මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අග්‍රාමාත්‍යවරයා මනාප 527,364ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. මෙය ලංකා ඉතිහාසයයේ අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි. මැතිවරණය නිතියට අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් විමට නියමිතව තිබුනේ අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12ටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එදින ස්වාධීන රූපවාහිනියේ දේශපාලන සාකච්ඡාවකට එක්ව සිටියේය. මෙම සාකච්ඡාව රූපවාහිනී නාලිකා තුනක් එක්ව විකාශනය කළ අතර ඊට හේතුවූවේ බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට පෙරාතුව ඉලක්කම් සහිතව මැතිවරණ ප්‍රතිඵල සදහන් කරන බවට ඇති විශ්වාසය නිසයි.
බැසිල් රාජපක්ෂ මහතා රාත්‍රී 10 වන විට සාකච්ඡාව සඳහා වාඩිවන ගමන් ප්‍රකාශ කලේ “මැතිවරණ නීති රීතිවලට අනුගතව අපි මේ මැතිවරණය මෙහෙයවූවා. අවසාන මොහොතේ ඊට කැළලක් එකතු වෙන්න දෙන්න බැහැ. ඒ නිසා හරියටම 11.59ට මට මතක් කරන්න. මම මේ සීට් එකෙන් නැගිටිනවා.” යනුවෙනි.
කී ආකාරයටම දේශපාලන සාකච්ඡාව සදහා එක් වූ බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ ගණන් හිලව් ප්‍රකාශ කිරීමෙන් පසුව 11.59ට ආසනයෙන් නැගී සිටියේය.
දේශපාලන සාකච්ඡාව පැවැති ස්ථානයෙන් පිටතට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා “මම අයි.ටී.එන්. එකට ආවේ කාලෙකින්. ඒ නිසා තේ එකකුත් බීලම යමු ” කියා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ නිල කාමරයට පැමිණීයේය. මේ වන විට වේලාව රාත්‍රී 12 පසුව තිබිණි. ඒ අවස්ථාවේ තවත් නාලිකාවක වැඩසටහනක් විකාශනය වෙමින් පැවැති අතර එහි සිටියේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි.