ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ ඇමති මණ්ඩලය එළඹෙන සදුදා (10) දිනයේ මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම ඇමති මණ්ඩලය 26 දෙනකුට සීමාවනු ඇතැයි රජයේ රජයේ ආරංචි මාර්ග කියා සිටියි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට (09) වැනිදා කැළණිය විහාරස්ථානයේදී නැවත දිවුරුම් දීමට නියමිතය.
එළඹෙන 20 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කර තිබේ.










