ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඩීමෝ, සීමන්ස් සමාගම හා එක්ව ලංකා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට අත්සන් තැබීය. එම ව්‍යාපෘතියෙහි package 4 Lot A කොටස, බලශක්ති උත්පාදනය, තාක්ෂණික හා විදුලි විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගත් සමාගමක් වන සීමන්ස්හි හවුල්කාරිත්වය ඇතිව ඩීමෝ විසින් සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය හා ඩීමෝ – සීමන්ස් යන දෙපාර්ශ්වය අතර එකඟතා ගිවිසුම අත්සන් තැබීම ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරිණි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, නියෝජ්‍ය සභාපති, වයි.ජී.අයි. සමන් කුමාර, විදුලි බල මණ්ඩල ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. එච්.දිද්දෙණිය, ලංකා විදුලි බල මණ්ඩල ව්‍යාපෘති කළමනාකාර වික්‍රමසිංහ, සීමන්ස් බෙදාහැරීම් පද්ධති ව්‍යාපාර අංශ ප්‍රධානී නිකිලේෂ් අමොන්කර්, සීමන්ස් ලිමිටඞ්හි මූල්‍ය කළමනාකාර මිතුල් ජාවේරි, සීමන්ස්හි ශ්‍රී ලංකා ප්‍රධානී ප්‍රසාද් පල්සෝකර්, සීමන්ස්හි දේශීය ව්‍යාපාර අංශ ප්‍රධානී ප්‍රකාශ් කුමාර් චන්ද්‍රසේකර්, සීමන්ස්හි ව්‍යාපාර අංශ මූල්‍ය ප්‍රධානී වෙන්කටේෂ් සාරතී, ඩීමෝහි විධායක අධ්‍යක්ෂ සරත් අල්ගම, ඩීමෝහි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල හා ඩීමෝහි සාමාන්‍යාධිකාරී ජානක රොඩි්‍රගු යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූහ.











