ශ්‍රී ලංකා පාපන්දු සංගමය Football Federation of Sri Lanka – FFSL) විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා මෙම 2025/26 වසර තුළදී වැඩපිළිවෙළ කිහිපයක් සංවිධාන කිරීමට කටයුතු යොදා ඇත. Sri Lanka Latest News
දේශීය පාපන්දු ක්‍රීඩා තරගාවලීන්, ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා තරගාවලීන්, තරුණ පාපන්දු ක්‍රීඩක වැඩසටහන් මෙන්ම බිම් මට්ටමේ සිට සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන්ද මේ සඳහා ඇතුළත් වෙයි.
මෙම නව වැඩපිළිවෙළ ගැන විස්තර කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ මූලස්ථානයේදී පවත්වන ලදී. එහිදී සංගමයේ වත්මන් සභාපති ජාස්වර් උමාර් මහතා විසින් මේ පිළිබඳ අවධාරණය කරන ලදී.
ඒ අතරම ඔහු විසින් පසුගිය වසර 2ක කාලය තුළදී සංගම විසින් මෙරට පාපන්දු ක්‍රීඩාවට සිදුකරන ලද මෙහෙවර ගැනද පැහැදිලි කළේය. තවද මෙම උත්සවයේදී 2025/26 තුළදී මුලින්ම සිදුකෙරෙන ‘චැම්පියන් ලීග්’ (Champions League) පාපන්දු තරගාවලිය සඳහා නිල දිනුම් ඇදීමද සිදුකරන ලදී.
මෙම 2025 නොවැම්බර් 07 වැනිදා ඇරඹෙන මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධානතම පාපන්දු සමාජ 14ක් සහභාගි වෙයි. පසුගිය කාලය තුළ සංගමය පාපන්දු ක්‍රීඩාව සඳහා විශාල මෙහෙවරක් ඉටුකළ බව සභාපති ජාස්වර් උමාර් මහතා අවධාරණය කළේය.




ප්‍රියන්ත හෙට්ටිගේ











