රුපියල් පනස් දෙලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් 01/01 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කටයුතු වල නිරත විවාහක යුවළකි.
ඔවුන් 01/01 දින අලුයම 12.45 ට ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ , විදේශීය නිෂ්පාදිත
” ප්ලැටිනම්” වර්ගයේ සහ “එසේ ” නැමති වර්ග වල දුම්වැටි 35,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 175 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .













