දැව ආලේපන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය දිනූ නාමය වන JAT Holdings දැන් covid-19 මෙරටින් තුරන් කිරීමේ මෙහෙවරට උරදෙමින් ‘JAT Care’ නමින් අලුත්ම නිෂ්පාදන පෙළක් හඳුන්වාදී තිබේ. මේ යටතේ ‘JAT Care Hand Sanitizer’ iy ‘JAT Care Disinfectant Surface Cleaner’’ නමින් නිෂ්පාදන කාණ්ඩ දෙකක් හඳුන්වා දී ඇති අතර, ඒවා රට තුළ covid-19 පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා විශාල අත්වැලක් වනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව නිපදවා ඇති JAT Care Instant Hand Sanitizer නිෂ්පාදනයේ 75%ක් Isopropyl alcohol (IPA) අඩංගු වන නිසා එය ජලය නොමැතිව 99.99%ක් විෂබීජ විනාශ කිරීමේ හැකියාවෙන් යුක්තය. ජෙල් සහ දියර වශයෙන් මෙම දෑත් පවිත්රකාරකය මිලදීගත හැකිවේ. JAT Care Moisturizing Sanitizer Gel නිෂ්පාදනයේ සත්කාරක ගුණය හා ඝනත්වය සඳහා Polyquatenium-10 යොදා ඇති අතර, එය දෑතේ සමට සුමුදු හා නැවුම් බවක් ගෙනෙයි. තවද JAT Care Instant Hand Sanitizer liquid (දියර) විශේෂත්වයක් වන්නේ එම නිෂ්පාදනයට ග්ලිසරීන් එක්කර තිබීමයි. එමගින් දෑත් වියළීම වළක්වයි. මෙම දෑත් පවිත්රකාරක ජෙල් නිෂ්පාදන මිලිලීටර් 50, මිලිලීටර් 200 සහ ලීටර් 1 වශයෙන් ලබාගත හැකි අතර, දියර නිෂ්පාදන මිලිලීටර් 100, මිලිලීටර් 500, ලීටර් 1, ලීටර් 4 සහ ලීටර් 10 වශයෙන් ලබාගත හැක.











