සෙල්ලම් කාර් සහ සෙල්ලම් තුවක්කුවලට ආශාවක් නැති පරිමි දරුවන් මෙලොව කොහිද සිටින්නේ? කුඩාම වයසේ සිට තරුණ වයස දක්වාම පිරිමි ළමයින් නිරන්තරයෙන්ම ආශා කරන්නේ කාර් සහ තුවක්කුවලටය. සෙල්ලම් බඩු කඩයකට ගිය විට ඔවුන් අතපත ගාන්නේ එවැනි සෙල්ලම් බඩුය. ඒ නිසාම ඔවුන්ට සැබෑ මෝටර් රථ හෝ සැබෑ තුවක්කු ලබාදුනහොත් එයටද ආශා නොකර සිටින්නේද? ලොව පිරිමි දරුවන් රැසක්ම අද ත්‍රස්තවාදීන් වී තුවක්කු අතට ගෙන ඇත්තේ මෙවැනි රුචිකත්වයකින් ඔවුන්ගේ මනස් වෙලාගෙන ඇති හෙයිනි.
අද ලොව රටවල් රැසක පිරිමි දරුවන් ළමා සොල්දාදුවන් සේ ත්‍රස්තවාදී හමුදාවන්ට බැඳී සිටියි. මෙයින් ශ්‍රී ලංකාවද අංක එකට තිබුණු දේශයක් විය. එහෙත් එම ශාපලත් යුද්ධය නිමාවුණු නිසා අප රටෙහි එම ශෝකී දසුන් අද දක්නට නැත. එහෙත් ලොව රටවල් රැසක මේ වන විටද මෙම අහිංසක දරුවන් ගිලගත් කුරිරු ත්‍රස්තවාදය දක්නට ඇත. මෙසේ ළමා ත්‍රස්තවාදීන් සිටින නව රටක් ලෙස පසුගියදා වාර්තා වූයේ කාශ්මීර දේශයයි. පාකිස්තානය සහ ඉන්දියාවට මායිම්ව ඇති කාශ්මීරයේ කොටස් දෙකක් පාකිස්තානය සහ ඉන්දියාව විසින් පරිපාලනය කරයි. වසර 70ක් පුරා මහත් අර්බුදකාරී වාතාවරණයක් මෙම රටෙහි පවතින අතර පසුගියදා ඒ හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය යුධමය අරගලයකද පැටලෙන්නට වූයේය. මෙය දිනෙන් දිනම උත්සන්න වන විශාල අර්බුදකාරී තත්ත්වයකි.
වාර්තමානයේ කාශ්මීරයේ සිටින සටන්කාමීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු පිරිමි දරුවන් බැව් වාර්තාවී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් පිරිමි ළමයින් විශාල ප්‍රමාණයක් මේ වන විට කාශ්මීරය තුළ ආයුධ අතට ගෙන විවිධ සන්නද්ධ අරගලවලට යොමුවී ඇත. හිස්බුල් මුජාහිදීන් නමැති ත්‍රස්ත සංවිධානය ප්‍රධානව තවත් ත්‍රස්ත සංවිධාන කිහිපයකම මෙවැනි පාසල් වයසේ දරුවන් රාශියක් ළමා සොල්දාදුවන් ලෙස සේවය කරති. මොවුන් බලහත්කාරයෙන් සහ ස්වකැමැත්තෙන් මෙම සංවිධානවලට බඳවාගත් අය වෙති.
පැරිස් ප්‍රඥප්තියට අනුව හමුදාවකට හෝ ඕනෑම ආයුධ සන්නද්ධ සංවිධානයකට බැඳී සිටින වයස අවුරුදු 18ට අඩු පිරිමි හෝ ගැහැනු ළමයකු හඳුන්වනු ලබන්නේ ළමා සොල්දාදුවකු වශයෙනි. මෙම ළමයින් බඳවාගනු ලබන්නේ යුධ සටන්කරුවන් වශයෙන් මෙන්ම ඔත්තුකරුවන්, පණිවුඩකරුවන්, බඩුබාහිරාදිය රැගෙන යන්නන්, කෝකියන්, අත්උදව්කරුවන් සහ ලිංගික ශ්‍රමිකයන් ලෙසිනි. ප්‍රංශයේ පැරිස් නුවරදී 2007 වසරේදී ආරම්භ කරන ලද “යුද්ධයෙන් දරුවන් නිදහස් කරනු” :ත්‍රුැ ක්‍යසකාරුබ රෙදප උ්ර* නමැති තේමාවෙන් යුත් ජාත්‍යන්තර සමුළුවේදී මෙම සාධක පෙන්වාදී ඇති අතර එම සමුළුව සංවිධාන කරනු ලැබුවේ යුනිසෙෆ් :ඹභෂක්‍ෑත්* සංවිධානය විසිනි. සමුළුවෙන් පසු වසර 10ක කාලයක් පුරා ලෝකයේ රටවල් 105ක් ළමා සොල්දාදුවන් බඳවාගැනීමේ ක්‍රියාවලීන්ට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එසේම නිර්දේශයන්ද පිළිගෙන ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරේස් මෙම වාර්තාව තුළින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට කාශ්මීරයේ හමුදාමය සන්නද්ධ අරගල හේතුවෙන් ළමා සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී හෝ ශාරීරික අනතුරුවලට ලක්වී ඇති බැව්ය. එසේ වුවත් මෙවැනි දරුවන් හැකි අයුරින් ආරක්ෂා කරගැනීමට මේ වන විට කාශ්මීර රජය ගෙන ඇති ක්‍රියාමාර්ගද යම් ආකාරයකින් ඔහුගේ පැසසුමට ලක්වී ඇත.
“දරුවන් ආරක්ෂා කරගැනීමේ ජාතික කොමිසම” හරහා මෙම කටයුතු සිදුකෙරෙන අතර සන්නද්ධ අරගලයට දරුවන් බඳවාගන්නා ත්‍රස්ත සංවිධාන කෙරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උපරිම සහාය ලබාදෙන බවටද ගුටාරේස් පොරොන්දුවී ඇත.
2018 එක්සත් ජාතීන්ගේ එම වාර්තාවට අනුව වයස අවුරුදු 14 සිට පිරිමි ළමයින් කාශ්මීර සන්නද්ධ කල්ලිවලට බඳවාගෙන ඇත. හිස්බුල් මුජාහිදීන් :්‍යස‘ඉමක ඵමව්යසාැැබ, අන්සාර් ගස්වැට්-උල්-හින්ඞ් :්බි්ර ඨය්‘අ්එ-ඹඛ-්‍යසබා සහ ලෂ්කාර් ඊ-ටායිබා :ඛ්ියන්ර-ෑ-ඕහහසඉ්* නමැති සන්නද්ධ ත්‍රස්ත කල්ලිවලට මෙසේ ළමා සොල්දාදුවන් බඳවාගෙන ඇත. මෙසේ ළමයින් සොල්දාදුවන් බවට පත්වීම ගැන ඉන්දියානු යුධ හමුදාව වගකිව යුතු යැයිද පාකිස්තාන යුධ හමුදාව චෝදනා කර සිටියි. එහෙත් ඉන්දියානු හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
දැන් රජයට සහ අනෙකුත් වගකිව යුතු අංශවලට විශාල අභියෝගයක් වී ඇත්තේ මෙසේ අන්තගාමී (රැඩිකල්වාදී) දරුවන් එයින් මුදාගන්නේ කෙසේද යන්නය. එක් කාශ්මීර අධ්‍යාපන වියතකු ප්‍රකාශ කර ඇත්තේ අද එහි දරුවන් රැසක් ශරියා ධර්මය සහ දේව රාජ්‍යය ගැන කතාකරන බවයි. මේ නිසා දරුවන්ගේ මවුපියන් තම දරුවන් ගැන දැඩි අවධානය යොමුකළ යුතු බැව් ඔහු පෙන්වාදී ඇත. දැන් ආයුධ සන්නද්ධ මෙම දරුවන් මුලදී සිදුකර ඇත්තේ හමුදාවන්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමය. එහෙත් අද වන විට ඔවුන් බියකරු අවි ආයුධ අතින් ගත් සටන්කාමීන්ය, ත්‍රස්තවාදීන්ය.