• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජාතියට – ආගමට පහර ගහන්නේ නැති ඕනෑම දෙයක් මම කරනවා

August 8, 2020
in Heart
Reading Time: 1 min read
A A
ජාතියට – ආගමට පහර ගහන්නේ නැති ඕනෑම දෙයක් මම කරනවා
Share on WhatsAppShare on Facebook

ෆ්ලෑෂ්බැක් ස්ටයිල්… ප්‍රාසාංග වේදිකාවේ අපිට නිතර අහන්න ලැබෙන වචනයක්. වචනින් විතරක් නෙවෙයි වැඩවලිනුන් ලංකාවේ ප්‍රාසාංගික වේදිකාව වෙනස්ම ආකාරයකට ගෙනගිය සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බැක්. නව හැඩයක් වගේම තම ජනප්‍රියත්වය එකසේ පවත්වාගෙන යමින් කිසිදු සංගීත කණ්ඩායමකට අභියෝගයක් කළ නොහැකි ලෙස ෆ්ලෑෂ්බැක් අද පත්වී හමාරයි. ෆ්ලෑෂ්බැක්හි නියමු රොෂාන් ප්‍රනාන්දු වර්තමාන ප්‍රාසාංගික ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටලු සහ මේ මොහොතේ සංගීතයේ ගමන්මග ගැන අපට අදහස් දැක්වූයේ මේ අයුරින්.
මේ දවස්වල රූපවාහිනියෙ අලුත් වැඩක් කරගෙන යනව නේද?
මේ වෙලාවෙ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපේ ප්‍රාසාංගික කලාකරුවන් ලොකු ප්‍රශ්නෙකට මුහුණදීල තියෙනවා. රටේ අනෙක් වෘත්තීන් මේ වෙද්දි නිදහසේ වැඩ කරගෙන යද්දි අපේ ක්ෂේත්‍රයෙ වැඩ තාමත් පටන් ගන්න අවස්ථාවක් ලැබිල නෑ. අපි වැඩ කරන්නෙ බොහෝ පිරිසක් එක්රැස් වෙන ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ නිසා තමයි තවමත් මේ ගැටලුවට මුහුණදීල තියෙන්නෙ. මේ තත්ත්වය නිසා ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය විදියට අපි රජයෙන් ඉල්ලීමක් කළා රාජ්‍ය නාළිකා දෙකෙන් අපිට අවස්ථාවක් දෙන්න කියල. ඒ ඉල්ලීමට අනුව රාජ්‍ය නාළිකා දෙකෙන් අපිට චාන්ස් එකක් ලැබුණ ප්‍රාසාංගික වැඩසටහන් දෙකක් කරන්න. මේ දවස්වල කාර්යබහුල ඒ වැඩත් එක්ක තමයි.
ඇයි හදිසියේම සංගමයක් පිහිටුවන්න හිතුවෙ?
ඇත්තටම අපි කරුණු තුනක් මුල්කරගෙන තමයි ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය පිහිටුවන්න හේතුවුණේ. පළමුවැනි එක තමයි ප්‍රාසාංගික කලාව කර්මාන්තයක් විදිහට නීතිගත කරගන්න එක. දෙවැනි එක තමයි කලාකරුවන්ගේ වෘත්තීමය තත්ත්වය පවත්වාගෙන යෑම. අනිත් එක තමයි කලාකරුවන්ගේ මූල්‍යමය තත්ත්වය වැඩිදියුණු කරන්න. ඔය විදියට කලාකරුවන්ගේ ජීවිතය යම් විදියට සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් හදාගන්න තමයි අපි මේකෙන් උත්සාහ කරන්නෙ.
මෑතකදි ඔබ ‘ඩ්‍රයිව් ඉන් කොන්සට්’ එකක් කළා?
කුරුණෑගල, මාවතගම සහ තිස්සමහාරාමයෙ ඩ්‍රයිව් ඉන් කොන්සට් දෙකක් කළා. ඊට අමතරව අගෝස්තු අන්තිම ‘ෆ්ලෑෂ්බැක් ලයිව් ඉන් කොන්ස්ට්’ කියල කටුනායක බී.ඕ.අයි. ග්‍රවුන්ඞ් එකේ තව එකක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නව.
‘ඩ්‍රයිව් ඉන් කොන්සට්’ කියන්නෙ පිටරටින් ලංකාවට ආපු අලුත්ම සංකල්පයක්. ඒක ලංකාවට ගැළපෙනව කියල හිතනවද?
මම හිතන්නෙ මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ඒ සංකල්පය ලංකාවට ගැළපෙනව. නමුත් මේක ගොඩක් දිගට ඇදගෙන යන්න පුළුවන් කන්සෙප්ට් එකක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ ෂෝ එකක් බලන්න එන ක්‍රවුඞ් එකත් එක්ක වාහනවලින් ග්‍රවුන්ඞ් එක පුරවපුහම සීමිත පිරිසකට විතරයි ඒ අත්දැකීම ගන්න පුළුවන් වෙන්නෙ. ඒත් මං හිතන විදිහට මේ වෙලාවෙ අපිට තියෙන හොඳම විකල්පය මේක.
පසුගිය කාලෙ දේශපාලකයන්ට වැඩිම තේමා ගී ප්‍රමාණයක් නිර්මාණය කළේ ඔබද?
ඒක නම් මම හරියට දන්නෙ නෑ. හැබැයි මම මේ මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලනඥයන්ට තේමා ගී හයක් විතර නිර්මාණය කළා.
දේශපාලනඥයන්ට ගීත නිර්මාණය කරද්දි පක්ෂ බේද බලන්නෙ නැද්ද?
නෑ. ඒක මගේ ජොබ් එක. වෘත්තීමය සංගීත ශිල්පියෙක් විදියට ආගමකට, ජාතියකට, සංස්කෘතියකට පහර ගහන්නෙ නැති ඕනෑම නිර්මාණයකට මම දායක වෙනව.
මේ වෙනකොට කලාකාරයො බොහෝදෙනෙක් දේශපාලනය සමඟ ඍජුව සම්බන්ධ වෙලා වැඩ කරනව. ඒ ගැන ඔබ මොන විදියටද දකින්නෙ?
කලාකාරයෙක් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්ට වැඩිය සමාජයේ පිළිගැනීමක් තියෙන කෙනෙක්. ඒ වගේම කලාකාරයෙක්ට සමාජයට පණිවුඩයක් හරි ඉක්මනට ගෙනියන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕනෙ එහෙම දේශපාලනයට එන අය එන්නෙ ඇත්තටම රටට, ජාතියට, මහජනතාවට වැඩක් කරන්නද එහෙමත් නැත්නම් තමන්ගෙ පෞද්ගලික වාසි සඳහාද කියන එක. තමන් විතරක් ගොඩ යන්න කලාකාරයො විතරක් නෙමෙයි මොන ක්ෂේත්‍රයකින් කවුරු ආවත් මේ රටට වැඩක් වෙන්නෙ නෑ.
ඔබත් ‘ආඩම්බරකාරී’ කියල මියුසික් වීඩියෝ එකක් කළා. කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාර?
ඒ මියුසික් වීඩියෝ එක ලක්ෂ 5ක් යූටියුබ් හරහා බලල තිබුණ. අලුත් විදියට යමක් කරන්න තමයි මම ඒකෙන් උත්සාහ කළේ. ඇත්තටම මේ වෙද්දි ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනව.
ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
ඉදිරියෙදි ෆ්ලෑෂ්බැක් බෑන්ඞ් එකේ අලුත් සින්දුවක් කරන්න හිතාගෙන ඉන්නව. ඊට අමතරව මගෙත් අලුත් නිර්මාණ කිහිපයකුත් ඉදිරියෙදි දැකගන්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

අතරමග නතර නොවී ගෙයක් හදන විදිහ

Next Post

බැසිල් හරියටම රෑ 11.59ට නැගිටියි (රාජ්‍ය රහස්)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.