ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකුවක් වන DFCC බැංකුව තම ඩිජිටල් ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කාර්යාලයීය කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා FineTech සමග එක්වී Google G-suit Enterprises හඳුන්වා දීමට කටයුතු කළේය. මෙම සේවාව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රය තුළ දියත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 වසරේදී මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුව මෙන්ම වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.
Covid-19 වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්රයට අභියෝග රාශියක් එල්ල කර තිබේ. මෙබඳු දුෂ්කර අවස්ථාවන්ට මුහුණදීම සඳහා කිසිදු ආකාරයක පෙර සූදානමක් නොතිබීම නිසා ඇතිවූ බලපෑම කොතෙක්ද යන්න නිසි පරිදි හඳුනා ගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. කෙසේ වුවද 2016 වසරේදී ගන්නා ලද ඇතැම් කාර්යක්ෂම තීරණ හේතුවෙන් DFCC බැංකුවට මෙම අභියෝගයන්ට ශක්තිමත් ලෙස මුහුණ දීමට හැකිවී තිබේ. එම නිසා බැංකුවේ එදිනෙදා කටයුතුවලට ඇතිවන බාධාවන් අවම වන ආකාරයට තම කාර්ය මණ්ඩලයට නිවෙසේ සිට රාජකාරි කිරීමට අවස්ථාව සලසා දීමටත්, සිය විශිෂ්ට පාරිභෝගික සේවාව නොවෙනස්ව පවත්වාගෙන යාමටත් ෘත්‍ක්‍ක් බැංකුව සමත් විය.











