ලංකා බැංකුව චීන සංවර්ධන බැංකුව සමග ක්‍රියාත්මක කරන ඇමරිකානු ඩොලර් මිලියන 140ක දිගුකාලීන ණය මුදලෙහි ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් වන පළමු අදියර සඳහා ගිවිසුම්ගත වීම ජුනි මස 30 වැනි අඟහරුවාදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම බැංකු දෙක මගින් අත්සන් තබන ලද මෙම ණය මුදලෙහි 2 වැන අදියර යටතේ වන ඩොලර් මිලියන 70ක් සඳහා වූ ගිවිසුම මෙම වසරේ අවසානයේදී අත්සන් තැබීමට නියමිතය.
covid – 19 ව්‍යසනය හේතු කොට ගෙන මෙම ගිවිසුම සඳහා වූ අත්සන් තැබීම online තාක්ෂණය ඔස්සේ දෙරටම
සම්බන්ධ කර ගනිමින් සිදුවූ අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි ආර්ථික සහ වාණිජ කොන්සියුලර් යැං ශුවොයුආන්, ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආර්.එම්.පී. රත්නායක සහ චීන සංවර්ධන බැංකුවේ ගුවාන්ෂි ශාඛාවේ සාමාන්‍යාධිකාරි මෙයි ශිවාන් යන මහත්වරු සහභාගි වූහ.











