• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහද්වීපයක් වූ ලංකා දූපතක් වුණේ කොහොමද

June 20, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහද්වීපයක් වූ ලංකා දූපතක් වුණේ කොහොමද
Share on WhatsAppShare on Facebook

හෙළදීපය යනු ශ්‍රී ලංකාවයි. හෙළයේ ඉතිහාසය වසර සියදහස් ගණනක් දක්වා ඇදී යයි. පුරාණ හෙළය, එහි වාසය කල මානවයාගෙන් පමණක් නොව ස්වභාවික විපත් නිසාද දිනෙන් දින විනාශයට ගිය බව අප ඉතිහාසයේ සඳහන් වෙයි. ගං වතුරින්, නාය යෑම්වලින්, මහ සාගරය කෝපවීමෙන්, ගින්නෙන් ආදී වශයෙන් සිදු වූ ස්වභාවික විපත් අප මෑත කාලයේ දුටුවෙමු. ඒ කරුණු එසේ සිදුවෙද්දි ටොලමිගේ සිට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හා වර්තමාන අප දක්වා සිතියම් ගත කළ හෙළයේ හැඩය එකින් එකට වෙනස්ය. ඒ වෙනස්වීම් හමුවේ කෙසේ හෝ ශ්‍රී ලාංකික භූමියේ සිතියම වෙනස් වූයේ සුළුවෙනි. එය වර්ග කි.මී. සීයයකට හෝ දෙසීයකට වඩා නොගියේය. අදින් වසර පන්දහසක නැතිනම් ඊටත් එහා ගිය හොමෝ සාපියන්ගේ මානව ශිෂ්ටාචාරයේ සිට පැවැත එන මානවයා ගැන සේම, එම මානවයන් ජීවත් වු මිහිකත පිළිබඳව නොයෙකුත් වාද විවාද මගින් සපථ කිරීමට උත්සාහ දරන්නේ මිහිකතේ පුරාණය ගැනය, නැතිනම් මානවයාගේ ආරම්භය ගැනය. එහෙත් ඒ සියල්ලට වඩා සොබාදහම විසින් යටපත් කළ පුරාණයක් හෙලයට ඇත. එය නම් හෙළ දීපය ඉතිරි කළ ලෙමූරියා (Lemuria) මහද්වීපයේ ඉතිහාසයයි.

ලෙමූරියා මහද්වීපය පිළිබඳව මුල්ම කතාබහ කරළියට පැමිණෙන්නේ දකුණු ඉන්දියාවෙනි. ඒ කතාබහද අද ඊයෙක සිදුවන්නක් නොවේ. ඉන්දියානු පුරාවිද්‍යාඥයින් හා ගවේෂකයන් එසේ කතා කරද්දි අප ඒ පිළිබඳව සටහනක් තැබීම ඉතා වැදගත්ය. ඒ වෙන කිසිවක් නිසාවත් නොව ලෙමූරියා (Lemuria) මහද්වීපය පිළිබඳව කතා කිරීමට වැඩි යුතුකමක් ඇත්තේ අපටය.
ලෙමූරියාව යනු වර්තමාන ශ්‍රී ලංකාවට බටහිරෙන් නැගෙනහිරෙන් හා දකුණු දෙසින් එකට සම්බන්ධ වී පිහිටා තිබූ විශාල භූමියක්ය. අද අප වාසය කරන වර්තමාන ලංකාවේ භූමියට ආසන්න වශයෙන් සමානව තවත් 49 ගුණයකින් යුත් භූමියක් මෙම හෙළ දීපයට සම්බන්ධ වී තිබී ඇත. එය නූතන සමාජය “ලෙමූරියා” මහද්වීපය ලෙස හඳුන්වනු ලබයි. පුරාණ ඉතිහාසයේ මෙම ලෙමූරියා මහද්වීපයේ රටවල් 49ක් පිහිටා තිබී ඇති බවට දකුණු ඉන්දීය පුරාවිද්‍යා සාගර ගවේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම ලෙමූරියා මහද්වීපය පිළිබඳව වැඩි වශයෙන් සඳහන්ව ඇත්තේ මහා භාරතයේ පැරණි ග්‍රන්ථවලය. ඒ අනුව ඔවුන් විසින් විටින් විට අවස්ථා කිහිපයකදි මෙය පිළිබඳව ගවේෂණයන් සිදුකර ඇත. ඊට අමතරව බි්‍රතාන්‍ය හා එංගලන්ත පුරාවිද්‍යා විද්වතුන්ද, දකුණු ඉන්දීය පුරාවිද්‍යා ගවේෂකයන්ගේ ගවේෂණවලට පෙර අදහස් දක්වා තිබීමෙන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් ඇති වී තිබේ. බටහිර පුරාවිද්‍යා විශාරදයින් මෙම මහද්වීපය ලෙමූරියා (Lemuria) ලෙස සඳහන් කරද්දි දකුණු ඉන්දීය පුරාවිද්‍යා හා සාගර ගවේෂකයන් “කුමරි කණ්ඩම් (Kumari Kandam) සේ ප්‍රකාශ කර සිටියි. දමිළ භාෂාවෙන් “කණ්ඩම්”හි අර්ථය වන්නේ මහද්වීපය යන්නය. කණ්ඩම්හි මුලට “කුමරි” ලෙස යොදාගෙන ඇත්තේ පුරාණයේ මෙම මහද්වීපය ප්‍රධාන වශයෙන් බස්නාහිරට වර්තමාන මැඩගස්කරයත්, උතුර දෙසට දකුණු ඉන්දීයාවේ කන්නියා කුමරි දිස්ත්‍රික්කයත්, නැගෙනහිරෙන් ඕස්ටේ්‍රලියාවත් මායිම් කරගනිමින් පිහිටා තීබිම නිසාය. මෑත කාලයේ දකුණු ඉන්දීය පුරාවිද්‍යාඥයෙකු වන රීසා බාලු මහතා විසින් කන්නියා කුමරි දිස්ත්‍රික්කයේ සාගර ගවේෂණවලින් සොයාගත් පැරණි ජනවාසවල නටබුන් හා භාරතයේ ඇති වසර දහස් ගණන් පෞරාණික ගොඩනැගිලිවල ඇති ගල් කැටයම් හා ඉදිකිරීම් තාක්ෂණයට මෙම නටබුන් සමාන නිසාත් මෙම ලෙමූරියා මහද්වීපය කන්නියා කුමරි දිස්ත්‍රික්කයත් සමග සම්බන්ධ වී තිබූ භූමියක් නිසාත් කුමරි කණ්ඩම් ලෙස සඳහන් කරයි. ලංකාවේද පැරණි වෙහෙර විහාරස්ථානවල එයට සමානකම් පාන ගල් කුලුනු ආදී නටබුන් තවමත් ඇත.
එංගලන්තයේ පුරාවිද්‍යා ගවේෂකයෙක් වූ පිලිප් ලට්ලි ස්ක්ලාටර් ( Philip Lutley Sclater) මහතා විසින් ක්‍රි.ව. 1264 දී, අතීත භාරතයේ දකුණු දෙසින් පිහිටි කඳුවැටි ආශ්‍රිතව සිදුකළ කැණීම්වලදි “ලෙමූරි නම් සත්වයෙකුගේ වසර සිය ගණනක් පැරණි යයි සැලකෙන ඇටසැකිල්ලක් සොයාගෙන ඇත. එම ලෙමූරි නම් සත්වයා වර්තමානයේ දකුණු අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බහුලව ජීවත්වන අතර ලංකාවේ කලවැද්දාට බොහෝ සමාන වෙයි. එම නිසා මහ මුහුදට යට වූ මහද්වීපයේ සිට මෙම ලෙමූරි නම් සත්වයන් සංක්‍රමණය වන්නට ඇතැයි යන හේතුව මත හෙළයේ මුහුදට යට වූ මහද්වීපය ලෙමූරියා යන නමින් හැඳින්වූ බව, ක්‍රි.ව. 1899 ප්‍රකාශිත ඔහුගේ The Geoghraphy of Mammals නම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. ඉහත ඡයසකසච ඛමඑකැහ ීජක්එැරගේ මතය තහවුරු කරන තවත් කරුණක් වන්නේ ජර්මනියේ ජීව විද්‍යාඥයෙකු වන ඒරන්ස් හැකල් (Eranst Heackel) විසින් 1868 දී ලියා පළ කළද හිස්ටෝරි ඔෆ් ක්‍රියේෂන් (The history of creation) නම් ග්‍රන්ථයේ ඇති කරුණු සලකා බැලීමෙනි. එහි එක් ස්ථානයක සඳහන් වන්නේ “මුල්ම මානවයා බිහි වී ඇත්තේ අප්‍රිකාවෙන් නොව ලෙමූරියාවෙනි” යනුවෙනි. ඒ අනුව පුරාණ හෙළය හෙවත් ලෙමුරියාහි ජීවත් වූ ආදී මානවයින් එකල සිදු වූ මහා මුහුදු කැලඹීම් නිසා සිදු වූ ව්‍යවසනයන් හේතුවෙන් පසුකාලීනව අප්‍රිකාව, ආසියාව හා ඕස්ටේ්‍රලියාව ආදී රටවල්වලට සංක්‍රමණය වූ බව විශ්වාස කෙරේ. අවසන් සංක්‍රමණයෙන් පසුව ඉතිරී වූ මානවයින් පරම්පරාව වර්තමානයේ වාසය කරන ජනතාව බව මේ අනුව විශ්වාස කළ හැකිය.

මෙම මුහුදුබත් වූ මහද්වීපය ස්වර්ගයක් ලෙසත්, මානවයාගේ තොටිල්ල ලෙසත් ඒරන්ස් හැකල් තවදුරටත් සඳහන් කර ඇත. ඔහුගේ සමකාලීන විද්වතුන්ද, ඔහුගේ මෙම අදහස පිළිගෙන ඇත.
දකුණු ඉන්දීය සාහිත්‍යවේදියෙකු වන සූර්යා නාරායන විසින් රචිත 1903 වසරේදී ප්‍රකාශිත “දෙමළ භාෂාවේ ඉතිහාසය” නම් කෘතියේද මෙම ලෙමූරි දේශය පිළිබඳව සඳහන් කර තිබෙනවා.
අදින් වසර දහහත්දහසකට පෙර (17000) පෙර ලෙමූරියා මහද්වීපයේ සිදු වූ ප්‍රථම මුහුදු කැලඹීමක් නිසා ලෙමූරියා දේශයේ කොටසක් මුහුදුබත් වූ බවත්, ඉන් වසර තුන් දහසකට පසුව එවැනිම මුහුදු කැලඹීමක් නැවතත් සිදු වී ඇති අතර එයින් ලෙමූරි මහද්වීපයේ තවත් කොටසක් මුහුද විසින් ගිලගෙන ඇත. ඉන් වසර පන්දහසකට පසුව නැවතත් එවැනිම මුහුදු කැලඹීමක් නිසා අද පවතින ශ්‍රී ලංකාවට සමාන භූමියක් හා මැඩගස්කරය, මාලදිවයින් දූපත් පමණක් ඉතිරිව ඇති බව මෑතකාලීන ගවේෂකයන් සොයාගෙන ඇත. එසේම තවත් වාර්තාවක සඳහන් වන්නේ අදින් වසර අටදහසකට පමණ පෙර ගෝලීය උෂ්ණත්වය පොළොවට දරාගත නොහැකි ලෙසින් ඉහළ ගිය නිසා විශාල බෝලයක් වැනි පාෂාණයක් ලෙමූරියාවට පතිත ඇති බවයි. ඒ පාෂාණය විශාල භූමි භාගයක් සමග එය මුහුදු පතුලට ගිය බවය. මෙම කරුණු කෙසේ වෙතත් කිසිම රාජ්‍යයක් මෙය නිල වශයෙන් පිළිගෙන නොමැතිවූවත්, මෙම ත්‍රිත්ව ව්‍යවසනයෙන් පසුව ලෙමූරියාවේ මුහුදු මට්ටමින් මීටර සිය ගණනකින් උස්ව පැවැති කඳු සහිත ප්‍රදේශ වන්නේ ශ්‍රී ලංකාව, මැඩගස්කරය, දකුණු ඉන්දියාව, මාලදිවයින හා ෂිසෙල් දූපත් බව දකුණු ඉන්දීය ගවේෂකයන්ගේ මතයයි.

විශේෂයෙන් අප අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් ඇත. මෙලෙස ලෙමූරියා ලෙස හෝ කුමරි කණ්ඩම් ලෙස මහද්වීපයක් මුහුදට යටවී තිබුණි නම්, මෙම ලෙමූරියා මහද්වීපය හෙළ මහද්වීපයක් බව සඳහන් කරන්නේ කෙසේද යන්නයි. මෙම මුහුදුබත් වූ මහද්වීපය පිළිබඳව වැඩියෙන් ගවේෂණය කරන්නේ දකුණු ඉන්දීය ගවේෂකයන්ය. එසේම ඒ පිළිබඳව විශේෂ පැරණි පුස්කොළ ග්‍රන්ථවල සටහන් ඇත්තේද දකුණු ඉන්දීය ග්‍රන්ථවලය. ඒ අනුව බලන කල ලෙමූරියා මහද්වීපය යනු වසර පනස් දහසකටත් වඩා පැරණි හෙළ රාජ්‍යයක්ය.
තවද හෙළයේ ඇති තල් ගස්වලට සමාන තල් ගස් වර්තමානයේ පිහිටා ඇත්තේද දකුණු අප්‍රිකාව, මැඩගස්කරය, දකුණු ඉන්දියාව හා ඕස්ටේ්‍රලියාව වැනි රටවලවලය. එම රටවල්හි තල් ගස් පමණක් නොව එහි පලදාවද ලංකාව හා සමානය.

ලෙමූරියා මහද්වීපය පිළිබඳව ගවේෂණය කරන දකුණු ඉන්දියානු ගවේෂකයන්ගේ අවසාන සටහන වන්නේ ක්‍රි.ව. 1968දී ඉන්දියාව හා ලංකාවේ තලෛමන්නාරම් මුහුදු සීමාවේ ඇති දනුෂ්කොඩි කුඩා දූපත් පිළිබඳවය. ක්‍රි.ව. 1968 ට පෙර දනුෂ්කොඩි දක්වා දුම්රිය ගමන් සිදුවූවා මෙන්ම එය කුඩා වරායක් ලෙසද භාවිතයට ගෙන තිබිණි. එහෙත් 1968 දී සිදුවූ මුහුදු ව්‍යවසනයත් සමග මුහුදට යට වූ එය වර්තමානයේ කුඩා වැලි තලාවකට පමණක් සීමාවී ඇත.
මෙම කරුණු තවදුරටත් සනාථ කෙරෙන සුවිශේෂී ප්‍රවෘත්තියක් මීට දින කිහිපයකට පෙර අසන්නට ලැබිණි. පෙර සඳහන් කළ ජර්මානු ජීව විද්‍යාඥ ඒරන්ස් හැකල්ගේ මතය බොහෝ දුරට සමාන කරමිනි. 1979 වසරේ සිට ආරම්භ කළ පාහියංගල පුරාවිද්‍යා කැණීම් පිළිබඳව නිකුත් නිල වාර්තාවට අනුවයි. වසර 48000කට පෙර හෙළයේ ආදි මානවයන් ජීවත්වී ඇති බවට කළ වාර්ථාවෙනි. පාහියංගල මෙම පුරාවිද්‍යා කැණීම් මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතායි. දකුණු ආසියාවේ හෝමෝ සාපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමුවූ ස්ථානය ලෙස පාහියංගල ලෙන් ගුහාව බව ප්‍රකාශ කෙරුණා. පාහියංගල මෙම පුරාවිද්‍යා කැණීම් ව්‍යාපෘතියට සම්බන්ධවී පර්ය්ෂණවල නියැළුණු ඕස්ටේ්‍රලියාවේ පුරාවිද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිෂෙල් ලැන්ග්ලි ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවෙන් සොයාගත් සත්ව අස්ථි කොටස්වල ඇති සලකුණු අනුව දුනු සහ ඊතල භාවිතයෙන් දඩයම් කිරීමේදී ඇතිවන බිඳීම් එම් අස්ථි කොටස්වල දක්නට ලැබෙන බවය. පුරාණයේ සිට වර්තමානය දක්වා ඇති කරුණු කාරණා හා සාධක අනුව බලන කල වර්ග සැතපුම් හාර ලක්ෂයකට අධික ලෙමූරියා හෙවත් හෙළ මහද්වීපයක් අදින් වසර 17000කට පෙර තිබී ඇති අතර, එය අදින් වසර නව දහසකට පමණ පෙර සම්පූර්ණයෙන්ම මුහුදුබත් වූ බවයි.
රොෂාන් මාවතගම

SendShareShare
Previous Post

අමතක කරමුද බොන්ඩ්ගේ කතා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඩීමෝ සහ සීමන්ස්, ලංකා විදුලි බල මණ්ඩලය සමග අත්වැල් බැඳ ගනියි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.