• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පළමු සඳ ගමන ගැන අවුරුදු 50කට පසු හෙළිවෙයි

July 18, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පළමු සඳ ගමන ගැන අවුරුදු 50කට පසු හෙළිවෙයි
Share on WhatsAppShare on Facebook

“මෙය එක් මිනිසකුට කුඩා පියවරක් වුවත් එය මානව සංහතියේ යෝධ පියවරක්”යැයි අදට හරියටම වසර පනස් එකකට (51) පෙර එනම් එක් දහස් නමසිය හැට නමයේ ජූලි විසි එක් වැනි දින (1969.07.21) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ අටයි විසි හයට (8.26) සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා ලෙසින් ඉතිහාසයේ රන් අකුරින් නම ලියැවුණු නීල් ආම්ස්ට්‍රෝං නමැති මිනිසා සිය පාදය සඳමඩල මත තැබූ මොහොතේ එසේ කීවේය.

ඒ අවස්ථාව රූපවාහිනී මගින් (ඒ වන විට අපේ රටේ රූපවාහිනී තිබුණේ නැත) දැක බලා ගත් සහ ගුවන් විදුලියට සවන්දී සිටි කෝටි සංඛ්‍යාත ජනයාට එම පණිවුඩය අසන්නට ලැබුණේය. සඳ ගමනට නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වින් ඕල්ඩි්‍රන් සහ මයිකල් කොලින්ස් යන තිදෙනා සහභාගි වූහ. නිල් ආම්ස්ට්‍රෝං ගමනේ නියමුවාය.

යානය ගෙන ගිය රොකට්ටුව සැටර්න් පහ (5) නම් වූවේය. ඔවුන් ගිය යානය ඇපලෝ එකොළහ (11) නම් විය. ඇපලෝ යානය කොලොම්බියා යානය ලෙසද හඳුන්වනු ලැබිණි. ඇපලෝ (කොලෙම්බියා) යානයෙන් හඳ මතට ගිය යානය චන්ද්‍ර යානය වශයෙන්ද ඊගල් යානය ලෙසින්ද නම් කර තිබිණි.

ඇපලෝ යානයේ බර ටොන් තුන් දහස් එක සියයකි (3,100). උස අඩි තුන්සිය හැට හතරකි (364). චන්ද්‍ර යානයේ (ඊගල්) බර රාත්තල් තිස් දෙදහසකි (32,000). උස අඩි තිස් දෙකකි (32). සඳට ගිය ගමනේ දුර සැතපුම් දෙලක්‍ෂ පනස් දහසකි (2,50,000) වියදම පවුම් කෝටි එක් දහස් පනහකි (1,050) යානය නිර්මානයට දායකවූ සමාගම් ගණන විසි දහසකි (20,000) ශ්‍රම බළකාය තුන් ලක්‍ෂයකි (3,00,000). මේ දශකයේ දී මිනිසකු හඳට යැවිය යුතු යැයි එක් දහස් නමසිය හැට (1960) ගණන්වලදී එවකට ඇමෙරිකාවේ ජනාධිපති කෙනඩි සඳහන් කළේ සඳ ගමනේ ප්‍රථම බීජය මිනිසුන් තුළ රෝපණය කරමිනි.

රොකට්ටුව නිර්මාණය කිරීමේ කාර්යභාරය පැවරුණේ එවකට ඇමෙරිකාවේ පදිංචිව සිටි ජර්මන් ජාතික වර්නර් වොන් බ්‍රෝන්ටය. ඔහු ජර්මනියේ ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර් යටතේ සේවය කළ විශේෂඥයෙකි. ඔහු හිට්ලර්ට වී දෙක (2) නමැති රොකට්ටුව නිර්මාණය කරදී තිබිණි.
කෙනඩි තුඩුවේ තිස් නම (39) වැනි වේදිකාවෙන් රොකට්ටුව එක් දහස් නමසිය හැට නමයේ ජූලි දාසය වැනිදා (1969.07.16) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි හතයි දෙකට (7.02)ගුවන් ගත කෙරිණි.
ඒ අවස්ථාවට ලෝකයේ විවිධ රටවලින් කැමරාකරුවන් තුන් දහසක් (3,000) දෙනා පැමිණ සිටියහ. ඔවුනට කැමරාකරණයට පහසුකම් සලසා තිබුණේ රොකට්ටුව තිබූ ස්ථානයේ සිට සැතපුම් තුනක් (3) දුරිනි. ඒ අවස්ථාව වන විට මොටෝ රථ තුන් ලක්‍ෂ පනස් දහසක් (3,50,000) ගාල් කර තිබිණි.

සැටර්න් පහ රොකට්ටුවේ ක්‍රියාකාරිත්වය අවස්ථා තුනකින් යුක්ත විය. ගුවන් ගතවීම, කක්‍ෂයට ඇතුළුවීම සහ චන්ද්‍ර මාර්ගයට පිවිසීම ලෙසිනි.
රොකට්ටුව මුල් අවස්ථාවේ ගුවන් ගතවූ වේගය පැයට සැතපුම් හය දහසක් (6,000) වුවත් කක්‍ෂයට ඇතුළු වන දෙවැනි අවස්ථාවේදී වේගය පැයට සැතපුම් දාහත් දහස් හාර සියයකි (17,400). රොකට්ටුව පොළොවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී චන්ද්‍ර මාර්ගයට ප්‍රවේශ වූයේ දාසය වැනිදා (16) රාත්‍රි නමයයි හතළිස් හයටය (9.46). ඒ අවස්ථාවේ වේගය පැයට සැතපුම් විසි හතර දහසකි (24,000).

මයිකල් කොලින් ඇපලෝ යානය පදවමින් චන්ද්‍රයා වටා යද්දී නිල් ආම්ස්ට්‍රෝංට සහ එඞ්වින් ඕල්ඩි්‍රන්ට චන්ද්‍ර යානයට ඇතුළුවීමට නියමිතව තිබුණේ විසි වැනිදා (20) පස්වරු පහයි පනස් දෙකටය (5.52). එසේ ඇතුළුව සියල්ල නිවරුදි දැයි දැන ගත් පසු චන්ද්‍ර යානය මවු යානයෙන් වෙන් වූයේ රාත්‍රි එකොළහයි දාහතටය (11.17). චන්ද්‍ර යානය සඳ මතට පාත් වූවේ ජුලි විසි එක් (21) වැනිදා පාන්දර එකයි හතළිස් හතටය (1.47).
එඞ්වින් ඕල්ඩි්‍රන් චන්ද්‍ර යානයේ රැඳී සිටියදී නීල් ආම්ස්ට්‍රෝං එදින (21) පෙරවරු අටයි විසිහයට (8.26) සඳ මත පා තබා ලෝ වැස්සාට පෙර කී උදාන වාක්‍ය ප්‍රකාශ කෙළේය.
සඳෙන් පස් රාත්තල් පනහක් (50) එක්කාසු කර ගත් තිදෙනා ආපසු ආවෝය. එසේ ගෙනා පස් පරීක්‍ෂා කෙරුණු මණ්ඩලයේ අපේ විද්‍යාඥයෙක්ද සිටියේය. අපට අභිමානය ගෙනා ඔහු සිරිල් පොන්නම්පෙරුම මහතාණෝය.

සඳ තරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමගම බොහෝ දෙනාගේ මතය වූයේ එය කිසි දිනක කළ නොහැක්කක් බවය. ඇමෙරිකාව මිරිඟුවක් පසුපස යන බව ඇතැම් රාජ්‍ය නායකයෝ උපහාසයෙන් කීහ. සඳ තරණයේ “කප් එක” ගැසීම සඳහා ඇමෙරිකාවත් රුසියාවත් අතර පැවතියේ සීතල යුද්ධයකි.

ඇමෙරිකාවේ එවකට ජනාධිපතිව සිටි රිචඞ් නික්සන්ට පවා සඳ තරණය ගැන කිසිදු විශ්වාසයක් තිබුණේ නැත. ඔහුගේ විශ්වාසය තිබුණේ සඳගාමීන් තිදෙනා රැගත් රොකට්ටුව කිසියම් විටක ගුවනේදී පුපුරා යන බවය. රොකට්ටුව ගුවන් ගත කළ මොහොතේ සිට ගුවන් විදුලියට සවන් දෙමින් රූවාහිනීවලට දැස් දල්වා ගනිමින් සිටි කෝටි සංඛ්‍යාත ජනයා නොඉවසිල්ලෙන් සිටින බවද ජනාධිපතිවරයා දත්තේය.

රිචඞ් නික්සන් ජනාධිපතිවරයාගේ සෑම කතාවක්ම එවකට පිළියෙල කළේ බිල් සැෂර්ය. අනතුර සිදුවී ඇමෙරිකානු සඳගාමීන් තිදෙනා මිය ගිය විට ප්‍රකාශ කළ යුතු කතාව පිළියෙල කරන ලෙසට ජනාධිපතිවරයා බිල් සැෂර්ට කීවේය. අනතුර සිදුවෙන තෙක් කතාව කරන්නට බලාගෙන සිටි ජනාධිපතිවරයාගේ අතේ තියාගෙන සිටි කතා පිට පතේ මෙසේ සඳහන් විය.

“මානව ශිෂ්ටාචාරයේ උතුම් අරමුණක් සඳහා නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වින් ඕල්ඩි්‍රන් සහ මයිකල් කොලින්ස් යන වීරයන් තිදෙනා දිවි පිදූහ. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමග සමස්ත ලෝකවාසීන්ම වැළපෙනු ඇත. නුදුටු ලෝකයකට යවනු ලැබූ තම දරුවන්ට අත්වූ ඉරණම පිළිබඳව මිහි මව වැළපෙනු ඇත.

ලෝකයේ වීර කාව්‍යයන්හි සඳහන් වන්නේ ලෙයින් මසින් සැදුණු මිනිසුන් ගැනය. එවන් වීරයන් අපේ වීරයන් තිදෙනා අනුගමනය කරනු ඇත.
මානව ගවේෂණ සහ පර්යේෂණ කිසිදා නිම වන්නේද නැත. මේ අනතුර චන්ද්‍රයාත් අපත් අතර පණිවුඩ හුවමාරුව මෙයින් පසු නවතිනු ඇත. මේ ශ්‍රේෂ්ඨ සඳගාමීන් තිදෙනා නිදහසේ මියයනු ඇත.”

මේ කතාව ජනාධිපති රිචඞ් නික්සන්ට ප්‍රකාශ කරන්නට සිදු නොවීමට වඩා වැදගත් වන්නේ මේ කතාව අසන්නට නොලැබීම මානව වර්ගයාගේ වාසනාවකි.

සඳ ගමන සාර්ථක වුවත් බොහෝදෙනා ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ නාසා ආයතනය සඳ ගමනක් කෘත්‍රිමව නිර්මාණය කර ලෝකය මුළා කළ බවයි. රහසිගත චිත්‍රාගාරයක මවාපෑ රංගනයකින් ප්‍රෝඩාවක් කළ බව ඇතමෙක් කීහ. වාතාශ්‍රය නැති චන්ද්‍රයා මත රෝපණය කළ ඇමෙරිකානු කොඩිය සුළඟේ ලෙළදීම රූපවාහිනී වැඩ සටහන්වලදීද විකාශනය කෙරිණි. වාතාශ්‍රය රහිත චන්ද්‍රයා මත කොඩියක් ළෙලදිය නොහැකි බව ප්‍රෝඩාවට සාධක වශයෙන් ඔවුහු පෙන්වා දුන්හ. සඳගාමීන් තිදෙනා දින ණනාවක් අහසේ රැඳීසිට පොළොවට පැමිණි බවද කීහ. සඳ ගමන ලෝකය කැලඹුවා සේම සඳගමන ප්‍රෝඩාවක් බව කියන මතයද එපරිද්දෙන්ම ලෝකය කැලඹුවේය.

හඳට ගිය සඳගාමීන් තිදෙනාගෙන් එක් අයකු වූ එඞ්වින් ඕල්ඩි්‍රන් සඳ ගමනින් වසර තිස්දෙකකට (32) පසුව දෙදහස් එකේදී (2001) පමණ ශ්‍රී ලංකාවටද පැමිණියේය. ඒ පැමිණි අවස්ථාවේ ඔහු ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී ආතර් සී ක්ලාක් මහතාගේද සහභාගිත්වයෙන් පැය භාගයක මාධ්‍ය සාකච්ඡාවක් තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට පැවැත්වූවේය. ඒ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමේ භාග්‍යය (අවස්ථාව) මේ ලියම්කරුටද හිමිවිය.
(Most of the people are telling that landing on moon was a fabricated story.I like to know your response)
“සඳ මත පා තැබීම ගෙතූ කතාවක් බව හැමෝම කියනවා. මා ඔබේ පිළිතුර දැන ගැනීමට කැමතියි” එම සාකච්ඡාවේදී මේ ලියුම්කරු සඳගාමියාගෙන් ඇසුවේය.
(I dont Iike to waste my time)
“මම මගේ කාලය නාස්තිකර ගන්න කැමති නෑ.” එඞ්වින් ඕල්ඩි්‍රන් පිළිතුරු දුන්ණේය. එම සංවාදය රූපවාහිනී නාලිකා කිපයකම ගියේය.

සඳගාමීන් තිදෙනා සඳ ගමන යන අන්දම පිළිබඳව නමසිය හැටනමයේ ජූලි විසි එක් වැනි දින (1969.07.21) ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් කළ විස්තර ප්‍රකාශයට එවකට විසි පස් (25) හැවිරිදි තරමේ සිටි මේ ලියුම්කරුද ඉතා ඕනෑකමින් සවන් දුන්නේය.

විද්‍යා පොත්පෙළ ප්‍රථම වතාවට සිංහලෙන් ලියූ ශ්‍රේෂ්ඨ පඬි රුවනක් වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා සාකච්ඡාවට සහභාගි වූවේය. (නවසිය හැටේ දශකයේ මුල් කාලය වනතුරු විද්‍යා විෂය පිළිබඳ පොත් පත් සිංහලෙන් තිබුණේ නැත. දුප්පත් ගැමි දරුවන්ට විද්‍යාව ඉගෙනීමට මගක් නොවුණෙන් ඔවුහු කොන් වී සිටියහ ඒ වැඩසටහනේදී ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම්තුමා ආම්ස්ට්‍රෝං බාහුව-Arm ශක්තිමත්-Strong යන නම ගජබා ලෙසින් විග්‍රහ කර දැක්වූවේය.
මිනිසා සඳ තරණය කර මාසයක් ගත වෙන්නටත් පෙර එනම් අගෝස්තු මසයේදී සඳගමන ගැන මේ රටේ පළමුවෙන්ම සිංහලෙන් පොතක් එළි දැක්විණි. ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි මගේ හිත මිතුරකු වූ දීප්ත ලීලාරත්න පොතේ කතුවරයා වූවේය. (දීප්ත පසු කලෙක බිරියත් පුතාත් සමග ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට පුවත් පතක ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇමෙරිකාවේදීම මිය ගියේය.

කරුණා සේන ජයලත් පරාක්‍රම නිරිඇල්ල ඔහුගේ හොඳම මිතුරන්ය. ඇමරිකාවේ සිට පැමිණෙන ඔහු මේ ලියුම්කරුත් පරාක්‍රම නිරිඇල්ලත් සමග ලංකාව පුරා ඇවිදීම ඔහුගේ විනෝදාංශය විය. දීප්තගේ පොතේ නම “‘මිනිසා හඳට යයි” විය. ඔහු ඒ වන විට පදිංචිව සිටියේ ගල්කිස්සේ වටරප්පල පාරේ තමන්ගේම අක්කර දෙකක පමණ ඉඩමේ තිබූ නිවෙසේය.

සඳට ගිය නීල් ආම්ස්ට්‍රෝං ලෝකය වටා කළ සංචාරයේදී (1969 අගෝස්තු අවසානයේ) ලංකාවටද පැමිණ පැය කීපයක් ගත කෙළේය. සඳ ගමන ගැන ඒ වනවිට පොතක් සිංහනේ ලියූ එකම මිනිහා (මාධ්‍යවේදියා) දීප්ත නිසා ඔහුට පොත ආම්ස්ට්‍රෝංට පිළිගැන්වීමේ අවස්ථාව ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් ලැබුණේය. ආම්ස්ට්‍රෝං දීප්තට අතට අත දී සුබ පතා දීප්තගේ එක පොතක් ගත්තේය. තවත් පිටපතක සිය අත්සන තබා දීප්තට දුන්නේය.

දිප්ත ඇමෙරිකාවේ සිට ලංකාවට එන්නේ වසර තුන හතරකට වරකි. එසේ ආ විට මේ ලියුම්කරු ඔහු සමග එක දිගට දවස් ගණන් එකට සිටියේය. එවන් අවස්ථාවක මම ඔහුගේ පොත් රාක්කය අදිමින් ආම්ස්ට්‍රෝංගෙ අත්සන සහිත මිනිසා හඳට යයි සෙව්වෙමි.
වැඩක් නෑ මචං හොයලා. පොත් අදින මට දීප්ත කීවේය. ඇයි මම ඇසුවෙමි.
“කාමරේ මීයො බෝවෙනව කියලා අක්කා මගේ පොත්ටික ඔක්කොම කඩලකාරයෙකුට විකුණලා” යැයි කියමින් දීප්ත බක බක ගා හිනැහුණේය.
මම කට අයා බලා සිටියෙමි.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

Mans Lanka සමාගම හෝමාගම රෝහලට වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කරයි

Next Post

තැඹිලි ගෙඩියේ විශ්මිත කෙම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.