• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකා බැංකුව සිය අභිමානවත්  86 වන සංවත්සරය සමරයි! PHOTOS I Sri Lanka Latest News

August 3, 2025
in Business
Reading Time: 85 mins read
A A
ලංකා බැංකුව සිය අභිමානවත්  86 වන සංවත්සරය සමරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව, 1939 අගෝස්තු 1 වන දින ආරම්භ වූ අතර,  එතැන් පටන් අද දක්වා වසර 86ක් පුරා රට ආර්ථික හා සාමාජීය වශයෙන් බල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. Sri Lanka Latest News

පසුගිය දශක අට තුළ, රට පුරා මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන්ට සේවය කරන පුළුල් ජාලයක් සමඟ සිය පැවැත්ම තහවුරු කර ගත් ලංකා බැංකුව, ජාත්‍යන්තර වශයෙන් පවා පුළුල් ව්‍යාප්තියක් සනිටුහන් කරමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විශ්වසනීය මූල්‍ය සේවා සපයන්නා බවට පත් වීමට සමත් වී ඇත.

ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟින් සිය 86 වන සංවත්සරය සමරන ලංකා බැංකුව,  2024 සඳහා රුපියල් බිලියන 106.9 ක ලාභයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළ ම ලාභය වේ.  මෙම වර්ධනය  2025 වසර දක්වා ම  පවත්වා ගෙන ඒමට  සමත් වූ  ලංකා බැංකුව, 2025 වසරේ පළමු කාර්තුව අවසන් වන විට  රු. බිලියන 30 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා පැවසුවේ, “ 86 වසරක ජාතික මෙහෙවර සමරන මේ මොහොතේ, මූල්‍ය සහකරුවකු ලෙස පරම්පරා ගණනාවක ජනතා විශ්වාසය දිනා ගැනීමට හැකි වීම පිළිබඳ ව මා සිහිපත් කරන්නේ ඉමහත් සතුටින්. අපගේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, නවෝත්පාදනය සහ සමස්ත ආර්ථිකය බල ගැන්වීම මත බව අවධාරණය කිරීමට කැමතියි. අනාගතය දෙස බලමින් ක්‍රියාත්මක වන විට අපි අඛණ්ඩ වර්ධනය, ඩිජිටල්කරණය සහ ප්‍රශස්ත මෙහෙයුම් ක්‍රියාවලිය යන අංශ ආශ්‍රිත ව ඉහළ ම ප්‍රමිතීන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පැවසීමට කැමතියි.  අතීතයේ, වර්තමානයේ වගේ ම අනාගතයේදීත් ජාතියේ බැංකුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම ඇත්ත වශයෙන් ම ආඩම්බරයක්.” යනුවෙනි.

නැවතත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ, “ලංකා බැංකුවේ මෙම ජයග්‍රහණ සියල්ලට අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන් අප කෙරෙහි තැබූ විශ්වාසය  මහත් ශක්තියක්. ඒ වගේ ම සමස්ත කාර්ය මණ්ඩලයේ නො සැලෙන කැපවීම අපගේ සාර්ථකත්වයේ ප්‍රධානතම බලවේගය බව පැවසිය යුතු ම යි. ඔවුන් සෑම දෙනාට ම මගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙනි.

“අපගේ ජාතික කාර්යභාරය ඉටු කිරීමට මෙන් ම මූල්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත ව සිදු වන වෙනස්කම්වලට විශ්වාසයෙන් හා සාර්ථක ව මුහුණ දීමට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සහයෝගය ස්තුති පූර්වක ව සිහිපත් කිරීමට කැමතියි.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

රටේ ආර්ථික ඉතිහාසයේ වඩාත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයකින් පසුව, රට සහ බිඳ වැටුණු ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරමින්  වර්ධනය කරා ගෙන යාමට ලංකා බැංකුව  නායකත්වය ගෙන කටයුතු කරන අතර, ඒ වෙනුවෙන් ලංකා බැංකුව ආරම්භ කළ  ව්‍යාපාර පුනර්ජීවන හා ප්‍රතිස්ථාපන ඒකකය (BRRU) සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහයෝගය ලබා දෙමින්, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ව්‍යවසායක අදහස් ව්‍යවසායන් බවට පත් කිරීමට මෙන් ම කාන්තා ව්‍යවසායකයින්ට මූල්‍ය සහයෝගය ලබා දීමට ද ලංකා බැංකුව කටයුතු කරන්නේ සිය ජාතික මෙහෙවර තව තවත් පුළුල් කරමිනි.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා විවිධ වූ නව ක්‍රමවේද හඳුන්වා දෙමින්, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද ශක්තිය ලබා දෙන ලංකා බැංකුව,  ගොවියන්ට සහ අපනයනකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙමින් ඵලදායිතාව, ගුණාත්මකභාවය හා තරඟකාරිත්වය වර්ධනය කිරීම වෙනුවෙන්  නවීන තාක්ෂණයෙන් සමන්විත ඩ්‍රෝන තාක්ෂණය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීමට ලංකා බැංකුව කටයුතු කිරීම පිළිබඳ ව ද සිහිපත් කළ යුතු ම ය.

නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය ලංකා බැංකුවේ ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වූ අතර, ඊට සමගාමී ව හඳුන්වා දුන්  BOC SmartRemit ජංගම යෙදුම හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට  සරල, කාර්යක්ෂම මෙන් ම ආරක්ෂිත ප්‍රේෂණ සේවාවක් ලබා දීමට ලංකා බැංකුව සමත් විය. මෙම සේවාවේ විශ්වසනීය බව තහවුරු කරමින්, විදේශ ප්‍රේෂණ ක්ෂේත්‍රයේ වැඩි ම වෙළෙඳපොළ කොටස තමා සතු කර ගැනීමට ලංකා බැංකුව සමත් විය.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ ප්‍රථම වතාවට දිරාපත් වන ඩෙබිට් කාඩ් පතක් හඳුන්වා දෙමින්, පාරිසරික තිරසාර භාවය වෙනුවෙන් සිය කැපවීම පිළිබිඹු කළ ලංකා බැංකුව, පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් තවත් බොහෝ පියවර ගෙන ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

වර්තමානය වන විට, රටවල් හතරක ක්‍රියාත්මක වෙමින් සිය ගෝලීය ව්‍යාප්තිය ශක්තිමත් කර ගැනීමට සමත් වී ඇති  එක ම ශ්‍රී ලාංකේය බැංකුව, ලංකා බැංකුව වන අතර, අර්බුදකාරී කාල වකවානුවල පවා සිය ස්ථාවරත්වය අඛණ්ඩ ව පවත්වා ගනිමින්,  ගනුදෙනුකරුවන් වෙත සේවා ලබා දීමට මෙන් ම ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලංකා බැංකුව කටයුතු කිරීම ප්‍රශංසනීය වේ.  

මෙහි දී අදහස් දක්වමින් මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය, ” රටේ අභියෝගාත්මක කාල වකවානුව තුළ පවා විශ්වසනීය හවුල් කරුවෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ ජාතික ආර්ථිකයේ වර්ධනයට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්නා. සියලු අභියෝග වෙත අවධානය යොමු කරමින් අපි ක්‍රියාත්මක වුණා.  මෙම තත්ත්වය අඛණ්ඩ ව පවත්වා ගනිමින්,  වර්ධනීය ඉලක්ක  කරා  තවත් ශක්තිමත් ලෙස ගමන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ නවීන තාක්ෂණික සේවාවන්ගෙන් සමන්විත, විශ්වසනීය මූල්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

වසර 86 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින  ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 660ක් වූ ශාඛා ඇතුළු ව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව,  Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්,  The Banker සඟරාව විසින් 2025  වසරේ ලොව හොඳ ම  බැංකු 1000 අතරට නම් කෙරුණු ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්,  2021, 2023 හා 2024 වසරවල ‘වසරේ බැංකු කරු‘ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතර ව 2025 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී  වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, තවත් දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත. ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ  මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.

SendShareShare
Previous Post

අම්මේ… තාත්තේ… අක්කේ… ඇයි මාව තනිකරලා ගියේ? යටිනුවර ඛේදවාචකයේ වැරැද්ද කාගෙද? Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සදහා FITIS උපාය මාර්ගික සැලැස්ම දියත් කරයි! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.