• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බුධ ඉන්න තැන හොඳද නරකද

August 1, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
බුධ ඉන්න තැන හොඳද නරකද
Share on WhatsAppShare on Facebook

ජන්ම කේන්දරයක බුධ ග්‍රහයා සිටින ස්ථානය අනුව එම ජන්මියාට ලැබෙන ප්‍රතිඵල හා ජන්මියාගෙ ස්වභාවය එකිනෙකට වෙනස් වෙයි. ඒ අනුව තම කේන්දරය පරීක්‍ෂකර බලන්නට ඔබට හැකිනම් එහි බුධ ‘බු’ යන්නෙන් සටහන් කර ඇති කොටුව කුමක්දැයි දැනගෙන පහතින් පලාපලය සොයාගන්න.
බුධ (මේෂ රාශියේ නම්)
බුධ, මේෂ රාශියට යහපත්ය. කතාවට දක්‍ෂ, ක්‍රියාශීලී අයෙකි. තම නිදහස අගයකොට සලකන අතරම නිදහසේ කරන, කියන කටයුතුවලට ප්‍රිය කරයි. කතාබහේදී නිතරම යමක් ඉගෙනීමටත්, දාර්ශනිකව අදහස් ප්‍රකාශ කිරීමටත් කැමැත්තක් දක්වයි. නීතියට ගරු කරන අතරම ඊට කැමැත්තක් දක්වයි. තමාගේ ආරක්‍ෂාවට වඩා අන් අයගේ ආරක්‍ෂාව ගැන සිතයි. මේ අයගේ විවාහය ඉක්මනින් සිදුවෙයි.
බුධ (වෘෂභ රාශියේ නම්)
මනස පිරිසුදුව, සැහැල්ලුවෙන් තබාගනී. කලබලයක් නැත. කිසිවක් ගැන සිතා කනස්සල්ලට පත්නොවන අතර, තම තීරණ යළි වෙනස් කරන්නට නොසිතයි. එසේම කිසිවිටෙක වැරැදි තීරණ නොගනී. කලාත්මක දේට ආශා කරයි. අන් අයගේ සිත් දිනා ගන්නට හැකි අයුරින් කතාබහ කරයි.
බුධ (මිථුන රාශියේ නම්)
නව නිර්මාණ බිහිකිරීමේ විශේෂ හැකියාවක් ඇත. පවතින සම්මතයට පිවිස යමක් කිරීමටත්, ඉදිරිපත් කිරීමට නිතර උත්සාහ කරයි. අලුත් දේ ඉගෙනීම ඉතා කැමැත්තෙන් කටයුතු කරන අතර, පොතපතට, සාහිත්‍යයට වැඩි ඇල්මක් දක්වයි. ලිවීමට ආශා කරයි. කතාවට දක්‍ෂය. සියල්ල නිසි පරිදි අවසන් කරයි. අන් අයගෙන් කඩාවඩා නොගනියි. සියල්ලන්ගේ සිත්දිනාගෙන කටයුතු කරයි.
බුධ (කටක රාශියේ නම්)
කපටිකම උපතින්ම උරුම වෙයි. උපායසහගතය. තමාට වාසියක් වෙන දේ හඳුනාගනී. සෑමවිටම තමාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සුක වෙයි. බිය, සැක, විශ්වාස නොකරයි. අන් අයගේ අදහස් තම මතයට හරවා ගන්නට සමත් වෙයි. කිසිවෙකුට නොරැවටෙන අතර, අන්‍යයන් රැවටීමට උපායශීලීය. කෙනකුට විරුද්ධ වෙන්නේද තමාට වාසියක් වේ නම් පමණි.
බුධ (සිංහ රාශියේ නම්)
නිතරම හරි දේ කරන්නට උත්සාහ කරයි. කෙළින් තීරණ ගැනීම නිසා අන්අය අතර ප්‍රසිද්ධියට පත්වෙයි. තවත් කෙනකුට යටත්වීමට කැමැත්තක් නැත. තමාට සමීප, තමා සමඟ සිටින අයට ආදරය කරයි. අන් අයට උදව් කිරීමට පසුබට නොවෙයි. අන්අය පාවා නොදෙයි. වරදක් දුටු තැන කෝපයට පත්වෙයි. මේ අයගේ අදහස් නිර්මාණාත්මකය. සැලසුම් සැකසීමේ දක්‍ෂයන්ය.
බුධ (කන්‍යා රාශියේ නම්)
පුහු ආඩම්බර නැත. නිහතමානීය. සත්‍යයට ගරු කරයි. කොතරම් බුද්ධිමත් වුවද තමා නොදන්නා දේ ඇති බව සිතයි. බොරු වැඩ කරන්නට කැමැති නැත. තම වාසිය, අවාසිය ගැන නොසිතා ඇත්ත කතා කරයි. මානුෂිකත්වයට තැනක් දෙයි. මුදල් පසුපස නොයන අතර, දියුණුව වුවද සිදුවන්නේ සෙමිනි.
බුධ (තුලා රාශියේ නම්)
කලබලයකින් තොරව කටයුතු කරන්නෙකි. සිත පිරිසුදුය. අන්අය සමඟ සුහදව කටයුතු කිරීමට උත්සාහ ගනියි. නිතරම පරීක්‍ෂාකාරීව තීරණ ගන්නා අතරම කෙනකුට යමක් පැහැදිලි කරදීමට උපන් හපනෙකි. නිසි විටෙක වැරැදි දෙයක් හොඳ යැයි කියන්නට ඉදිරිපත් නොවේ.
බුධ (වෘශ්චික රාශියේ නම්)
මේ අය ඕනෑම දෙයකට දක්‍ෂයන්ය. ක්‍රියාශීලී, කඩිසර ගතියක් ඇත. නිතරම සියල්ල දෙස බලන්නේ සැකයෙනි. තමා ගැන කියන්නට යන්නේ නැත. අන්අය කියන දේවල් එකහෙළා පිළිගන්නේද නැත. මේ අය තේරුම් ගැනීම පහසු නොවේ. බාහිර අලංකාරය ගැන වැඩි ආශාවක් නොදක්වයි.
බුධ (ධනු රාශියේ නම්)
මේ අයට ඕනෑම දෙයක් පිළිබඳව අවබෝධයක් ඇත. තම අදහස් ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ පිළිබඳව තර්ක, විතර්ක කර ජයගන්නටද සමත් වෙයි. ගුණයහපත්ය. කරුණාවන්තය. නිදහසට ප්‍රිය කරයි. තමාගෙන් වරදක් සිදුවෙනවාට කැමැති නැත.
බුධ (මකර රාශියේ නම්)
ආර්ථික දියුණුවට ආශා කරයි. අන් අය ගැන විශ්වාස කිරීමට එතරම් කැමැත්තක් නැත. තමාගේ වැරැදි, නොදකින අතර අන් අයගේ සුළු වැරැද්දත් දකී. මිල-මුදල් පසුපස හඹා යයි. තම ආරක්‍ෂාව සහ පරිස්සම උපරිමව තබාගන්නට උත්සාහ කරයි. උසස්, පහත් භේදය හිස මුදුනින් පිළිගන්නා අයෙකි.
බුධ (කුම්භ රාශියේ නම්)
මේ අයට තැනට සුදුසු නුවණ ඇත. මානුෂිකත්වයට තැන දෙමින් තැනට සුදුසු අයුරින් කටයුතු කරන්නට උත්සාහ කරයි. අන් අයගේ දුකට පිහිට වෙයි. තමාට ඇති එකම දෙය වුණත් අන් අයට දීමට මැලි නොවේ. තමාගේ සතුටට වඩා අන් අයගේ සතුට අගය කරයි.
බුධ (මීන රාශියේ නම්)
තැන්පත් පුද්ගලයෙක්ය. දුරදිග සොයා බැලීමට උනන්දුවක් නැත. ඕනෑම කාර්යයක් එක දිගට වුවද එකම වේගයකින් කරගෙන යයි. එහෙත් ඒ ගැන එතරම් උනන්දුවක් නොදක්වයි. ආධ්‍යාත්මිකව සිත දියුණුකර ගැනීමට නොහැකි වෙයි. මුල් කාලයේදී විවිධ දුක්කරදරවලට මුහුණ දුන්නද පසුකාලීනව සාර්ථක ජීවිතයක් ගෙන යෑමට වාසනාව ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ගැහැනියක නිසා විඳවපු ලෝකෙට ලොක්කා

Next Post

අංගම්පොර වැඩ දාන පුංචි වෙදහාමිනේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.