• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මේ… තාත්තේ… අක්කේ… ඇයි මාව තනිකරලා ගියේ? යටිනුවර ඛේදවාචකයේ වැරැද්ද කාගෙද? Sri Lanka Latest News

August 3, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
අම්මේ… තාත්තේ… අක්කේ… ඇයි මාව තනිකරලා ගියේ? යටිනුවර ඛේදවාචකයේ වැරැද්ද කාගෙද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය 29 වැනිදා පේරාදෙණිය පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලැබුණේ පේරාදෙණිය යහලතැන්න ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු දිවි නසාගෙන ඇති බව දන්වමිනි. ඒ අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට දැකගැනීමට හැකිව තිබුණේ පුද්ගලයකු සිය නිවසට යාබද ස්ථානයක ගෙල වැලලාගෙන මියගොස් ඇති ආකාරයයි. වැඩිදුරටත් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට දැකගැනීමට ලැබුණේ එම නිවසේ ඉහළ මහලේ කාමරයක කාන්තාවක් සහ දැරියක් ද මියගොස් ඇති අයුරුයි. විමර්ශනවලදී අනාවරණ වුණේ ගෙල වැලලාගෙන මියගොස් සිටින්නේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා බවයි. ඔහු 52 වැනි වියේ පසුවූ අයෙක්. ඉහළ මහලේ මියගොස් සිටියේ ඒ මහතාගේ බිරිය වූ 44 හැවිරිදි දිල්රුක්ෂි ජයලත් කුමාරගේ සහ ඔවුන්ගේ 17 හැවිරිදි වැඩිමහල් දියණිය වන ෂෙහාරා ආශිංසනී හපුගොඩයි. Sri Lanka Latest News

බිරිය සහ දියණියගේ සිරුරු පරීක්ෂා කිරීමේදී හෙළිව ඇත්තේ ඔවුන් දෙදෙනාව ඝාතනයට ලක්කර ඇති බවයි. ඔවුන් ඝාතනය කර තිබුණේ නිදි පෙති වර්ගයක් පානය කිරීමට සලස්වා අනතුරුව වයරයකින් ගෙල සිර කිරීමෙන් බවටයි පොලිසිය සැක පළ කළේ. එම දෙදෙනා ඝාතනය කළ චම්පික නිලන්ත පසුව ගෙල වැලලාගෙන මියගොස් ඇත.
චම්පික නිලන්ත මහතා දීර්ඝ කාලයක සිට දේශපාලනයේ නිරතව සිටි පුද්ගලයෙකි. මෙවර පළාත් පාලන මැතිවරණයට යටිනුවර ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් තරග කර ඇති ඔහු එහි සභිකයෙකු ලෙස තේරී පත්ව තිබුණා. චම්පික නිලන්ත මහතාට අවුරුදු 13ක තවත් දියණියක්ද සිටින අතර ඇයද ඝාතනය කිරීමටයි ඔහු උත්සාහ දරා තිබුණේ. නමුත් එම උත්සාහය ව්‍යර්ථ වී තිබුණේ දැරිය පෙර දින පාසලේ අධ්‍යාපන චාරිකාවකට සම්බන්ධ වී මාධ්‍යම රාත්‍රියේ නිවසට පැමිණ තිබීම හේතුවෙනි. ඇයවද පාසලේ සිට නිවස වෙත කැඳවාගෙන පැමිණ තිබුණේද පියා වන චම්පික නිලන්ත මහතා විසිනි. එලෙස ඇයව නිවසට කැඳවාගෙන එන විටත් ඇගේ මව සහ සහෝදරිය ඝාතනය කර තිබී ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන තිබුණේ.

කෙසේ වෙතත් එම බාල දියණියටද නිදිපෙති වර්ගයක් බීමට දී ඇති අතර, ඇය එය පානය කිරීම ප්‍රතික්ෂේප කළ බව පසුව පොලිසිය හමුවේ පවසා තිබුණා. ඇය නින්දට ගිය අවස්ථාවේ කිසියම් අයෙකු තමාගේ ගෙල සිරකරන බවට දැනී අවදි වූ බවත්, අවදි වී බලන විට තම පියා වයරයක් වැනි යමක් අතැතිව කාමරයෙන් පිටව යන බව තමන් දුටු බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබුණා. මඳ වේලාවකින් පියා තමාව වැලඳගෙන හැඬූ බවත් ඉන් පසුව නිවසින් පිටත ඇති මඩුවේ ගෙල වැලලාගෙන ඔහු මියගොස් සිටි ආකාරය දුටු බවත් ඇය පොලිසිය හමුවේ කළ ප්‍රකාශයේ සඳහන්ව ඇත. ඉන් පසුව මව සහ වැඩිමහල් සහෝදරියගේ සිරුරුද දැක ඒ සම්බන්ධයෙන් ඥාතීන් දැනුවත් කර පේරාදෙණිය පොලිසියට දැන්වීමට පියවර ගෙන තිබිණි.

විපක්ෂ නායකවරයා මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් පොලී ගෙවීමේ පදනම මත ලබාගත් රුපියල් ලක්ෂ 50ක ණය මුදලක් ආපසු ගෙවීමට නොහැකිව ඒ වෙනුවෙන් විශාල පොලී මුදලක් එකතුවීම හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩාවකින් පසුව ඇති බව වාර්තා වේ. එසේම අදාළ ව්‍යාපාරිකයා චම්පික නිලන්ත මහතාට ඒ සම්බන්ධයෙන් නිතර තර්ජනය කිරීම හේතුවෙන් එල්ල වූ මානසික පීඩාව දරාගත නොහැකිව ඔහු සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.

විපක්ෂ නායකවරයා සතුව තිබූ මෝටර් රථය පසුගිය මාර්තු මාසයේදී විකුණා රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගෙන එම මුදල අදාළ ව්‍යාපාරිකයාට ලබාදීමටද ඔහු පියවර ගෙන තිබිණි. එසේ වුවද දිගින් දිගටම ව්‍යාපාරිකයාගෙන් චම්පික නිලන්ත මහතාට මුදල් ඉල්ලා බලපෑම් එල්ලවී ඇති බව සඳහන්ය. එලෙස බලපෑම් කිරීමට ඉහළ පොලිස් නිලධාරියකුගේ සහායද එම ව්‍යාපාරිකයාට ලැබී ඇතැයි කියැවේ. මෙම තොරතුරු අනාවරණ වී තිබුණේ චම්පික නිලන්ත මහතා මියයෑමට පෙර ලියාතබන ලද පිටු 4ක දීර්ඝ ලිපියකිනි.

ඝාතනය වූ 17 හැවිරිදි දියණිය සුදු කබර රෝගයෙන් පෙළීම නිසා ඇයට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවට රැගෙන යෑමේ දැඩි වුවමනාවක්ද විපක්ෂ නායකවරයාට තිබී ඇත.
චම්පික නිලන්ත මහතා විසින් ලියන ලද ලිපියේ විජේසිංහ නමැත්තෙකු ගැන සඳහන්ව ඇති අතර, ‘විජේසිංහ උඹට සාප වේවා. මට මරණ තර්ජන කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවෙම තර්ජනය කරනවා. දවසක් දුවගේ ඉස්කෝලේ ළඟට ඇවිත් දුව ළඟ ඉන්නකොට කොළරයෙන් අල්ලලා ගෙදර ඇවිත් අස්සන් කරන්න කියනවා. මට අස්සන් කරන්න බෑ කියද්දී යකඩයකින් මගේ ඔළුවට ගැහුවා. තවමත් මගේ නළලේ උඩින් කැළල තියෙනවා….’ එහි ලියාතබා ඇත.

‘මගේ දුවගේ හම සුදු වෙන නිසා එයා දැන් මාස හයක විතර ඉඳන් ඉස්කෝලේ යන්න බෑ කියලා රෑට අඬනවා. අපේ ගෙදර ඔක්කොම, විජේසිංහ කළ වැඩ නිසයි දුවගේ හම සුදුවෙන නිසයි ඉවසන්න බැරි දුකක් විඳිනවා. මානසික ආතතිය නිසා දුවට ජීවත්වීම පවා එපා වෙලා කියලා ගඟට පනින්න දවසක් ලෑස්ති වුණා. විජේසිංහ උඹ කළ වැඩේ නිසයි මගේ දරුවාගේ ලෙඩේ නිසයි උඹට කොච්චර බැගෑපත් වුණාද කරදර කරන්න එපා කියලා. ගේ විකුණලා ලක්ෂ 50ක් දෙනවා කිව්වත් කතාකරන හැම පාරම බනිනවා. විජේසිංහට ලක්ෂ 10යි කාර් එකයි දුන්නේ නැත්නම් අවුරුදු 20කට හිරේ දානවා කිව්වා. දුව විභාග‌ය කරන නිසා මම කිව්වා පැමිණිල්ල දාන්න එපා මම කාර් එක විකුණලා ඉතුරු සල්ලිවලින් දුවට බෙහෙත් කරන්න ඉන්දියාවේ යන්න ඕනේ කියලා. වැන්දා ඒක ඇහුවේ නැහැ. සල්ලියි කාර් එකයි ඉල්ලුවා. විජේසිංහ උඹ අපේ පවුලට කළ දේට වගකියන්න ඕනේ. විජේසිංහ කියපුවා මගේ වට්ස්ඇප් එකේ තියෙනවා…’ යනුවෙන්ද වැඩිදුරටත් එම ලිපියේ සඳහන්ව තිබේ.

මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. මහෙස්ත්‍රාත් පරීක්ෂණය පේරාදෙණිය රෝහලේදී සිදුකරනු ලැබූ අතර ව්‍යාපාරිකයාගෙන් සහ පොලිස් නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

චම්පික නිලන්ත මහතාගේ ඥාති දියණියක වන මිනෙල් හපුගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පැවැසුවේ මෙවැන්නකි.
‘මේ නැතිවෙලා ඉන්නේ මගේ බාප්පා, පුංචි සහ ලොකු නංගි. එයා කළ බිස්නස් එකක තර්ජනයක් තිබ්බා. ඒකේ කනස්සල්ලෙන් හිටියේ. අපේ තාත්තලාත් ඒ ගැන විස්තර හැම දෙයක්ම දන්නවා. ඒ ප්‍රශ්න තාමත් තිබ්බා කියලා තේරුණා. ඒකේ ප්‍රශ්නෙකින් පීඩනයකට පත්වෙලා ඉන්න ඇත්තේ. එයාලා බ්ලැක් මේල් කරන්න ඇති කියලා හිතනවා. පොඩි නංගි මේක දැකලා අපිටත් කිව්වේ. බාප්පට ප්‍රශ්න තියනවා කියලා අපිට කියලා නැහැ…..’

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයවීර බණ්ඩා මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.
‘අපේ ප්‍රාදේශීය සභාවේ වත්මන් විපක්ෂ නායකතුමා සමගි ජනබලවේග කණ්ඩායම නියෝජනය කරන්නේ. මේ අහඹු සිද්ධිය අපි සියලු දෙනාටම ප්‍රශ්නයක්. මේ සිදුවීමට පෙර දින සමගි ජනබලවේග සභික උපුල් වීරසිංහ මහතා චම්පික මහතාට ලබාගත් දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දී තිබුණා. ඒ වෙලාවේ කිසිදු අවුලක සිටින බව දුරකතන සංවාදයේදී නොදැණුනු බවයි ඔහු කිව්වේ…’

‘ඊයේ 4.30ට පමණ මම එතුමාට කතා කළා පෞද්ගලික ප්‍රශ්නයකට. ඒ වෙලාවෙත් මාත් එක්ක බොහොම සුහදව කතා කළේ. ඉතින් මේ වගේ දෙයක් කරගනී කියලා අපි හිතන්නේ නැහැ. බිරිඳත් ඒ වගේමයි. ගෙදරට කෙනෙක් ගියොත් තේ එකක් නොදී එවන්නේ නැහැ. දරුවගේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒකට දිවි නසාගත්තා කියලා හිතන්න බැහැ. පක්ෂ භේදයකින් තොරව හැම දෙනාටම එක විදියට තමයි සලකන්නේ. අපිට කොයි වෙලාවෙත් උපදෙස් දෙනවා සභාවේ මේ විදියට හැසිරෙන්න කියලා…’
මියගිය චම්පික නිලන්ත මහතා ප්‍රදේශයේ සමිති සමාගම්වල ක්‍රියාකාරී සාමාජිකයකු බවත්, පොදු කටයුතුවලට නොමසුරුව දායක වූ අයකු බවත් ගම්වාසීහු පවසා සිටියහ.
කෙසේ වෙතත් මේ මරණ තුන අපිට කියාදෙන බොහෝ පාඩම් තිබේ. නිලන්ත චම්පික මහතාගේ මානසික පීඩනය නිසා ඔහු සමග තවත් වටිනා ජීවිත දෙකක් රටට අහිමි වී ඇත. එසේම මවුපියන් අහිමි වූ බාල දියණිය කිසිදු හව්හරණක් නොමැතිව මානසික පීඩනයකින් සමාජයට මුහුණ දිය යුතුය.

කෙනකුට මානසික ආතතියක් තිබෙන විට කළ යුත්තේ කුමක්ද යන්න ගැන ඔහුට අවබෝධයක් නැත. කියන්නේ කුමක්ද යන්න ගැනද අවබෝධයක් නැත. ජීවිතයට පැමිණෙන මූල්‍ය ප්‍රශ්න හේතුවෙන් ණය ලබාගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. එම මුදල් නැවත ගෙවීමට හැකියාවක් තිබේද, ඊට අදාළ පොලිය ගෙවන්නේ කෙසේද යන්න ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. එසේ නොමැති වූ විට ණය මුදල සහ පොලී මුදල් ගෙවීමට නොහැකිව අන්ත අසරණ වීම වළක්වාලිය නොහැක. අවසානයේ මෙවැනි ඛේදවාචකයකින් එම ගැටලුව නිමාවන අයුරු මීට පෙරද අප සමාජයේ ඕනෑ තරම් අසා දැක ඇත්තෙමු. නමුත් මෙවැනි දිවි නසාගැනීම් සිදුවීම්වලට ප්‍රධානතම හේතු වන්නේ දැඩි පීඩනයත් සමග හටගන්නා විශාදය නම් මානසික තත්ත්වයයි.

මෙම මානසික රෝගය පිළිබඳ මනෝ වෛද්‍ය රූමී රූබන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
‘ප්‍රශ්න දරාගන්න බැරි අයට මේ වගේ ඍණාත්මක සිතුවිලි එනවා. ජානමය වශයෙන් මොළයේ ශක්තිමත්භාවය අඩු පුද්ගලයන් ප්‍රශ්න හමුවේ පලායාමට පෙලඹෙනවා. ඒ වගේම විශාදය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් කෙනකුගේ දරාගැනීම හීන වෙනවා. සමහරු ප්‍රායෝගිකව ගැටලු විසඳා ගැනීමට දන්නේ නැහැ. ප්‍රශ්න එනකොට දැලක පැටලුණා වගේ දැනෙනවා. මෙවැනි අවස්ථාවල ඥාතීන් දැනුවත් කර මනෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි කළ යුත්තේ. හොඳ මානසික උපදේශනයක් ලැබුණා නම් මෙවැනි අපරාධයන් සිදුවන්නේ නැහැ…’

ජීවිතය ඉදිරියට පැමිණෙන අනේකවිධ අභියෝග හමුවේ ඇති විසඳුම දිවි නසාගැනීමද යන්න පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

‘හුඟක් වෙලාවට මුලින් කිව්ව දෙයක් ගැන හිතනවා සැලසුම් කරනවා. ඉන්පසුව තමයි උත්සාහ කිරීම් සැලසුම් කිරීම් අවසානයක් දකින්නේ. අපි ඕනෙ කෙනෙක්ට වෙලාවක හිතෙන්න පුළුවන් දැන් ඇති ජීවත්වුණා, දැන් බැහැ කියලා. නමුත් එවැනි අවස්ථාවලදී පිහිට වෙන ස්වේච්ඡා සංවිධාන තියෙනවා….’. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ 0707308308 දුරකතන අංකයෙනුත්, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය 1926 යන දුරකතන අංකයෙනුත් අමතා ඔබට අවශ්‍ය මානසික උපදේශනය නොමිලේම, ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකියාව තිබේ.

‘කෙනෙක් හිතනවා නම් අපි උදව් ගන්න එක මෝඩ වැඩක් කියලා, කිසිසේත්ම නැහැ. ප්‍රතිකාර වගේම උපදේශනය සමග ඔබට සහාය වෙන්න අපට පුළුවන්…’ යනුවෙන්ද මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර මහත්මිය පවසා සිටියාය.

නිරවුල් ආර්ථික දැක්මක් ජීවිතවල ඇතිකර ගතයුතු බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සුත්‍රයේදී දේශනා කොට තිබෙනවා. එම බුදු වදනට අනුව කටයුතු කළා නම් මෙවැනි උපද්‍රවයන්ට කිසිවකු පත්වන්නේ නැත.

‘ඒකේන භොගේ භුඤ්ජෙයිය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙයිය
ආපදාසු භවිස්සති…’

මෙම ගාථාව ධනය වියදම් කිරීම පිළිබඳ බුදුරදුන්ගේ මහෝපදේශයයි. දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා වෙන්කර ගත යුතුය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදාගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට ඉතිරි කර තබාගත යුතු බව මෙයින් පෙන්වා දී තිබේ. මේ ආකාරයට ජීවත් වූ විට අප කිසිවකුට ණයක් වී නැති බව සිතා සතුටට පත්වීමට පුළුවන.
අවසාන වශයෙන්, චම්පික නිලන්ත මහතා ඇතුළු මියගිය එම පවුලේ සියලු දෙනාට මතු උපදින භවයේදී මෙවැනි කනගාටුදායක මරණයක් උරුම නොවේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හැමෝම උඩදාගෙන ගහපු ප්‍රේමදාසගෙ ගම්උදාව! Sri Lanka Latest News

Next Post

ලංකා බැංකුව සිය අභිමානවත්  86 වන සංවත්සරය සමරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.