්තා. ධර්ම යුද්ධය කියන්නේ ගොඩක් සාර්ථක වුණු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ මගේ චරිතයට අදටත් මිනිස්සු ආදරේ කරනවා. ඉතින් ධර්ම යුද්ධය 2න් කාලෙකට පස්සේ මම මේ චිත්‍රපටයට සම්බන්ධ වීම හරිම සුන්දර අත්දැකීමක් වුණා මට. මම රංගනය ඇත්තටම නවත්වලා නෑ. මම පොඩි කොමාවක් තියලා තියෙන්නේ. ඉතින් මම ලංකාවට ආව කාලෙක මට හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම රංගනයට එකතු වෙනවා.
ඒ කියන්නේ කලින් වගේ අපිට නැවත තිසුරිව රංගන ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන්නේ නැද්ද?
නෑ. එහෙම නෙවෙයි. කලින් වෘත්තීය මට්ටමෙන් රංගනයේ නියැළුණු මම එක දිගටම රංගනය විතරමයි කළේ. ඇත්තටම මම ගත්ත විවේකයෙන් පස්සෙ ටිකක් කම්මැළි වෙලා තියෙන්නේ වැඩ කරන්න. මට රංගනය අත්හරින්න බැරි දෙයක්. මොකද ඒක මගේ ඇඟේ තියෙන දෙයක්. ඉතින් ඒක මං අත්හරින්නේ නෑ. කලින් වගේ ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැතුව තෝරා බේරාගෙන මම නිර්මාණ කරයි ඉස්සරහට.
ධර්ම යුද්ධය 1 චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර ධර්ම යුද්ධය 2 චිත්‍රපටය තුළ ඔබේ චරිතයට ලැබෙයිද?
දන්නේ නෑ ඇත්තටම ඒක. ඇත්තටම ඒක බලන්න වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අදහස් අනුව තමයි. පළවෙනි චිත්‍රපටය තුළ ප්‍රේක්ෂකයන්ට ලොකු කුතුහලයක් ගෙනාවා. දෙවැනි එකත් ඒ හා සමානවමයි තියෙන්නේ. මම හිතනවා මේ චිත්‍රපට දෙක දෙවිදිහක් කියලා. ඉතින් ප්‍රේක්ෂක ආදරය ධර්ම යුද්ධය එකට හා සමානවම ලැබෙයි කියලා මම හිතනවා. අපි බලමු මගේ චරිතය ප්‍රේක්ෂකයන් කොහොම වැලඳගනීවිද කියලා.
චිත්‍රපටය රූගත කිරීම් සිදුකරන අවස්ථාවල සිදුවුණු රසබර මතක එහෙම ඇති නේද?
රසබර මතක කියන්නේ ඇත්තටම ජැක්සන් මාමාව මතක් නොකරපු දවසක් නෑ. සමහර ලෝකේෂන්වලදි දිල්හානි ඇන්ටි, නංගි එක්ක අපි බිමල් අයියා එක්ක ඒ මතක ගැන කතා කර කර වැඩ කළා. පළමු චිත්‍රපටයේ ඇත්තටම අපි ගොඩාක් හරි නිදහසේ රූගත කිරීම් කළා. කොළඹ එනවා යනවා අඩුවුණා. දෙවැනි චිත්‍රපටය අසීමිත දින ප්‍රමාණයකින් කළේ. ධර්ම යුද්ධය 2 කළේ ගොඩක් කාලෙකට පස්සේ ධර්ම යුද්ධය 1 කරනකොට මම විවාහ වෙලා හිටියෙත් නෑ. ඉතින් මේ පාර ඒ ගැනත් විහිළු කර කර රූගත කිරීම් කළේ. කාලෙකින් ඒ සෙට්වලටම ගිහින් ඒ ආටිස්ට්ලා එක්කම රූගත කිරීම් කරන එක රසබර දෙයක් වුණා.
රංගනය කියන්නේ ඔබගේ මවගෙන් ලැබුණු දායාදයක් කිව්වොත්?
ඔව් අනිවාර්යයෙන්ම මගේ අම්මගෙන් ලැබුණු දායාදයක් රංගනය කියන්නේ. අම්මා නිසා මම රංගනයට සම්බන්ධ වෙන්නේ. නැත්නම් මම රංගනය කරන්නෙත් නෑ. මගේ ඇඟේ රංගනය කියලා දෙයක් තියෙනවා කියලා මම අඳුරගන්න එකකුත් නෑ. ඉතින් අම්මා නිසා රංගනයට ආවා. ඒක ඔපමට්ටම් කරගන්න අම්මා වගේම අධ්‍යක්ෂවරු රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ හැමෝගෙම උපදෙස් උදව් මට ලැබුණා. ඒ හරහා සුසන්තා චන්ද්‍රමාලිගේ දුව විදිහට ඇවිත් තිසුරි යුවනිකා කියන නම මට ප්‍රේක්ෂකයන් අතර හදාගන්න පුළුවන් වුණා. ප්‍රේක්ෂකයන්ගෙන් පුදුමාකාර ආදරයක් මට ලැබුණා. ඒ ඔක්කොම මට ලැබුණේ රංගනය නිසා.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?
හස්බන්ඩ්ගේ වැඩකටයුතු ඉවර වෙනකන් අපි විදෙස්ගත වෙලා ඉන්නවා. දිගටම අපි මෙහෙ ඉන්නේ නෑ. ලංකාවට එනවා. හෙට දවස ඇත්තටම අපිට කියන්න බෑ. මම කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නෑ. ඉතින් ඒ නිසා හැමදාම හිතේ තියෙන්නේ සතුටින් කාටවත් කරදරයක් නොවී හොඳින් ජීවත් වෙන්න.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

ලංකාවට ආ චීන විදේශ ඇමැති විජිත විතරක් හමුවෙලා අනුරව හමුනොවුණේ ඇයි? සාකච්ඡා තිබ්බ සුපිරි හෝටලය හැංගුවේ ඇයි! ‘මව්රට’ හෝටලය හොයාගත්තා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ඒ වින්දනයට මම ගොඩක් කැමතියි…! මේක ලෙහෙසි වැඩක් නෙමෙයි…! වචන දෙකක් කියලා කැමරාවට පේන්න ඉන්න එක රඟපෑම නෙවෙයි…! කළණ ගුණසේකර I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.