පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.
අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වැනි දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හැකිවීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ලද ජයග්‍රහණයක් වන්නේය.
එම සුපිරි ජයග්‍රාහකයින්ට අමතරව ජූනි 01 වැනිදා සිට ජූනි මස 29 වැනි දින වන විට දස ලක්ෂපති ජයග්‍රාහකයින් 23 දෙනෙක් ලක්ෂ පහ බැගින් දිනූ ජයග්‍රාහකයින් 28 දෙනෙක් සහ ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 250ක් බිහිකරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත්ව ඇත.
රටක් නගා සිටුවන්නට නිරන්තරයෙන් දායකවන අතරවාරයේදීම මේ ආකාරයෙන් අද්විතීය ලෙස එක පෙළට එක් මසක් තුළ සුපිරි ජයග්‍රාහකයින් හා ජයග්‍රාහකයින් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකිවීම ලොතරැයි ඉතිහාසයෙහිද සංධිස්ථානයක් වනු ඇත.











