ඩිජිටල් නිපැයුම් සංවර්ධනය කරන ආයතනයක් වූ Arimac Digital සහ ෆේස්බුක් යන ආයතනයන්ගේ සහයෝගය ඇතිව කොවිඞ්-19 ව්‍යසනයට අදාළ ඒ මොහොතේ පවතින තත්ත්වයන්ගේ තොරතුරු නිවැරදිව දැනගැනීම සහ නිවැරදි තොරතුරුවලින් නිතිපතා යාවත්කාලීන වීමට අවශ්‍ය පහසුකම් සහතික කෙරෙන ස්වංක්‍රිය මැසේන්ජර් පණිවිඩ සේවාවක් දියත් කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය HPB කටයුතු කළේය. මෙම ස්වංක්‍රිය සේවාව මඟින් ජනතාවට කොවිඞ්-19 වෛරසය පිළිබඳ දැනුවත් කිරීම්, ස්වයං නිරෝධායනය මාර්ගෝපදේශනය, වෛරසයෙන් ආරක්ෂාවෙන පිළිවෙත් සහ වෛද්‍යවරයෙකු හමුවීම අවශ්‍ය දැයි දැන ගැනීමේ අවස්ථාව යන පහසුකම් උදාකරදීම ආදිය සිදුකරයි.
“මේ නව හඳුන්වාදීම ජනතාව වැඩි වැඩියෙන් ඉල්ලා සිටින අත්‍යවශ්‍ය සෞඛ්‍ය තොරතුරු නිවැරදිව සැපයීම් ක්‍රමවේදයන්ගේ අලුත් පෙරළියක්. මෙමඟින් එකිනෙකාට අවශ්‍ය වෙනස් තොරතුරු වෙන් වෙන් වශයෙන් අදාළ කෙනාටම නිවැරදිව ලබාගැනීමේ හැකියාව සහ පොදුවේ ලෙඩ රෝගවල ස්වභාවය සහ ඒවායෙන් වැළකෙන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය පහසු වේ” යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.











