නාඩි ජ්‍යොතිෂයට අනුව ඕනෑම අවුරුද්දක නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට එළැඹෙන නොවැම්බර් මුල් සතිය (නොවැ. 01 සිට 09 වැනිදා දක්වා කාල සීමාව) කෙසේ ගතවේද යන්න විමසා බලමු.Sri Lanka Latest News
අංක විද්‍යානුකූලව ගත් කල 2025 වර්ෂය කුජ ග්‍රහයාට අයත් වර්ෂයක් ලෙස අපට හඳුන්වා දිය හැකි අතර, නොවැම්බර් මාසය සඳු ග්‍රහයා නියෝජනය කරයි. ඒ අනුව මෙම මාසය පුරාම මේ කුජ, සඳු ග්‍රහයන්ගේ ග්‍රහ බලපෑමට පුද්ගලයන් නතු වෙයි.
නොවැම්බර් මාසයේ ඉපදුණු පුද්ගලයන්ට මෙම ඉදිරි සතිය තරමක් දුරට වෙහෙසකාරී බවක් දක්නට පුළුවන. ඒ හා බැඳුණු මානසික අවපීඩන තත්ත්වයන් වඩා ඉස්මතු වීමට ඉඩකඩ පවතී. එකිනෙකා නුරුස්සන ගති පවා ඇති වීමට පුළුවන. නමුත් තමන්ගේ මෙම ගති පැවතුම්වල ඇතිවන වෙනස් වීම් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන පුද්ගලයන්ට මෙම තත්ත්ව මඟහරවා ගැනීමට නිසැකවම ඉඩ ප්‍රස්තාව උදාවේ. තම විනෝදාංශවලට වැඩිපුර හිත යෙදවීමත් ඔවුන්ට මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට හා ගතට සිතට දැනෙන විඩාබර ගතියන් මඟහරවා ගත හැක.
එසේම මෙම මාසය ස්වාභාවික විපත් වැඩිපුර සිදුවන මාසයකි. එම නිසා තද වැසි සුළං ආදියෙන් මෙම පුද්ගලයන්ට හානි සිදුවීමට ඉඩ පවතී. විශේෂයෙන්ම ගස් කඩා වැටී සිදුවන හානි බහුල වීමට ඉඩ පවතී. එම නිසා නිවාස ආශ්‍රිතව පවතින ගස් හෝ ඒවායේ අතු කපා දැමීමෙන් නිවාස ආරක්ෂා කර ගැනීම වඩා සුදුසුය. මන්ද මොවුන්ට නිවාස හෝ දේපොළ හානි තදබල ලෙස ඉදිරි සතිය තුළදී සිදුවීමට ඉඩ පවතී.
විදේශගත මිතුරකුගේ හෝ හිතවතකුගේ නැවත පැවිණීම අපේක්ෂා කළ හැකිය. එසේම ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමේ භාග්‍යයද උදාවේ. නව ව්‍යාපාර අවස්ථා සඳහා මංපෙත් විවර වේ. ඒවායින් වැඩිපුර ලාභ ලැබේ. රැකී රක්ෂාවන්වල නියුතු අයට නම් මේ සතිය තුළ ආයතන ප්‍රධානීන් සමඟ හිත් අමනාපකම් ඇතිවිය හැක. නමුත් ඒවා එතරම් දුරදිග යන ඒවා නොවේ. තම නුවණින් ඒවා සමථයකට පත්කර ගැනීමට හැකියාව ලැබේ.
භූමි ලාභ ලැබේ. මැණික් පතල් ආශ්‍රිතව රැකියා ව්‍යාපාර ආදියේ යෙදෙන අයට නොසිතූ ලෙස වස්තූන් ලැබීමේ වාසනාව උදාවේ. එය මෙම සතිය පුරාම වඩා සක්‍රිය වේ. නොවැම්බර් මස ඉපදුණු ඔබට මෙම සතිය තුළ ධන ආරක්ෂණ ගුනය ඉස්මතු වේ.
අසනීප තත්ත්වයන් පිළිබඳ සැලකීමේදී පසුගිය දිනයන්ට සාපේක්ෂව අඩු වීමක් දැකිය හැකිය. විඩාබර ගතිය සිතේ සතුට පහ කෙරුවත් නිරෝගී බවෙහි ලාභය ඔබට මෙම සතිය පුරා අත්විඳිය හැකිය.
මනෝලි බණ්ඩාර
0779834889











