• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

50%ක් ගන්න බැරිවුණොත් ‌මොකද ‌වෙන්නේ?

August 26, 2019
in Politics
Reading Time: 2 mins read
A A
50%ක් ගන්න බැරිවුණොත් ‌මොකද ‌වෙන්නේ?
Share on WhatsAppShare on Facebook

තවමත් ජනාධිපතිවරණය සඳහා නිශ්චිත දිනයක් නම් වී නොතිබුණද ප්‍රධාන පක්‍ෂ ඊට දක්වන දැඩි උනන්දුව මත මේ වන විට ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යන ආකාරයක් දැකගැනීමට තිබේ. එම උණුසුම දෙගුණ තෙගුණ වී ඇත්තේ ප්‍රධාන පක්‍ෂ 2ක් දැනටමත් ඊට තම අපේක්‍ෂකයන් නම්කොට තිබීම නිසාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා ලෙස නම් කොට ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සොහොයුරකු වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂය. ජනතා විමුක්ති පෙරමුණ සිය නායක අනුර කුමාර දිසානායක මහතා ඊට ඉදිරිපත් කරන බව දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ.
දැන් සියලු දෙනාම බලා සිටින්නේ එ.ජා.ප.යේ අපේක්‍ෂකයා කවුරුන්ද කියාය. එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන බව දැඩිව කියා රට වටේ ගියත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨත්වය පවසන්නේ තවම එවැනි තීන්දුවක් පක්‍ෂය නිල වශයෙන් ගෙන නැතැයි කියාය. තවත් සමහරු කියන්නේ එ.ජා.ප. අපේක්‍ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය හැකි බවකි.
ඒ කොයිහැටි වෙතත් මෙවර ජනාධිපතිවරණයට ශක්තිමත් අපේක්‍ෂකයන් තිදෙනකු ඉදිරිපත් වීමේ ලකුණු පහළ කොට තිබීම හරහා කිසිදු අපේක්‍ෂකයකුට 50%ක බහුතරය ඉක්මවා යා නොහැකි වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. 1982 සිට පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් අයකු 50%ක බහුතරය ඉක්මවා යෑම නිසා ජයග්‍රාහකයා සම්බන්ධයෙන් අර්බුදයක් පැනනැඟුණේ නැත. නමුත් මෙවර ශක්තිමත් අපේක්‍ෂකයන් තිදෙනකු ඉදිරිපත් වී සිටීම මත බොහෝ දුරට කිසිදු අපේක්‍ෂකයකුට 50%ට වැඩි බහුතරයක් ලබාගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා තෝරාගනු ලබන්නේ කෙසේද? ජයග්‍රාහකයා තීන්දු කරන්නේ කවුරුන්ද?
එවිට ජයග්‍රාහකයා තීන්දු කරනු ලබන්නේ මනාප අනුවය. නොඑසේ නම් ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාට අනෙකුත් අපේක්‍ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර තිබූ මනාප අනුවය. මේ ක්‍රමය දැනටමත් මැතිවරණ ක්‍රමය තුළ තිබුණද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුණේ 1982 සිටම ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් අයකු 50%ක ප්‍රතිශතය ඉක්මවා යෑම නිසාය. නමුත් මෙවර එසේ නොවුණහොත් ජයග්‍රාහකයා තෝරන අන්දම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනාවරණ කළේ මෙලෙසය.
අපි හිතුවොත් A-B-C-D-E කියලා අපේක්‍ෂකයන් පස් දෙනෙක් ඉල්ලනවා කියලා. වලංගු ඡන්ද සංඛ්‍යාව ගණන් හදන්න ලේසියට 100ක් කියලා හිතමු. A ඡන්ද 40ක් ගන්නවා. B ඡන්ද 35ක් ගන්නවා. එතැන ඡන්ද 75ක්. C ඡන්ද 15ක් ගත්තා. එතකොට 90යි. D ඡන්ද 6ක් ගත්තා. E ඡන්ද 4ක් ගත්තා. එතකොට ඡන්ද 100 හරි. දැන් මේ තරගයට ආවාම මොකද වෙන්නේ. 50%ක් සහ තව එක් ඡන්දයක් ගන්න ඕන තරගය දිනන්න. ඒ කියන්නෙ අඩකුත් තවත් එක් ඡන්දයක්. හැබැයි මෙතැනදී කවුරුවත් එහෙම 50%යි එක් ඡන්දයක් අරගෙන නැහැ. එතකොට මුල් දෙන්නා විතරක් තරගෙට දාලා අනෙක් අය අයින් කරනවා. A-B ඉන්නවා. C-D-E අපේක්‍ෂකයො අයින් කරනවා .A සහ B ගත්ත ඡන්ද 40යි 35යි ඒ අයගෙ පෙට්ටිවල තියෙනවා.
අපි දන්නවා ඡන්ද ලකුණු කරන්න පුළුවන් අපේ රටේ මේ ඡන්දෙදි තමන් කැමති අපේක්‍ෂකයාට 1, 2, 3 ලකුණු කරලා. කැමැති නම් 1 විතරක් දාන්නත් පුළුවන්. නැත්නම් සුපුරුදු කතිරය විතරක් දාන්නත් පුළුවන්. වැඩි දෙනෙක් කරන්නෙ කතිරය ගහන එක විතරයි. අපි ඡන්ද ගණන් කරන කොට දකිනවා 1-2-3 දාන්නෙ නැහැ කියලා. ලංකාවේ මම අත්දැකපු විදියට 1982 හා 1988 ජනාධිපතිවරණ දෙකේ විතරක් පොඩි කැම්පේන් එකක් ගියා. 1 අරයට දෙන්න. 2 අරයට දෙන්න කියලා. ඊට පස්සේ මම ඒ කැම්පේන් එක දැකලා නැහැ. ඔය කැම්පේන් එක තිබුණා හෝ නැතුව හෝ අපි හිතමු දැන්. 1-2-3 ලකුණු කරලා කියලා. ඒ කියන්නේ දැන් 40යි, 35යි ගත්ත දෙන්නා පැත්තක ඉන්නවා. ඒ දෙන්න මනාප කරපු ලකුණ ගැන කිසිම දෙයක් කරන්නෙ නැහැ. A කාටද දීලා තියෙන්නේ, B කාටද දීලා තියෙන්නේ කියලා බලන්නෙ නැහැ. ඒවා පෙට්ටියේ දාලා සීල් කරලත් ඉවරයි. දැන් ගන්නවා අපි C ගත්ත ඡන්ද 15. අරගෙන බලනවා ඒ 15න් කතිරය ගහලා තියෙනවාද Aට කියලා. කතිරය විතරක් නම් ඒ ඡන්ද ටික පැත්තකට දානවා. C ට 1 විතරක් දීලා තියෙනවා නම් ඒවත් පැත්තකට දානවා. අපි හිතමු Cට 1 දීලා 2-3 ලකුණු කරපු ඡන්ද පත්‍රිකාවක් තියෙනවා කියලා. අපි ඒකෙ බලනවා 2 ලකුණු කරලා තියෙනවාද Aට නැත්නම් Bට කියලා. අන්න එහෙනම් ඒ පත්‍රිකාව A හරි B ගෙ හරි පෙට්ටියට දානවා. නමුත් 2 ලකුණු කරලා තියෙන්නේ D ට හරි E ට හරි නම් අපි බලනවා 3 එයා ලකුණු කරලා තියෙනවද A ට හරි Bට හරි කියලා. අන්න එහෙම නම් ඒ ඡන්ද පත්‍රිකා ටිකත් A ්ගෙ හරි Bගෙ හරි එකට දානවා. හැබැයි 3ත් ලකුණු කරලා තියෙන්නේ Cට හරි Dට හරි නම් ඒකත් පැත්තක දානවා. දැන් පැහැදිලියිද?
ඒ වගේම අර D – E කියන අපේක්‍ෂකයො දෙන්නගෙ ඡන්ද පත්‍රිකාත් බලලා A ට හරි B ට හරි දෙවැනි තුන්වැනි මනාප ලකුණු කරලා තියෙනවා නම් ඒවා A ට හරි Bට හරි දානවා. අපි හිතමු දැන් A 40 පෙට්ටියට අලුතින් ඡන්ද 4ක් වැටෙනවා. Bගෙ 35 පෙට්ටියට අලුතින් ඡන්ද 6ක් වැටෙනවා. එතකොට A ට ඡන්ද 44යි. Bට ඡන්ද 41යි. එතකොට ඔක්කොම ඡන්ද 85යි. දැන් 85න් භාගෙ කීයද? 42.5යි. ඔන්න දැන් A ට 44ක් තියෙන හින්දා භාගෙට වඩා අරන් තියෙනවා. දැන් A දිනුම්.
අපි හිතමු Bට ආවා අලුතින් ඡන්ද 10ක් කියලා. A ට ආවේ 3යි කියමු. එතකොට A ට 43යි. Bට 45යි. අන්න B දිනුම්.
අනෙක් අතට A ට Bටයි එකක්වත් ආවෙ නැහැ කියමු. කවුරුවත් ලකුණු කරලා නැහැ. එතකොට A ට ඡන්ද 40යි, Bට ඡන්ද 35යි. එතකොට A දිනනවා. ඔන්න ඕකයි තත්ත්වය.

SendShareShare
Previous Post

අකිල අවුරුදු 4ක් ‌මොකද කළේ?

Next Post

ශාන්ත බණ්ඩාර අනාථයි

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.