සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට ඒමට ජාතික ලයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වූ අතර ඉන් හිස්වූ ජාතික ලයිස්තු ධුරයට කිසිවකුත් නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොමැත.
අපට දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා ජනපතිවරණය නිමවන තාක්ම එම ජාතික ලයිස්තු ධූරය පිරවීමෙන් වැළකී සිටීමට තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.
ශාන්ත බණ්ඩාර මහතාට නීතිමය ගැටලුවක් මත තවමත් කුරුණෑගල මන්ත්‍රී ආසන ධූරය හිමිව නැත.
ඒ් අනුව ජාතික ලයිස්තු මන්ත්‍රි ධූරයෙන් ඉවත් වූ ඒ මහතාට මේ වනවිට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැති වන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ.