• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වවුනියාවේ සැඟවුණු හාස්කම් පිරි පුදබිම

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වවුනියාවේ සැඟවුණු හාස්කම් පිරි පුදබිම
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර යුගය තෙක්ම දිවයන ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය පිහිටා ඇත්තේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිවයිතකල්ලු, පෙරියකුලම් ප්‍රදේශයේය. වර්ග මීටර් 22,500ක පමණ ප්‍රදේශයක් පුරා විසිරී ඇති මේ පුණ්‍ය භූමියේ මායිම වන්නේ වර්තමානයේ චමලන්කුලම වැව ලෙස හැඳින්වෙන සමනල වැවෙනි. අලි ඇතුන් ඇතුළු සතා සිවුපාවුන් වාසය කරන නිස්කලංක පෙදෙසක පිහිටි මේ පින්බිමට ඇතුළුවන ඕනෑම කෙනකුගේ සිත නිවී පහන් වන්නේ නිරායාසයෙනි.

පැරැණි ගඩොල් සහ පැරැණි පෙති උළු, වළං කැබැලි, තැන තැන විසිරී ඇති ස්තූපය, පොහොය ගෙය සහ පිළිම ගෙය පැහැදිලිව හඳුනාගත හැකි මේ බොදු බිම මෙරට තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් පබ්බතාරාම සිද්ධස්ථානයක් බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම ක්‍රි.ව. 01- 03 සියවස්වල මුල් ඓතිහාසික යුගයට අයත් නටබුන් සහිත සුවිශේෂ බොදු බිමක් ලෙස මෙම ස්ථානය නම්කර තිබේ. එම බොදු බිම වටා දිය අගලක්ද තිබූ බවට සාධක හමුවී තිබෙන අතර එම දිය අගලට ජලය ගලාවිත් ඇත්තේ සපුමල්ගස්කඩ බොදු බිම කෙළවරේ පිහිටි සමනල වැවෙනි. මෙම පුණ්‍ය භූමිය දළදා වහන්සේ වැඩසිටි බවටද ජනප්‍රවාදයක් පවතින අතර අදටත් රාත්‍රී කාලයට මේ පුණ්‍ය භූමියෙන් පිරිත් හඬ ඇසෙන බවද ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයවී තිබේ.
එමෙන්ම සපුමල්ගස්කඩ පුණ්‍ය භූමිය වටා ඇති රක්ෂිත වනාන්තරය තුළ දඩයමේ නිරත පුද්ගලයන් සිටින නමුත් ඒ කිසිවකුට රාත්‍රී කාලයට මේ පුණ්‍ය භූමිය ආසන්නයේ සිටිය නොහැකි බවද ප්‍රදේශවාසීන් පවසන දෙයකි. වනාන්තරය තුළින් ඇසෙන නොයෙක් බිහිසුණු ශබ්ද සහ අද්භූත අත්වලින් තල්ලුකිරීම වැනි විවිධ බාධා අත්විඳීමට සිදුවන බවද ප්‍රදේශවාසීන් පවසන දෙයකි. මෙම අපූරු පින් බිමේ ගතකළ රාත්‍රියේදී අප මුහුණ දුන් අත්දැකීම්ද පුදුමඑළවනසුලුය. නමුත් ඒ සියලු අත්දැකීම් එකින් එක වචනයෙන් විස්තර කිරීම ඉතා අපහසුය.
සපුමල්ගස්කඩ පුදබිමේ පිළිමගෙය ආසන්නයේ තිබී හමුවූ බෝධිසත්ව පිළිමය සහ හිටි පිළිමය මේ වන විට තැන්පත් කර ඇත්තේ වවුනියාව කෞතුකාගාරය තුළය. වසර ගණනාවක් පුරා නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ පුදබිමේ තැනින් තැන හාරා ඇති වළවල් දැකීමෙන් හිත තුළ ඇතිවන්නේ කලකිරීමකි.

අතීතයේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්ව තිබූ සපුමල්ගස්කඩ පුණ්‍ය භූමිය හුදෙකලා වනගත ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ 1980 වසරෙන් පසුවය. එනම් ත්‍රස්තවාදී කලබල හේතුවෙන් වවුනියාවේ ජීවත් වූ සිංහල ජනතාව එම ප්‍රදේශ අතහැර යෑමත් සමඟය. සපුමල්ගස්කඩ පමණක් නොව වවුනියාව සහ උතුරු පළාතේ සිද්ධස්ථාන බොහොමයක් ඒ සමඟ අභාවයට ගොස් ඇත. අනුරාධපුර යුගයේ ඉතා සශ්‍රීක ප්‍රදේශයක් වූ වවුනියාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ජනතාව වාසය කර ඇති බවට සාක්ෂි හමුවී ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් ජීවත් වූවා යැයි සාක්ෂි හමුවූ ඒරුපොතාන, සෙට්ටිකුලම ආදී ස්ථාන රැසක් වවුනියාව අවට ඇත. ඊට අමතරව දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනකු ලෙස සැලකෙන නන්දිමිත්‍ර යෝධයාගේ නම සහිත සෙල්ලිපි බොහෝ ප්‍රමාණයක්ද වවුනියාව අවට ප්‍රදේශවලින් සොයාගෙන ඇත.

අනුරාධපුර රාජධානියට එල්ලවූ විදේශීය ආක්‍රමණත් සමඟ සිංහල රාජධානිය පොළොන්නරුවටත්, එතැනින් නිරිතදිග ප්‍රදේශයටත් සංක්‍රමණය වීම මත වවුනියාව සහ ඒ අවට ප්‍රදේශ වනගත තත්ත්වයට පත්විය. එමෙන්ම අනුරාධපුර අවට බොහෝ ස්ථාන නිසි පුරාවිද්‍යා පරීක්ෂණයන්ට ලක්වී ඇති නමුත් වවුනියාව සහ ඒ අවට ස්ථාන නිසි පුරාවිද්‍යා පරීක්ෂණයකට ලක්වී නැත. කෙසේ නමුත් 2009 වසරේදී යුද්ධය අවසන් වීමත් සමඟ සපුමල්ගස්කඩ ඇතුළු උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක් නැවත වරක් සැදැහැවතුන්ගේ ගෞරවාදරයට ලක්වී ඇත. එබැවින් උතුරු පළාතේ සංචාරයක නිරත වන අතරතුර මේ අපූරු පින්බිම වෙතද පැමිණීමට කාල වේලාවක් වෙන කරගතහොත් එය නිසැකවම අපූරු අත්දැකීමක් වනු ඇත.

දසුන් ප්‍රිය

SendShareShare
Previous Post

හාට් මල්සරා සොයා යයි

Next Post

ඉරුගල්බණ්ඩාර දෙවියන්ට පණදුන් මහකන්දෙ මිනිසා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

"ජේ.ආර්..ප්‍රේමදාස..චන්ද්‍රිකා අධිකරණයට අත ගැහුවේ නැහැ... මේ වැඩේ කරන්න එපා.." සුජීව සේනසිංහ

Read more
අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.