• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිනිස්සු ආදරය කළ ‘රේඛා’

June 20, 2020
in Heart
Reading Time: 4 mins read
A A
මිනිස්සු ආදරය කළ ‘රේඛා’
Share on WhatsAppShare on Facebook

‘රේඛාවක්’ යනු බොහෝ විට යම් සිතුවමක ආරම්භයකි.
එලෙසම ‘රේඛාවක්’ හරහා බොහෝ අලංකාර වූ නිර්මාණයන් මවන්නට පුළුවන.
මේ කතා කරන්නට සැරැසෙන්නේද ඉතාම අලංකාර මෙහෙවරක යෙදුණු සුවිශේෂී රේඛාවක කතා පුවතක් ගැනය.
එය ඒ අතිශය සුන්දර වූ මනරම් ටෙලි කතාවකි. සංගීතයෙන්ද, නැටුමෙන්ද, කලාත්මක හින්දි චිත්‍රපටයක් තරමට සුන්දර වූ ‘රේඛා’ ටෙලිනාට්‍යය රූපවාහිනී තිරයෙහි පළමු වතාවට දිගහැරුණේ 1984 අවුරුද්දේය.
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය ඉතිහාසයේ තුන්වැනි ටෙලිනාට්‍යය වූ රේඛා ටෙලි සිනේ නිෂ්පාදනයක් වූ අතර, එහි අධ්‍යක්‍ෂවරයා වූයේ ජාත්‍යන්තර වශයෙන්ද කීර්තියට පත් සිනමා නිර්මාණකරුවකු වූ ඩී. බී. නිහාල්සිංහ සූරීන්ය.
මිහිරිමය ටෙලි කතාවක් වූ රේඛා ගැන මතකය නැවැත ප්‍රේක්‍ෂකයන් වෙත ගෙන එන්නට, රේඛා ගැන කතාබහ කරන්නට, එදා රසාප්ලිප්ත දායකත්වයක් එයට තිළිණ කළ කලාකරුවන් සොයා යන්නට, සිතට දැනුණු පිපාසය අතහැර දමන්න ‘හදවත’ට නොහැකි විය.
ඉතින්…,
මේ ඔබ ඉදිරියේ පෙළගැසෙන්නේ, රේඛා වර්ණවත් කළ රංගවේදීන් රේඛා ගැන දොඩමලු වූ අසිරිමත් විරාමයයි.
‘මායා’ගේ චරිතයට පණ දුන් චන්ද්‍රලේඛා පෙරේරාව මේ කතාබහට කොටුකර ගන්නට මඳක් අපහසු වුණේ, ඈ මේ දිනවල සිය සැමියාගේ මැතිවරණ කටයුතුවලට සහයෝගය දක්වමින් කාර්යබහුලව සිටින නිසයි.
ඒත්…,
මාධ්‍යයට කවදත් හිතැති මේ නිහතමානී කලාකාරිය ‘හාට්’ වෙනුවෙන් විනාඩි ගණනක් දුන්නේ හරිම සුහදවයි.
‘කොතැනින්ද ඉතින් දැන් මම පටන් ගන්න ඕනෑ’
චන්ද්‍රලේඛා පළමුව සිය හඬ අවදි කළේ ප්‍රශ්නයකින්.
මායාගේ චරිතයට ඔබට ආරාධනා ලැබුණු තැනිනුයි. අප ඇයට පිළිසඳරට අවතීර්ණ වීම පහසු කළා.
සත්තකින්ම කියනවා නම් අදටත් මම ඒ පුදුමය අත්විඳිනවා කිව්වොත් හරි.
එතකොට මම තරුණ සේවා සභාවේ ගායිකාවක ලෙස මගේ හැකියාව දියත් කරමින් හිටපු කාලේ. ඩී. බී. නිහාල්සිංහ මහත්තයා මට ආරාධනා කළා ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතය බාර ගන්නය කියලා.
ඇත්තටම කියනවා නම් මට දැනුණු මහා පුදුමය තුළ මම ඒ මොහොතේ තත්ත්පර ගණනක් ගොළු වුණා. පළමු රංගනය ප්‍රධාන චරිතයක්. අනෙක මගේ හඬින්ම ගීත ගයමින්ම කළ යුතු රඟපෑමක්. කොයිතරම් අපූරු වරමක්ද? අනේ මම කොච්චර වාසනාවන්තයිද? කියලා මට හිතුණා.
චකිතයක්, බියක් දැනුණේ නැද්ද? හා හාපුරා කියා දැවැන්ත නිර්මාණයකට එක්වීම ගැන?
බයක් නොතිබුණේම නැහැ. චකිතයකුත් හීනියට වාගේ පැත්තක තිබුණා. ඒත් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම රඟපාන්න තිබුණු අසීමිත ආසාවට, උනන්දුවට හිතපු නැති විදියට අවස්ථාවක් ලැබුණු එක ගැන මහා සතුටක් හිතට දැනුණා.
ඔබ නිළියක වීමේ හීනයක හිටියද?
නැතුව, නිළියක වෙන්න මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. ගාමිණී, මාලනී, විජය රඟපෑ චිත්‍රපට දකින කොට අනේ මටත් මෙහෙම රඟපාන්නට තිබුණා නම් කියලා හිතුණු වාර අනන්තයි.
රේඛා ටෙලිනාට්‍යයට ආරාධනා එනකොටත් ඒ හීනේ හිතේ කොනක තිබුණා.
අනෙක හීනය ඉටුවන ආරාධනය ලැබුණේ කලා ලොවේ විශිෂ්ටයකු වෙතින්.
බොහෝ විට ඒ වරම ලැබුණේ ඔබේ සුමධුර හඬ නිසයි?
සහතිකවම ඒක එහෙමයි. නිහාල්සිංහ මහත්තයා හෙව්වෙත් හොඳින් ගයන්නට පුළුවන් නිළියක්. එවකට මම උසස් පෙළ කරමින් සිටියේද සංගීත අංශයෙනුයි.
රේඛා ටෙලිනාට්‍ය ඔබේ ගායන කලාවේ හැරවුම් ලක්‍ෂ්‍යය කිව්වොත් හරි නේද?
හරියටම හරි. ඒ ලස්සන ගීත ගායනය හරහා ප්‍රේක්‍ෂකයන් මගේ හඬට වඩාත් සමීප වුණා. රේඛාහී ගීත කැසට් අලෙවි වුණේ ආදායම් වාර්තා බිඳ හෙළමින්.
ඔබේ ලස්සන හඬ එයට පිටිවහලක් වුණා?
මගේ හඬ පමණක් නෙවෙයි, ලක්‍ෂ්මන්ගේ හැඟීම්බර, නිවුණු හඬ, රෝහණ වීරසිංහයන්ගේ සංගීතය, සුනිල් ආරියරත්නයන්ගේ සොඳුරු පදවැල් සමඟ නිහාල්සිංහ සූරීන්ගේ අධ්‍යක්‍ෂණයෙන් හැඩ වූ තුන්කොන් ප්‍රේම වෘත්තාන්තයද එම ජනප්‍රියත්වයට බොහෝ ඉවහල් වුණාය කිව්වොත් එය සාධාරණයි මම හිතන්නේ.
රේඛා මෙතරම් තදින් ප්‍රේක්‍ෂක සිත් සනසාවි යැයි ඔබ සිතුවේ නැහැ?
නිසැකවම, තවමත් ප්‍රේක්‍ෂකයනට අමතකව නැති තරමේ මෙතරම් සුන්දර ප්‍රතිචාරයක් ‘රේඛා’ වෙත ලැබේවි යැයි සිතුණේ නැහැ.
එදා එළිමහන් ගීත ප්‍රසංගවලදී රේඛා වෙනුවෙන් ඔබට අසීමිත ප්‍රතිචාරයක් ලැබුණාලු?
ඔව්. ඉතින්, දැන් කාලේ වාගේ අපේ නිර්මාණ කොයිතරම් ජනප්‍රියද, ප්‍රේක්‍ෂකයනට කෙතරම් සමීපයිද කියා මැන බලන දියුණු තාක්‍ෂණයක් එදා තිබුණේ නැහැ.
මුහුණු පොතේ හෝ වෙනත් සමාජ ජාලා වෙබ් අඩවියක අප වෙනුවෙන් අද දක්වන කමෙන්ට්ස් ලයික් වැනි දේ එදා අපට ලැබුණේ මඟතොටේදී එළිමහන් සංගීත ප්‍රසංගයකදී තමයි.
රේඛා එකේ සින්දුවක් ඉල්ලලා අසන්නෝ කෑගසන විට තමයි බොහෝ විට දැනුණේ රේකා ටෙලිය සහ එහි ගීත කෙතරම් ප්‍රේක්‍ෂකයනට සමීපයිද කියලා. ඒ වාගේම බොහෝමයක් ගීත කැසට් සඳහා මට ඇරැයුම් ලැබෙන්නටද රේඛා ටෙලිනාට්‍යය විශාල අනුග්‍රහයක් වුණා.

ප්‍රසාද් නම් සංගීත ගුරුවරයාගේ පෙම්වතිය වූ රූපා දේවි ලෙස රේඛා ටෙලිනාට්‍යයේ සිය රංග ප්‍රතිභාව දැක්වූයේ දේවිකා මිහිරාණිය. ප්‍රවීණ වේදිකා නිළියක වූ දේවිකා මිහිරාණි ‘දිමුතු මුතු’ හී රඟපාමින් ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ ප්‍රථම නිළි රැජින වීමේ භාග්‍යයද හිමිකර ගත්තාය.
‘රේඛා’ ටෙලිනාට්‍යය ගැන මතකය ටිකක් අවදි කරමුදැ’යි යන්නෙන් අප කළ ආරාධනයට දේවිකා ඒ සිය අනුමැතිය පෑවේ ඉමහත් සතුටෙනි. ‘රේඛා’ කියන්නේ ඇත්තෙන්ම දශක ගණනාවක් පුරා වුණත්, කතා කරන්න පුළුවන් හරිම සුන්දර ගීතමය ටෙලි වෘත්තාන්තයක්. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ තුන්වැනි ටෙලිනාට්‍යය වූ ‘රේඛා’ හී ගීත පවා තවමත් කොයිතරම් ජනප්‍රියයිද?
රේඛා විකාශනය වූයේ 1984 අවුරුද්දේ. අද වනතුරු අවුරුදු තිස් ගණනක ඇවෑමෙනුත් එහි ගීත ප්‍රේක්‍ෂක සිත් සනසනවා..,
චන්ද්‍රලේඛාගේ දූ වින්ඩි සමඟ ලක්‍ෂ්මන් විජේසේකර මෑතකදී කළ එහි ගීතවලට රසිකයෝ විශාල ප්‍රතිචාරයක් දැක්වූයේද ඒ නිසයි. දීර්ඝ පැහැදිලි කිරීමක් මත දේවිකා මිහිරාණි ‘රේඛා’ ටෙලි මතකයට මුල පිරුවේ එහෙමයි.
ඉතින් කියන්න, ඔබ ‘රේඛා’වෙහි එක් රේඛාවක් වූයේ කොහොමද?
එය නිහාල්සිංහ මහතාගේ කාරුණික ආරාධනයක්, ‘දිමුතු මුතු’ තුළින් ප්‍රේක්‍ෂකයන් මා වෙත දුන් අසීමිත ප්‍රතිචාර හමුවේ නිහාල් මහතාගේ දෙවැනි ටෙලි නිර්මාණයේද මට ප්‍රධාන චරිතයක් ලැබුණා.
ඔබ රංගනයට එක්වූයේ කෝඩුකාර නළු – නිළි යුවළක් සමඟයි?
ඔව්. ‘රේඛා’ ලක්‍ෂ්මන්ගේ සහ චන්ද්‍රලේඛාගේ පළමු ටෙලි කතා මාලාවයි. නමුත් ඔවුන් දෙදෙනා සමඟ රඟපාන විට මට එවැනි කෝඩුකාර බවක් ඔවුන් තුළ පෙනුණේ නැහැ. ඉතාම දක්‍ෂ ලෙස චන්ද්‍රලේඛා සහ ලක්‍ෂ්මන් විජේසේකර සිය රංගන දායකත්වය තිළිණ කළා.
ඔබ එහි රඟපෑවේ නැටුම් ගුරුවරියක ලෙසයි?
ඔව්. රූපා දේවිය නම් ප්‍රසිද්ධ නර්තනවේදිනියකගේ චරිතයයි මට ලැබුණේ.
රේඛා වෙනුවෙන්ම ඔබ නැටුම් කලාව හැදෑරුවාද?
අපොයි නැහැ. මම උඩරට, පහතරට නැටුම් කලාව ප්‍රගුණ කොට තිබුණේ ඊට පෙරාතුවයි.
හැබැයි, නිහාල්සිංහ මහතාගේ උපදෙස් මත මා ‘රේඛා’ ටෙලිනාට්‍ය සඳහා භාරත නැටුම් කලාව හදාරන්නට ගත්තා. නර්තනවේදිනියගේ චරිතය සාර්ථකව නිම කිරීම සඳහා මම ඉතා උනන්දුවෙන් භාරත නැටුම් ඉගෙනගත්තා. ඒ කාලේ ටෙලි කලාව අදට වඩා වෙනස්. ඒ කාලේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය වූයේ බොහොමයක්ම අඩු සම්පත් හරහා. නමුත් අපි හැමෝගෙම කැපවීම සහ උනන්දුව ඉතාම උසස් මට්ටමක තිබුණා. අන්න ඒ නිසා තමයි එවැනි නිර්මාණ ගැන මතකයන් ජනතාවට අමතක නොවන්නේ. ඒ සඳහා හොඳම නිදසුන වන්නේ, ‘රේඛා’ ටෙලිනාට්‍යය ප්‍රේක්‍ෂකයන්ගේ සුවිශේෂී ඉල්ලීම මත කිහිප වතාවක්ම විකාශනය වීමයි. එලෙසම ඒ නැවැත විකාශනයත් සමඟ තව තව ප්‍රේක්‍ෂකයන් එයට සමීප වුණා.
උතුරු ඉන්දීය ආභාෂය උකහා ගත්තාය කියන චෝදනාව ‘රේඛා’ ටෙලිය වෙත එල්ල වුණා නේද?
ඕනෑම නිර්මාණයකට විවේචන එල්ල වීම සොබාවිකයි. රේඛා වැනි වෙනස් මඟක් ගත් ටෙලි නාට්‍යයකට එය වඩා සුවිශේෂීයි.
‘රේඛා’ හී ජනප්‍රියත්වයට වඩා ඉවහල් වූයේ ලක්‍ෂ්මන්ගේ සහ චන්ද්‍රලේඛාගේ ගීතමය සුසංයෝගය නේද?
අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මධුර, සුමධුර ගී ‘රේඛා’ ඉහළ තැනක ඔසවා තැබුවා. අදටත් ඒ ලස්සන සින්දු ප්‍රේක්‍ෂක සිත් සනසන්නේ ඒ නිසයි.
දිමුතු මුතු හරහා ආරම්භ වූ ඔබේ ජනප්‍රියත්වය ස්ථාවර වූයේ ‘රේඛා’ නිසයි?
ඔව්, රූපා දේවිය කෙරෙහි ඔවුන් හැඟීම්බර වුණාය කිව්වොත් එය වඩා නිවැරැදියි. එයට හේතුව වූයේ, ප්‍රසාද්ගේ අවධානය සහ මනාපය මායා වෙත එල්ල වන විට රූපා දේවිගේ දෙනෙතට කඳුළු උනන විට ප්‍රේක්‍ෂකයන් ඒ කෙරෙහි සංවේදී වුණා. ඔවුන් එතැනදී රූපාදේවිට අනුකම්පාවක් සේම ඇල්මක්ද දැක්වූවා. ‘දේවිකා මිහිරාණි’ ඔවුනගේ සිත් තුළ මිහිදන් වූයේ එහෙමයි.
මඟතොටදී අදත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙනවා?
ටෙලි කලාවට හානියක් නොවුණු ඒ යුගයේදී අප ඉතාම කැපවීමෙන් කළ චරිත නිරූපණයන් ප්‍රේක්‍ෂක සිත් තුළ තැබූ මතකයන් අමරණීයයි. විශේෂයෙන්ම ‘රේඛා’ වෙනස් මඟක් ගත් සංගීතමය ටෙලිනාට්‍ය නිර්මාණයක්. එතරම් අපූරුවට සංගීතය හා බැඳුණු ටෙලි නිර්මාණයක් නැවැත බිහි වූයේ නැහැ. එහි පංගුකාරියක් වීම ගැන මම ආඩම්බර වෙනවා.

පළමුව ප්‍රසාද් නම් සංගීත ගුරුවරයාගේ චරිතයට පණ දුන් ඒ ප්‍රවීණ ගායන ශිල්පී රංගවේදී ලක්‍ෂ්මන් විජේසේකර අප සමඟ එක්විය.
සත්තකින්ම කියනවා නම් නැවැත නැවැතත් මතකය අලුත් කරන්නට තරම් සුන්දර ටෙලිනාට්‍යයක් ලෙස රේඛා හඳුන්වන්න පුළුවන්.
රේඛා කියන්නේ ලංකාවේ තුන්වැනි ටෙලිනාට්‍යයයි. ඒ වගේම ලංකාවේ නිර්මාණය කරපු පළමු සහ එකම සංගීතමය ටෙලිනාට්‍යය නිර්මාණයද එයයි. ‘ඉරපායා’ නමින් එක් ටෙලිනාට්‍යයක් බිහිවුණත් එහි අඩංගු වූයේ ගීත දෙකක් පමණයි.
රේඛා කියන්නේ සින්දු 10 – 12ක් පමණ තිබුණු ටෙලිනාට්‍යයක්. ඒ ඔබේ පළමු රංගනයයි?
ඔව්… මම ඊට කලින් රංගනයක නිරත වූයේ නැහැ. ප්‍රේක්‍ෂකයන් මාව හඳුනාගෙන සිටියේ ගායන ශිල්පියකු ලෙස පමණයි.
අනෙක් කාරණය, රේඛාහි ප්‍රසාද් සඳහා පළමුව ආරාධනා ලැබුණේ රෝහණ වීරසිංහයි. එවකට මම වගේම රෝහණත් තරුණ වයසේ සිටි අයනෙ. රෝහණට නිහාල් සිංහ මහතා විසින් ආරාධනය ලැබූ මොහොතේ රෝහණ එය ඉතාම කාරුණිකව ප්‍රතික්‍ෂේප කොට තිබුණේ ප්‍රසාද්ගේ චරිතය සඳහා නියම සුදුස්සා ‘මම’ය කියන එක නිහාල්සිංහයන්ට වටහා දෙන අතරමයි. ප්‍රසාද්ගේ චරිතය සඳහා තෝරන රංගනවේදියාව ගහන්නට අවශ්‍ය හැකියාවද තිබිය යුතු නිසයි මගේ නම රෝහණ යෝජනා කර තිබුණේ.
ඔබ එය සතුටින් බාරගත්තා?
පොඩි චකිතයක් වාගේ දැනුණා ඇත්තටම. මොකද පළමු රංගනය නිසා. ඒත් ඉතින් හුඟක් හොඳ මට්ටමේ ගීත සංකලනයක් එහි තිබුණු නිසා වගේම නිහාල්සිංහ වැනි ප්‍රවීණයකු හමුවේ ලැබෙන වරමක් අහිමිකර ගැනීමට තිබෙන අකැමැත්ත නිසා මම එම අවස්ථාව සතුටින් බාරගත්තා.
‘රේඛා’ ටෙලිනාට්‍යය විකාශනය වන විට හිතට ආඩම්බරයක් දැනෙන්නට ඇති?
‘රේඛා’ විකාශනය වන විට අපේ ගෙදර ටී.වී. එකක් තිබුණෙත් නැහැ. අල්ලපු ගෙදරක ටී.වී. එකකින් තමයි එය නැරැඹුවේ. ඇත්තෙන්ම සිතට ලොකු සතුටක් දැනුණාම, වගේම හඬින් ගයමින්ම මම රඟපාන විට.
හැඩත්, රුවත් ජනප්‍රිය වෙනකොට ඔබට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?
එහෙම ලොකු ජනප්‍රියත්වයක් මා හඹා ආවාය කියන හැඟීමක් දැනුණාය කියා මතකයක් නම් නැහැ. ටෙලිනාට්‍යයක් ලෙස රේඛා ජනප්‍රිය වුණා. පෞද්ගලිකව මම ජනප්‍රියත්වයට පත්වුණාය කියා මහා ලොකු යමක් එතැන සිදුවූයේ නැහැ.
මඟතොටදී මුණගැහෙන අය මගේ රංගනය සහ ගායනය වෙනුවෙන් සතුටුදායක ප්‍රතිචාර දෙන විට නම් මට ලොකු තෘප්තියක් දැනුණා.
‘රේඛා’ හී සියලුම ගීත අසීමිත ජනප්‍රියත්වයකට බඳුන් වුණා?
ඒ ගැන නම් කියන්නට වචන නැති තරමයි. රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් ආරියරත්නගේ වචන එකතුවෙලා අපූරු ගීත ටිකක් හැදුණා.
මට මතකයි ඒ කාලේ ඉතින් දැන් වාගේ සී.ඩී. නෑනේ. කැසට් තමයි තිබුණේ. මාසයක් ඇතුළත කැසට් 35,000ක් විතර අලෙවි වුණා.
අනෙක අපි රෙකෝඩින් කළේ බොහොම අඩු සම්පත් මැද. ඒ කාලේ අද වාගේ තාක්‍ෂණය දියුණුත් නැහැ.
හැබැයි එහෙමය කියලා ඒ සින්දුවල කොලිටි එකට නම් අදටත් හානියක් සිදුවෙලා නැහැ.
රේඛා ගැන කතා කරන මේ මොහොතේ, ඔබට හිතෙන්නේ නැද්ද එවැනි නිර්මාණයක් කළා නම් හොඳ නේදැයි කියලා?
මෙහෙමයි, අද දියුණු තත්ත්වයක තියෙන නව තාක්‍ෂණයක් සමඟ එවැන්නක් අති සාර්ථකව නිර්මාණය කරන්නට පුළුවන්.
නමුත්, ගීත 10ක්, 12ක් සමඟ ටෙලියක් කරන විට ඒ සඳහා වැයවන මිල මුදල ගැන හිතනකොට අද ආර්ථික තත්ත්වයට සාපේක්‍ෂව නම් එය තරමක් අසීරු කටයුත්තක් වේවි කියලයි මට හිතෙන්නේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඩීමෝ සහ සීමන්ස්, ලංකා විදුලි බල මණ්ඩලය සමග අත්වැල් බැඳ ගනියි

Next Post

මහින්දට 50යි; මටත් දැන් 50යි

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.