• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

50 දශකයේ ගම්පහින් මතුවුණු අමුතු නිකාය

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
50 දශකයේ ගම්පහින් මතුවුණු අමුතු නිකාය
Share on WhatsAppShare on Facebook

පනහ දශකය මෙරට වැදගත් දේවල් රාශියක් සිදුවූ කාලසීමාවකි. නවරත්න සාමි පෝක් සමුද්‍ර සන්ධිය පිහිනා එගොඩ වී වාර්තාවක් තැබීම ඒ අතරින් එක් ඓතිහාසික සිදුවීමකි. පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වූයේද පනස්පහේ වසරේය. සම්පූර්ණයෙන්ම අප රටට දර්ශනය වූ එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීමට රුසියන් විද්‍යාඥයන්ට මෙරටට ඒමට අවසර නොදීමෙන් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ වැදගත් පර්යේෂණයකට අවස්ථාව නොලැබී යෑම සමාජවාදී ලෝකයේ බලවත් කනස්සල්ලට හේතුවක් විය.

සියවස් එකහමාරක් අප රට ජයග්‍රහණය කරගෙන සිටි මහා බි්‍රතාන්‍යයේ කිරුළපලන් විසිඅට වැනි වියේ පසුවූ දෙවැනි එළිසබෙත් මහා රාජනිය පැමිණියේද 1954 අප්‍රේල් 19 වැනිදාය. ඒ වන විටත් ඉංග්‍රීසි උණුහුම පහව නොතිබුණු මේ රටේ වැඩිදෙනකුට මහ රැජන ලංකා පොළොවේ පය ගසා සිටි දින කිහිපය සිංහල අලුත් අවුරුදු ප්‍රීතිය ඉක්ම වූ සතුටුදායක කාල පරිච්ඡේදයක් විය. ඊට මාස කිහිපයකට පෙර 1953 අගෝස්තුවේ සිදුවූ හර්තාලයද අමතක නොවන සිද්ධියකි. හාල් මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් දිවයින පුරා පැවති ඒ කැරැල්ල අතර විශේෂ දෙයක් සිදුවූයේ ගාලු පාරේ ඇතැම් තැන්වල ජනතාව ළිප් බැඳගෙන ආප්ප, රොටී පිළිස්සීමය. එවැන්නක් ඉන් පෙර හෝ පසු සිදුවූ බවක් වාර්තා වී නැත. 1957 ජල ගැල්මද එම දශකයේ තවත් රට හෙල්ලූ සිද්ධියකි. 1958 වසරේ මැයි මස පැනනැඟුණු සිංහල – දෙමළ ජාතිවාදී අරගලයද තවත් විශේෂ සිදුවීමකි. ඒ කලක් තිස්සේ පැවති භාෂා ප්‍රශ්නය ඔඩුදිවීමේ උච්ඡතම අවස්ථාව විය. ටික කලක් රටේම අවධානය යොමු වීමට තවත් කරුණක් 1953 වසරේ පැනනැංගේය. ඒ හිටි අඩියේ පහළ වූ තාපස නිකායයි. ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික මහතකුගේ දහඅට හැවිරිදි පුත්‍රයා හිස මුඩුකොට තාපස වස්ත්‍රයක් ඇඳ පැවිදි වෙස් ගෙන පාත්‍රයක් අතැතිව තැනක් නියමයක් නොමැතිව මහමඟ සැරිසරන්නට විය. රාත්‍රියට පාළු සොහොන් පිටිවල නවාතැන් ගත් අතර, මෙය සැලවූ සැදැහැවතුන් රාත්‍රියට ගිලන්පස, උදයට හා දවාලට දානය පිළියෙල කර පිළිගැන්වූ අතර, තවුස් හිමියන් සසරේ දුක්ඛිතභාවය, ජීවිතයේ අනියතභාවය, පන්සල්වල වැඩසිටින හිමිවරුන්ට නිසි පිළිවෙත් නොතේරෙන හැටි පැහැදිලි කරන්නට විය. සැදැහැවතුන්ටද මේ තවුස් නම අලුත් අත්දැකීමක් විය. පැහැදීම නිසාම අනුගාමික පිරිස වැඩි වී එතුමන් වෙතින් තවුස් පැවිද්ද ලබා සසරින් මිදීමට පහසු මඟක් ලෙස සලකා කණ්ඩායම් වශයෙන් බෙදී රට පුරා සැරිසරන්නට පටන් ගත්හ.
පැවිදිව සැරිසරන ප්‍රධාන තවුස් නම මාස කිහිපයකට පසුව උපන් ගමට වැඩම කළ දින ගෞතම බුදුරදුන් කිඹුල්වතට වැඩම කළදා මෙන් විය. ගම්පහ දිශාවෙන් ඇරැඹුණු මේ තාපස නිකාය පිළිබඳ එදා කවිකොළකාරයන් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ජනාකීර්ණ තැන්වල අලෙවි කළ අතර, නොදන්නා බොහෝ දේ ජනතාව අතර පැතිරෙන්නට විය. පුවත්පත් මඟින්ද තරමක ප්‍රසිද්ධියක් ලැබිණි. මහා සංඝරත්නය මේ පිළිබඳ විරෝධයක් නොදැක්වුවත් ධර්ම දේශනාවලදී බුද්ධ කාලයේ සිට සංඝයා වහන්සේගේ ඇවතුම්-පැවතුම් පිළිබඳ නිවන් මඟ අවබෝධ කරගත් අයුරු පෙන්වා දුන්හ. ගුරුවරයකු නැති පැවිද්ද ප්‍රශ්නාර්ථයක් බව සැදැහැවතුන් ඉදිරියේ තැබූහ. මේ සියල්ලම වූයේ 1953 – 1954 කාලයේය. අද යුගයේ අය මේ ගැන අඳෝ සංසාරයක්වත් දන්නේ නැත.
තවුස් නිකාය ඇතිවී නැතිවී ගොස් දිගු කාලයකි. එදා ඒ ගැන ඇසූ දුටු අයට එවන් දෙයක් මතකයක් පමණි.

බිබිලේ වීගොඩ හේමපාල

SendShareShare
Previous Post

මෛත්‍රි-‌ගෝඨා-බැසිල් හමුවක

Next Post

හොරකමට තිත තියපු කොණ්ඩදෙණිය ගුරුකම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.