• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කට්ට කළු කෙහෙල් සුසාගේ පැටිකිරිය

July 11, 2020
in Heart
Reading Time: 1 min read
A A
කට්ට කළු කෙහෙල් සුසාගේ පැටිකිරිය
Share on WhatsAppShare on Facebook

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා කඩන් පනින කෙහෙල් සුසා මේ දවස්වල අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචි වුණා. ඒ වුණත් කෙහෙල් සුසාට ලැබෙන ප්‍රතිචාර තවමත් ඒ විදියමයි. කෙහෙල් සුසා කළු වුණේ කොහොමද කියන එක පසුගිය කාලේ ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක්. ඒත් කෙහෙල් සුසා කළු වෙන විදිය බලාගන්න ෆේස් බුක් හරහා පසුගිය දවසක අවස්ථාව ලැබුණා. කෙහෙල් සුසාගේ වැඩ වගේම අලුතින් පටන් ගත්ත වැඬේ ගැනත් තොරතුරු දැන ගන්න අපි සාරංගට කතා කෙරුවා.
පසුගිය කාල වකවානුව තුළ සාරංග වැඩිපුර කාලය ගතකළේ විදේශීය රටවල තමයි. එයින් නිර්මාණ බොහොමයක් අතපසු වන්නට ඇති නේද?
ඇත්තටම පසුගිය කාලේ විදේශීය ප්‍රසංග සඳහා තමයි මම යොමුවෙලා හිටියේ. මම ප්‍රසංග සඳහා ගායනයෙන්, නර්තනයෙන්, ප්‍රචාරක පූර්වකවරයකු ලෙසටද කටයුතු කරනවා. හැම අංශයයෙන්ම ප්‍රසංගවල කටයුතු කරන නිසා ආරාධනා එනවා විදේශීය ප්‍රසංගවලින්.
සියලුම වැඩකටයුතු අතර සාරංග නැවැත විවාහ වීමට සැලසුම් කරනවා නේද?
සැලසුම් කරගෙන ආපු සියල්ල කොරෝනා වසංගතය නිසා ඇන හිටියා. තවම එය ගැන හිතලා නැහැ. ඉදිරියේදී ඒ සියල්ල හෙමීට සැලසුම් කරගෙන යනවා.
‘ලංසුපතිනියෝ’ හරහා ඔබ නිර්මාණ නිෂ්පාදන පැත්තට යොමු වුණා. ඉදිරියටත් නිෂ්පාදන පැත්තෙන් යොමුවීමට ඔබේ අදහසක් තිබෙනවාද?
කලාව මගේ වෘත්තිය. එය ඉදිරියට රැගෙන යෑමට අපි නිර්මාණ බිහි කළ යුතුයි. ඉතින් ඉදිරියේදීත් මම ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතු කරාවි හොඳ නිර්මාණ පිටපත් ලැබුණොත්.
‘ආදර හෝඩිය’ හරහා ‘අම්මාගේ ආදරය’ ගැන ඔබේ හඬින් ගායනා කරනවා නේද? අම්මා වෙනුවෙන්මද එය ගායනා කරන්නේ?
මගේ අම්මා වෙනුවෙන් වගේම ලෝකවාසී සියලුම අම්මාවරුන් වෙනුවෙන් තමයි මම ‘ආදර හෝඩිය’ ගායනා කරන්නේ. අලුත් ගීත කිහිපයක් නිර්මාණය කිරීමට සැලසුමක් තිබෙනවා. රූගත කිරීම් සඳහා ලොකු කාලයක් යොමු කරන නිසා ගායනය පැත්තෙන් යමක් කිරීමට ප්‍රමාද වූයේ ඒ හේතුව නිසා තමයි.
පසුගිය කාලේ රටේ තිබුණු කොරෝනා වසංගතය නිසා නිර්මාණ කිහිපයක් අතරමග නතර වුණා. ඒ අතර ‘ලංසුපති’ ඒ ප්‍රශ්නයට මුහුණපෑවා. නැවැත ලංසුපතිනියෝ විකාශය වෙනවා. එය ගැන යමක් පැවසුවොත්?
කොරෝනා වසංගතය නිසා මුළු ලෝකයම කඩාවැටුණා. එය කනගාටුවට කරුණක් ලෙසට සඳහන් කරන්න මම කැමැතියි. නිර්මාණ අතරමඟ නතර වීම නිසා තමයි විකාශය වුණු නිර්මාණ නැවැත විකාශය කළේ. දැන් ඒ සියල්ල හොඳ අතට පත්වීම නිසා සියලුම දෙනාටම වැඩකටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් දැන් තිබෙනවා. ලංසුපතිනියෝ රූගත කිරීම් කටයුතු අවසාන හරිය සිදුකළා. එහි අවසාන කොටස් කිහිපය තමයි මේ දවස්වල විකාශය වෙන්නේ.
‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍ය හරහා ඔබව මල්මාවතකට රැගෙන ගියා. නැවැතත් බොඳ මීදුම් ටෙලිනාට්‍ය විකාශය වෙනවා. එදා සහ අද ඔබට එය දැනෙන වෙනස කොයි වගේද?
‘බොඳ මීදුම්’ ජනප්‍රිය නවකතාවක් බවට පත්වුණා. ඒ හරහා බොඳ මීදුම් රූප රචනයට නැඟුණා. මම හිතුවාටත් වඩා සාර්ථක ප්‍රතිචාර ලැබුණා. ඒ හරහා මම ජනප්‍රිය නළුවා අතරටද පත්වී සම්මාන හිමිවුණා. ඒ තරමට වයස් භේදයකින් තොරව බොඳ මීදුම් නරඹපු පිරිසක් හිටියා. ඉතින් නැවැතත් බොඳ මීදුම් විකාශය වුණා. එය නැවැත විකාශය වන බව මම දැනගෙන හිටියේ නැහැ. නමුත් අලුත් පරම්පරාවකට බොඳ මීදුම් නරඹන්න ලැබීම එක ගැන මම සතුටු වෙනවා. අන්තර්ජාලය හරහා දේශීය විදේශීය ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. ඔවුන් නිතරම අහන්නේ (බොඳ මීදුම් 2) එන්නැද්ද කියලා තමයි.
සාරංග ඔබ දායක වුණු නිර්මාණ කිහිපයක් මේ දවස්වල විකාශය වෙනවා. ඒ අතර ‘අකුරු මැකී නෑ’ ටෙලිනාට්‍යය ගැන මුලින් කතා කළොත්?
අකුරු මැකී නෑ ටෙලිනාට්‍යය මේ දවස්වල ‘හිරු’ නාළිකාවේ විකාශය වෙනවා. තවම මගේ කොටස් විකාශය වුණේ නැහැ. ඉදිරියේදී මගේ රඟපෑම් කටයුතු වෙනස්ම විදියට දැකබලා ගන්නට පුළුවන්. කුඩා දරුවන් පිරිසක් සමග තමයි අකුරු මැකී නෑ හරහා මට දායක වීමට අවස්ථාව ලැබුණේ. ජීවිතය ගැන වෙනස්ම කෝණයකින් බලන චරිතයක් තමයි ඒ හරහා ස්මතු වන්නේ. අකුරු මැකී නෑ මට වෙනස්ම අත්දැකීමක් කියලා පැවසුවොත් හරි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෝඨා මාතලේ යයි: ප්‍රශ්නවලට එවෙලේම විසඳුම් දෙයි (PHOTOS)

Next Post

රාජ්‍ය සේවකයිනි අපි තරහ නෑ…(VIDEO)

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.