• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සැලකුවෙත් නෑ – උපහාර කළෙත් නෑ – ගණන් ගත්තෙත් නෑ…! රටට අහිමි වුණු ලස්සනම කටහඬ W ප්‍රේමරත්න!

September 7, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සැලකුවෙත් නෑ – උපහාර කළෙත් නෑ – ගණන් ගත්තෙත් නෑ…! රටට අහිමි වුණු ලස්සනම කටහඬ W ප්‍රේමරත්න!
Share on WhatsAppShare on Facebook

‘කලාකරුවකු ලෙස ලංකාවේ ඉපදීම අභාග්‍යයක් ’ යැයි මියයන්නට වසරකට පමණ පළමුව රූපවාහිනී සාකච්ඡාවකට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී කලාසූරී අල්හාජ් මොහිදින් බෙග් මහතා පවසා සිටියා මතකය. ඔහු එය කීවේ ඇස්වල කඳුළු පුරවාගෙන ඉතා හැඟුම්බරවය.Sri Lanka Latest News

මොහිදින් බෙග් පමණක් නොව තව බොහොමයක් කලා ශිල්පීන් අපේ රට වූ ශ්‍රී ලංකාව කලාකරුවන් කිසිදු අගය කිරීමකට ලක් නොකරන කාරණය ගැන හිතේ අමාරුවෙන් කතා කළ අවස්ථා අපමණ තිබිණි.

ඩබ්ලිව්. ප්‍රේමරත්න කියන්නේද අරුත්බර අලංකාර ගීත ගායනා කළ, කලා ලොවේ නමක් තැබූ, කාලයක් ගුවන්විදුලි කලාවට නැතුවම බැරිව සිටි ශ්‍රී ලංකාවට ඉතා පහසුවෙන්ම අමතකව ගිය ප්‍රවීණ ගායන ශිල්පියෙකි.

ඩබ්ලිව්. ප්‍රේමරත්න ගැයූ ගීත ඉතා මනරම් විය. හැත්තෑව අසූව දශක පුරා ඔහුගේ ගීත ගුවන්විදුලිය පුරා නින්නාද දුන්නේය. රේඩියෝවට ඇබ්බැහිව සිටි එකල අසන්නන් ඔහුගේ ගීතයක් ප්‍රචාරය වන විට සවන් දුන්නේ ඉතා ඕනෑකමින්ය. ඔහුගේ හඬ ඉතා ළයාන්විත විය. ‘මිහිලියගේ තුනු සපුව පුරා’, ‘ඈත චන්දන හිමේ සිසිල දේ’, ‘ගහකොළ ළපළු’, ‘රිදී කුමාරි’ යන ගීත 70, 80 දශක පුරා අතිශය ජනප්‍රියව තිබිණි. මතක හැටියට ඩබ්ලිව්. ප්‍රේමරත්නගේ හඬ ප්‍රවීණ ගායක සිසිර සේනාරත්නගේ හඬට සමාන බව බොහෝ දෙනා අනුමාන කළහ. එය ඔහු මවාගත්තක් නොව නිරායාසයෙන්ම සිදුවූවකි.

පාසල් යන අවධියේ ඉඳන්ම ඔහු සංගීතයට ළැදිව සිටියේය. පාසලේ සහ ගමේ උත්සවවලට සින්දු කීවේය. එච්.ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල සහ මිල්ටන් පෙරේරා යන ප්‍රවීණයන්ගේ ගීත ඔහු අපූරුවට ගායනා කළේය. ඒ අපූර්වතම හැකියාව දැක මිරිඟුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ආර්.ඒ. චන්ද්‍රසේන පළමු වරට පසුබිම් ගායකයකු ලෙස ගී ගැයීමට ඔහුට අවස්ථාව දුන්නේය. ඒ තිලක් කරුණාතිලක නම් අයකුගේ හඳුන්වා දීම ඔස්සේය. ගීතය ‘මිහිලියගේ රූ සපුව පුරා’ නම් වූ අලංකාර ගීතය අසීමිත ජනප්‍රියත්වයට බඳුන් වී දශක ගණනක් පුරා ගුවන්විදුලි සේවා පුරා විකාශය වෙමිනි. පසුව දිගින් දිගට චිත්‍රපට කිහිපයකම මොහු ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල, රූපා ඉන්දුමතී, මායා දමයන්ති සහ ජී.එස්.බී. රාණි සමග යුග ගීතවලටද එක්විය. ඔහු පසුබිම් ගායනයෙන් එක්වූ චිත්‍රපට විසි ගණනකි. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ගායකයකු ලෙසද නමක් තැබූ ඩබ්ලිව්. ප්‍රේමරත්න 80 දශකයේ මුල් භාගයේ ‘පුන් කළස’ නමින් තම ප්‍රථම කැසට් පටය එළිදැක්වූ අතර, එය අතිසාර්ථකව තිබිණි. ඉන් පසු ඔහු කැසට් පට හතක් සමග සීඩී තැටියක්ද නිකුත් කළේය.

ඩබ්ලිව්. ප්‍රේමරත්න තම ප්‍රසිද්ධිය බොහෝ විට තමන් විසින්ම ගොඩනගා ගත්තා මිස මාධ්‍ය පිම්බීමක් බලාපොරොත්තු නොවූයේය. 1987 ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලගේ අභාවයෙන් පසුව හෙතෙම 1987 අවුරුද්දේ ජෝතිට උපහාර වශයෙන් කළ කැසට් පටයද අතිශයින්ම ජනප්‍රිය විය. වසර 75ක් ආයු වැලඳූ ප්‍රේමරත්න මහතා මියගියේ 2018 අගෝස්තු මස 08 වැනිදාය. වසරක් පාසා අගෝස්තු 08 වැනිදාට ඔහු වෙනුවෙන් ශාන්ත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කෙටි උපහාරාත්මක වැඩසටහනක් විකාශය වේ.

ඩබ්ලිව්. ප්‍රේමරත්න වැනි ගායන ශිල්පියකු වෙනුවෙන් කළ හැකි දේ එපමණද? ඔහුගේ සුමධුර ගී වෙනුවෙන් ඔහු ජීවත්ව සිටි සමයේවත් විශේෂ අගැයීමක් සිදු නොවීය. අදටත් එය එලෙසමය. බෙග් මාස්ටර් කිව්වා වාගේ ලංකාවේ බොහෝ කලාකරුවන්ට මෙවන් ශෝචනීය ඉරණමක් අත්වන්නේ ඇයි? එය ඔවුන්ගේ අහේතුවද? රටේ අහේතුවදැයි නොදන්නෙමු.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

පළාත් සභා ඡන්දෙ තියන්නේ සීමා නිර්ණ කටයුතු අවසන් වුණාට පස්සේ! මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ආණ්ඩුව ලිඛිතවම දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

කිසිම ජනාධිපති කෙනෙක් කළේ නෑ! අනුරගේ කච්චතිව් ගමනේ වැදගත් කරුණු 5ක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.