• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කුවේණිට නෑකම් කියන වැදි රැහේ

July 25, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කුවේණිට නෑකම් කියන වැදි රැහේ
Share on WhatsAppShare on Facebook

ලාංකේය මානව ශිෂ්ටාචාරයේ වැදගත් ප්‍රාථමික ජන කොට්ඨාසයක් ලෙසින් ව්‍යවහාරයේ පවතින ආදිවාසී මානවයා ලාංකේය සංස්කෘතිය මැනවින් විද්‍යාමාන කරන්නට සමත් විය. මෙකී ආදිවාසී ජන කොටසේ “වැද්දන්” වූ කලී එක් ප්‍රභේදයකි. “වැදි” යන වචනය “ව්‍යාධ” යන පාලි වචනයෙන් බිඳී ආවක් වන අතර එහි අරුත විදින්නා යන්න ජනනය කරයි. වැද්දන් වනයේ හැසිරෙන නිසාවෙන්ම වනචාරී යන නාමය පටබැඳුණ මුත් අතීත වැද්දා වත්මන් වැද්දාට හාත්පසින්ම වෙනස් බව කිවයුතුමය.

එකල මොවුන් ශාක වගා කරගනිමින්, හිසට නිවහන් තනාගෙන දිවි ගෙවන්නට තරම් දියුණු නොවූවා පමණක්ම නොව සතුන් හීලෑ කරගැනීමට උත්සුක නොවීය. දයානන්ද බිනරගම මහතාගේ අධ්‍යයනයට අනුව සබර, වන දරු, වන සරණ, කිරාත, නිශාද යනාදී පර්යාය පද වැද්දා අර්ථකථනයට යොදා ගෙන ඇති බව පැහැදිලි වේ. දුන්න හා මෙකී වැද්දා දක්වන්නේ අවියෝජනීය බැඳීමකි. ගෙවන සෑම ක්ෂණයකදීම දුන්න අතෙහි රඳවාගත් නිසාත්, දුන්නෙන් සතුන් විද මරන නිසාත් වැද්දා යන නාමය මෙම මනුෂ්‍යයින් සඳහා යොදා ගත් බව ගම්‍ය වන්නකි.
මෙම ප්‍රාථමික ජන කොටස වැද්දන් යන්නෙන් හඳුන්වන්නේ ලාංකේය සමාජ සන්දර්භයේ පමණකි. වෙනත් රටවල ප්‍රාථමික ජන කොටස් අඩු වැඩි වශයෙන් ජීවත් වුවද වැද්දන් ලෙසින් ඔවුන් නම් කරලීමක් සිදු නොවේ. අද මෙන් නොව එදා වැදි ජනයා දඩයම් දිවියක් ගත කරලූයේ සාමූහිකව එකී කර්තව්‍ය හා බද්ධ වෙමිනි. අධ්‍යතනයේ නම් ගෘහස්ථකරණයට සීමා වෙමින් ක්‍රම ක්‍රමයෙන් දඩයම අතැර දමන ස්වභාවයක් දෘශ්‍යමාන වනමුත් වත්මන් වැද්දන්ට සරිලන සංස්කෘතික වපසරියක් නිමවා ගෙන තිබේ. නමුදු වත්මන් වැද්දන් හට මෙන්ම අතීත වැද්දන හට ඔවුන්ට ආවේණික වුණු සංස්කෘතික පරිචයක් තිබෙන බව සක් සුදක් මෙන් පැහැදිලි වන්නකි. කෙසේ වෙතත් වැද්දන්ගේ උපත පිළිබඳ මතිමතාන්තර රැසක් පවතී. විජය හා කුවේණියගේ එක් වීමෙන් පසු මෙකී ජන කොටස ප්‍රභවය ලැබූ බවත්, කුවේණියගේ ගෝත්‍රයෙන් වැද්දන් පැවත එන බවත් එම ප්‍රවාදයන් අතරින් කැපීපෙනෙන්නකි. මහා වංශයේ සඳහන් වන එක් සම්භවයක් වන්නේ ප්‍රාග් බෞද්ධ ලංකාවෙහි යක්ෂ, නාග, දේව ජන කොටස් පාදක වෙමින් වැද්දන් ජනිත වූ බවයි. එහිදී යක්ෂයින් මහියංගන වැද්දන්ගේ ආදිවාසීන් බවත්, නාගයින් වෙරළබඩ වැද්දන් බවත් සඳහන්ය. දිවයිනේ පළමු පදිංචිකරුවන් ලෙස නම් දරා සිටින වැදි ජන සමූහය වසර සිය දහස් ගණනක් සිංහල ජනයා සමඟ සහජීවනයෙන් බද්ධ වූ බව පැහැදිලිය.

එදා වැද්දන් දෙවියන් ලෙස කන්නලව් කරන්නට වූයේ ගස් කොළ, මහා ගල් පර්වත සඳහාය. නිරතුරුවම ඔවුන් අදෘශ්‍යමාන බලවේග හා ඉතා කිට්ටු ඇඟෑලුම්කමක් පැවැත්වූයේ ලොව සියල්ලටම හේතුකාරකය එය බව පසක් කරමිනි. නිබඳව පිහිට පැතූයේ ඇසට නොපෙනෙන, කිසිදා ඇස් මානයට හෝ නොපැමිණිදෑ මගිනි. ලොව සෑම ආදිවාසී ජන කොටසක්ම ගස් කොළ, සතා සිවුපාවා අතැර නොගිය වටපිටාවක එයම පදනම් කරගෙන ආගමික විශ්වාස ගොඩනගානෙ තිබීම දැකගත හැක්කකි. ඕනෑම අයෙකුගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් මුළු මහත් සමාජයේම යහපතට හෝ අයහපතට මංපෙත් විවර කරන්නකි. මිනිසාගේ හැසිරීම් මනාව හැඩගස්වන පාලන ක්‍රමයක් සෑම ජන කොටසක් සමීපයෙහි පවතින ප්‍රබල අවියකි. කතාබහ කරන යුරු, භාෂා භාවිතය, අඳින පළදින අයුරු, ගමන් ගන්නා ආකාරය යන මේ සියල්ල හා පාලනයද බද්ධවේ.

ප්‍රාථමික ජන කොට්ඨාසයක් ලෙසින් නම් ලත් වැද්දන් සාම්ප්‍රදායික නිවෙස්හි, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, සාම්ප්‍රදායික ජීවන ක්‍රම, සාම්ප්‍රදායික ආගම් හා සබැඳිව දිවි ගෙවන්නට පුරුදුව ඇත. මොවුනට අදාළ වන සංස්කෘතික වපසරියකට උරුමකම් කියන්නාවූ, සමාජයේ පහත්ම සමාජ කොටස ලෙස අර්ථකථනය කරන වැදි ප්‍රජාව තවදුරටත් ප්‍රාථමික නමින්ම හැඳින්වීම යෝග්‍ය නොවන්නකි. සමාජය තාක්ෂණය හා සම්බන්ධ වීම මෙම සමාජ කොටසට දක්වාලූයේද කියා නිම කරලිය නොහැකි බලපෑමකි. අධ්‍යතනයේ ප්‍රාථමික ජන සමාජයන්ගෙන් උරුම වූ දෑ පාරම්පරිකව ඉදිරියට ගෙනයාමක් දක්නට නොලැබේ.

අද ස්ථිර නිවාසවල දිවි ගෙවීම පමණක්ම නොව තාක්ෂණය හා නොමියෙන බැඳීමක් ඇති කරගෙන තිබීම සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන නවමු තේමාවකි. ලාංකේය මානව ඉතිහාසයේ අනන්‍යතාව මොනවට එක්තැන් වූ වැදි ජන සමූහය දුරකතන භාවිතයට යොමු වීමත් සමඟම ඔවුන්ගෙම කියා මහා ඉහළින් උදම් අනා සිටි සංස්කෘතිය වියැකීමට ලක්විය.
සංවර්ධනය වෙමින් පවතින රටවල් කාණ්ඩයට අයත් රටක් වශයෙන් ලංකාව ප්‍රමුඛපෙළේ නමක් දරා තිබෙන මෙවන් සමයක ආර්ථික හා සමාජයීය වශයෙන් දිනෙන් දින ඉදිරියට යෑම සතුටට කරුණකි. ඈත අතීතයේ සිටම ස්වයංපෝෂිතව පැවති ලංකාව නීරෝගී සෞඛ්‍ය සම්පන්න මුතුන් මිත්තන් බිහි වීමට මුල්විය. වැදි ජනයා දැනුමෙන් පහළ මට්ටමේ ස්ථරය නියෝජනය කරන මුත් කාය ශක්තියෙන්, පෝෂණයෙන් අනූන වන බව විද්‍යාමාන වන්නකි. කාලයාගේ ඇවෑමෙන් සංස්කෘතිය විපර්යාසයනට ලක්වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙවන් වාතාවරණයක් හමුවේ වැදි ජනයා පදනම් වන සමාජ ව්‍යුහය කර්මාන්තයක් ලෙස යොදා ගැනීම නෙතට කඳුළක් එක් කරන්නකි. එයින් අපේ සංසකෘතියේ මුදුන් මුල මුලිනුපුටා යනු නිසැකය. වැදි ජනයා මූලික කරගනිමින් සමාජ කතිකාවත් ජනිත වන මෙවන් සමයක විය යුත්තේ එකී සංස්කෘතිකාංග ආඝාදයට යෑම වැළකීම නොවේද? වැදි ජන සංස්කෘතිය සුරැකීම අප සැමගේ පරම යුතුකම වන්නේ එකී සංස්කෘතිය අප දිවිය හා කිසිදා වෙන්කළ නොහැකි තරම් බැඳීමක් පවතින්නා නිසාම නොවේද? මෙකී සංස්කෘතියේ උරුමය නව පරම්පරාවේ දෝතට ලබාදීම කළ යුත්තේය. වැදි ජනයා මෙන්ම ඒ හා බැඳි සංස්කෘතිය සුරක්ෂිත කරමින් අනාගතයට ලබාදීම සැමගේ යුතුකම හා වගකීම වන්නේය.
සදුනි අරවින්දනී

SendShareShare
Previous Post

සීතාවක රාජසිංහ රාවණගේ දෙවැනි උපතද

Next Post

සිරුරේ රෝමකූප කියන රහස් කතා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.