ශ්‍රී ලංකාවේ විශාලතම අක්ෂි ආරක්ෂණ සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය දිවයින පුරා විසිරී ඇති තමන්ගේ සියලු ශාඛා විවෘත කිරීමට කටයුතු කරයි. තම ශාඛා සියල්ලේහිම කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තිය නැතිකිරීමට අවශ්‍ය නිවැරදි සෞඛ්‍ය සහ සනීපාරක්ෂණ ක්‍රමවේදයන් ස්ථාපිත කර ඇති අතර ශාඛා වෙතට පැමිණෙන සෑම පාරිභෝගිකයෙකුම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව පිළිගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව ආයතනය විසින් තම සේවකයන්ගේ සහ පැමිණෙන පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සහතික කිරීම උදෙසා සුවිශේෂී ක්‍රියාමාර්ග රැසක්ද හඳුන්වාදී තිබේ.
පාරිභෝගිකයෙකු වෙළෙඳ ශාඛාවකට ඇතුළුවීමට ප්‍රථමයෙන් ඔහුගේ හෝ ඇයගේ දෑත් හොඳින් සබන් යොදා සෝදාගැනීමට අවශ්‍ය අදාළ පහසුකම් සෑම ශාඛාවක් ඉදිරිපිටම සපයා තිබේ. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවීමට ප්‍රථමයෙන් සියලුදෙනාගේම ශරීර උෂ්ණත්වය මැනීම සිදුවන අතර ප්‍රධාන දොරටුව ඇල්ලීමකින් තොරව ඇතුළුවීම පහසුකිරීම වෙනුවෙන් ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔබට පිවිසුම් දොරටුව විවෘත කරදෙනු ඇත. පාරිභෝගිකයා ශාඛාවට ඇතුළුවීමෙන් පසුව පැමිණි කාරණාව සහ පසුගිය දින 14 තුළ ඔහුගේ ගමන් බිමන් ඇතුළත් කෙටි විස්තර පත්‍රිකාවක් පිරවීම සිදුකෙරෙයි. එසේ සියලු තොරතුරු සැකහැර දැනගැනීමෙන් පසු පාරිභෝගිකයාව අදාළ අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සඳහා නියමිත අංශය වෙත යොමුකරනු ලැබේ.











