• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කාශ්මීර ළමයින්ගේ අත්වලටත් තුවක්කු – -විදෙස් විත්ති

August 30, 2019
in Politics
Reading Time: 1 min read
A A
කාශ්මීර ළමයින්ගේ අත්වලටත් තුවක්කු – -විදෙස් විත්ති
Share on WhatsAppShare on Facebook

සෙල්ලම් කාර් සහ සෙල්ලම් තුවක්කුවලට ආශාවක් නැති පරිමි දරුවන් මෙලොව කොහිද සිටින්නේ? කුඩාම වයසේ සිට තරුණ වයස දක්වාම පිරිමි ළමයින් නිරන්තරයෙන්ම ආශා කරන්නේ කාර් සහ තුවක්කුවලටය. සෙල්ලම් බඩු කඩයකට ගිය විට ඔවුන් අතපත ගාන්නේ එවැනි සෙල්ලම් බඩුය. ඒ නිසාම ඔවුන්ට සැබෑ මෝටර් රථ හෝ සැබෑ තුවක්කු ලබාදුනහොත් එයටද ආශා නොකර සිටින්නේද? ලොව පිරිමි දරුවන් රැසක්ම අද ත්‍රස්තවාදීන් වී තුවක්කු අතට ගෙන ඇත්තේ මෙවැනි රුචිකත්වයකින් ඔවුන්ගේ මනස් වෙලාගෙන ඇති හෙයිනි.
අද ලොව රටවල් රැසක පිරිමි දරුවන් ළමා සොල්දාදුවන් සේ ත්‍රස්තවාදී හමුදාවන්ට බැඳී සිටියි. මෙයින් ශ්‍රී ලංකාවද අංක එකට තිබුණු දේශයක් විය. එහෙත් එම ශාපලත් යුද්ධය නිමාවුණු නිසා අප රටෙහි එම ශෝකී දසුන් අද දක්නට නැත. එහෙත් ලොව රටවල් රැසක මේ වන විටද මෙම අහිංසක දරුවන් ගිලගත් කුරිරු ත්‍රස්තවාදය දක්නට ඇත. මෙසේ ළමා ත්‍රස්තවාදීන් සිටින නව රටක් ලෙස පසුගියදා වාර්තා වූයේ කාශ්මීර දේශයයි. පාකිස්තානය සහ ඉන්දියාවට මායිම්ව ඇති කාශ්මීරයේ කොටස් දෙකක් පාකිස්තානය සහ ඉන්දියාව විසින් පරිපාලනය කරයි. වසර 70ක් පුරා මහත් අර්බුදකාරී වාතාවරණයක් මෙම රටෙහි පවතින අතර පසුගියදා ඒ හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය යුධමය අරගලයකද පැටලෙන්නට වූයේය. මෙය දිනෙන් දිනම උත්සන්න වන විශාල අර්බුදකාරී තත්ත්වයකි.
වාර්තමානයේ කාශ්මීරයේ සිටින සටන්කාමීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු පිරිමි දරුවන් බැව් වාර්තාවී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් පිරිමි ළමයින් විශාල ප්‍රමාණයක් මේ වන විට කාශ්මීරය තුළ ආයුධ අතට ගෙන විවිධ සන්නද්ධ අරගලවලට යොමුවී ඇත. හිස්බුල් මුජාහිදීන් නමැති ත්‍රස්ත සංවිධානය ප්‍රධානව තවත් ත්‍රස්ත සංවිධාන කිහිපයකම මෙවැනි පාසල් වයසේ දරුවන් රාශියක් ළමා සොල්දාදුවන් ලෙස සේවය කරති. මොවුන් බලහත්කාරයෙන් සහ ස්වකැමැත්තෙන් මෙම සංවිධානවලට බඳවාගත් අය වෙති.
පැරිස් ප්‍රඥප්තියට අනුව හමුදාවකට හෝ ඕනෑම ආයුධ සන්නද්ධ සංවිධානයකට බැඳී සිටින වයස අවුරුදු 18ට අඩු පිරිමි හෝ ගැහැනු ළමයකු හඳුන්වනු ලබන්නේ ළමා සොල්දාදුවකු වශයෙනි. මෙම ළමයින් බඳවාගනු ලබන්නේ යුධ සටන්කරුවන් වශයෙන් මෙන්ම ඔත්තුකරුවන්, පණිවුඩකරුවන්, බඩුබාහිරාදිය රැගෙන යන්නන්, කෝකියන්, අත්උදව්කරුවන් සහ ලිංගික ශ්‍රමිකයන් ලෙසිනි. ප්‍රංශයේ පැරිස් නුවරදී 2007 වසරේදී ආරම්භ කරන ලද “යුද්ධයෙන් දරුවන් නිදහස් කරනු” :ත්‍රුැ ක්‍යසකාරුබ රෙදප උ්ර* නමැති තේමාවෙන් යුත් ජාත්‍යන්තර සමුළුවේදී මෙම සාධක පෙන්වාදී ඇති අතර එම සමුළුව සංවිධාන කරනු ලැබුවේ යුනිසෙෆ් :ඹභෂක්‍ෑත්‍* සංවිධානය විසිනි. සමුළුවෙන් පසු වසර 10ක කාලයක් පුරා ලෝකයේ රටවල් 105ක් ළමා සොල්දාදුවන් බඳවාගැනීමේ ක්‍රියාවලීන්ට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එසේම නිර්දේශයන්ද පිළිගෙන ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරේස් මෙම වාර්තාව තුළින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට කාශ්මීරයේ හමුදාමය සන්නද්ධ අරගල හේතුවෙන් ළමා සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී හෝ ශාරීරික අනතුරුවලට ලක්වී ඇති බැව්ය. එසේ වුවත් මෙවැනි දරුවන් හැකි අයුරින් ආරක්ෂා කරගැනීමට මේ වන විට කාශ්මීර රජය ගෙන ඇති ක්‍රියාමාර්ගද යම් ආකාරයකින් ඔහුගේ පැසසුමට ලක්වී ඇත.
“දරුවන් ආරක්ෂා කරගැනීමේ ජාතික කොමිසම” හරහා මෙම කටයුතු සිදුකෙරෙන අතර සන්නද්ධ අරගලයට දරුවන් බඳවාගන්නා ත්‍රස්ත සංවිධාන කෙරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උපරිම සහාය ලබාදෙන බවටද ගුටාරේස් පොරොන්දුවී ඇත.
2018 එක්සත් ජාතීන්ගේ එම වාර්තාවට අනුව වයස අවුරුදු 14 සිට පිරිමි ළමයින් කාශ්මීර සන්නද්ධ කල්ලිවලට බඳවාගෙන ඇත. හිස්බුල් මුජාහිදීන් :්‍යස‘ඉමක ඵමව්යසාැැබ, අන්සාර් ගස්වැට්-උල්-හින්ඞ් :්බි්ර ඨය්‘අ්එ-ඹඛ-්‍යසබා සහ ලෂ්කාර් ඊ-ටායිබා :ඛ්ියන්ර-ෑ-ඕහහසඉ්* නමැති සන්නද්ධ ත්‍රස්ත කල්ලිවලට මෙසේ ළමා සොල්දාදුවන් බඳවාගෙන ඇත. මෙසේ ළමයින් සොල්දාදුවන් බවට පත්වීම ගැන ඉන්දියානු යුධ හමුදාව වගකිව යුතු යැයිද පාකිස්තාන යුධ හමුදාව චෝදනා කර සිටියි. එහෙත් ඉන්දියානු හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
දැන් රජයට සහ අනෙකුත් වගකිව යුතු අංශවලට විශාල අභියෝගයක් වී ඇත්තේ මෙසේ අන්තගාමී (රැඩිකල්වාදී) දරුවන් එයින් මුදාගන්නේ කෙසේද යන්නය. එක් කාශ්මීර අධ්‍යාපන වියතකු ප්‍රකාශ කර ඇත්තේ අද එහි දරුවන් රැසක් ශරියා ධර්මය සහ දේව රාජ්‍යය ගැන කතාකරන බවයි. මේ නිසා දරුවන්ගේ මවුපියන් තම දරුවන් ගැන දැඩි අවධානය යොමුකළ යුතු බැව් ඔහු පෙන්වාදී ඇත. දැන් ආයුධ සන්නද්ධ මෙම දරුවන් මුලදී සිදුකර ඇත්තේ හමුදාවන්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමය. එහෙත් අද වන විට ඔවුන් බියකරු අවි ආයුධ අතින් ගත් සටන්කාමීන්ය, ත්‍රස්තවාදීන්ය.

SendShareShare
Previous Post

රනිල්ගෙන් කමිටුවක් නෑ: වාර්තාවක් ඉල්ලලා විතරයි

Next Post

හකීම් හදිසියේම ‌‌‌ගෝඨාගේ ‌ගෙදර ගිහින්

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.