• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කතරගම දෙවියෝ ජනතාව අතරට එයි

June 6, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කතරගම දෙවියෝ ජනතාව අතරට එයි
Share on WhatsAppShare on Facebook

මෙලොව එළිය දුටු කිරි දරුවාගේ සිට බාල, තරුණ, මහලු කොයි කාගෙත් සියලු බලාපොරොත්තු ඉටුකර දීමේ වගකීම බාර කෙරෙන කෙනකු වෙයි නම් ඒ කතරගම දෙවියන්ය. ලෙඩට – දුකට පිහිටක් ඉල්ල ගන්නත්, සැපට, සුවයට අවැසි දෙයක් තමන් සතුකර ගන්නත්, සොරසතුරු කරදරයකින් බේරෙන්නත් මෙකී නොකී බොහෝ කාරණා සඳහාත් පිහිටක් ආරක්‍ෂාවක්, සහනයක් ඉල්ලාගෙන කවුරුත් යන්නේ කතරගම දෙවියන් ළඟටය.

ලංකාවේ කොහේ කොතැනක උන්නද සිටිනා තැන හිඳ පඬුරක් ගැටගසා ඉල්ලන ඉල්ලීම් කරන ප්‍රාර්ථනා සියල්ල සඵලකර දෙන්නට කතරගම දෙවියන් අමතක නොකරන බව කාගෙත් විශ්වාසයයි. එලෙස පැතුම් ඉටුකරගත් සියල්ලන් නියමිත දිනයට, නියමිත වෙලාවට දෙවියන්ට පුද පඬුරු තබා බාර හාර ඔප්පු කරන්නේත් එනිසාමය. එසේ සිය බලාපොරොත්තු මුදුන්පමුණුවා ගත් බැතිමතුන් දහස් ගණනකින් දිනපතා රුහුණු මහා කතරගම දේවාල පුදබිම පිරී යන්නේ එනිසාය.

එලෙස දේවාල පුදබිමට පැමිණෙන්නාවූ බොහෝමයක් දෙනා කතරගම දෙවිඳුන් හදවතින් අදහමින්, මනසින් දකිමින් දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරන්නේය.

මැණික් ගංදිය පිස එන මඳ සුළඟ අනේකවිධ මල් සුවඳත්, මිහිරි පලතුරු සුගන්ධයත් කැන්දාගෙන සිලි සිලි හඬනඟන ගහකොළ, අතුපතර දැවටී පරිසරය සිසිල් කරමින් හඹා යන්නේ දෙවියන් කෙරේ අප්‍රමාණ භක්තියෙන් පසුවන සුවහසක් සැදැහැවතුන්ගේ දාහය නිවා ගතසිත සුවපහසු කරවනු පිණිසමය. තමන් බලන්නට, තමන් වඳින්නට, තමන් පුදන්නට පැමිණි සියල්ලන් දෙස කතරගම දෙවියන් බලා සිටින බවටද බොහෝ දෙනකු විශ්වාස කරයි. එහෙම බලා සිටින දෙවියන්ව හැබැහින් දකින්නට කෙනකුට අවස්ථාව ලැබුණා යැයි පැවසුවොත් තවකෙකු එය විශ්වාස නොකරන්නටද ඉඩ ඇත. එහෙත් පසුගිය කාලයේ එවැනි දුර්ලභ අවස්ථාවන් ලද කිහිප දෙනකු ගැනම අසන්නට, දකින්නට ලැබුණේය.
ඒ අත්දැකීම් අතර සුවිශේෂී ලෙස සඳහන් කළ හැක්කේ බළන්ගොඩ මහ නාහිමියන් ලද අත්දැකීමයි. උන් වහන්සේ කලකට පෙර ඒ සම්බන්ධයෙන් පුවත්පතකට ප්‍රකාශය කර තිබුණෙ මෙලෙසිනි.

ඔය සිද්ධිය වුණේ මා බළන්ගොඩ පිරිවෙන කරන කාලෙ. ඒ කාලේ තිස්සමහාරාමෙන් එහාට වාහන යන්න බැහැ. එතැන ඉඳලා ගොඩක් මිනිස්සු පයින් තමයි ගියේ. හැතැප්ම අටක්, දහයක් විතර යන්න තිබුණා. අපි නම් බර කරත්තයකින් තමයි එතැන ඉඳලා ගියේ.

කතරගමට ගිහින් ගඟෙන් එගොඩවෙලා යන්න ඕනෑ. මොකද ඔය කියන කාලෙ පාලම හදලා තිබුණේ නැහැ. අපි කලින් දැනුම් දීලා ගිය නිසා අපට නතර වෙන්න කූඩාරම් සූදානම්කර තිබුණා. ඔය කියන දවස්වල කතරගම පෙරහැරත් තිබුණා.
දේවාලෙ ඉස්සරහ ගිනි වළ හදලා තිබුණේ. ගිනි වළට බඹ හයක්, හතක් එහායින් අපට හිඳගන්න ආසන පනවලා තිබුණා. ගිනි වළේ විශාල දර ගොඩක් ඇවිළෙනවා. ගිනි දලු බුර බුරා ඉහළ නැඟෙනවා. බඹ ගානක් දුරින් සිටියත් රස්නය දැනෙනවා. එතකොට වෙලාව පාන්දර පහට විතර ඇති. මෙන්න හිටිහැටියේම යුරෝපාකාරයෙක් වගේ සුදු හීන්දෑරි, උස, මුහුණ දිගැටි බොහෝම ලස්සන කෙනෙක් ගිනි මැළය අද්දර පෙනී සිටියා. හිස මුඩු කරලා ගුරු පාට රෙද්දක් ඇඳලා. ඒ වගේම ගුරුපාට රෙද්දක් ඒකාංශ කර පොරවාගෙන හිටියෙ. හරියට තරුණ තාපසයෙක් වගෙයි.

ඔහු අර බුර බුරා නඟින ගිනි දලු මැද්දෙන් දේවාලෙ පැත්තේ කෙළවරේ සිට ගිනි වළට බැහැලා පියවර මනින්නා වගේ හෙමින් සීරුවේ ගමන් කළා. පසුව ගේට්ටුව පැත්තෙ කෙළවරෙන් වළෙන් ගොඩට ඇවිත් අතුරුදන් වුණා. මේ සිද්ධිය මා ළඟ හිටපු නාරද ස්ථවිරයන්ටත් පෙන්නුවා. මානම් විශ්වාස කරන්නේ ඒ කතරගම දෙවියෝම තමයි.
ඊට පැයකට විතර පස්සේ ගිනිදැල් නිවිලා අඟුරු බැස්සාට පසුව කපුරාල ගේට්ටුව පැත්තෙන් ගිනි වළට බැහැලා ගිනි පාගාගෙන දේවාලයට ආවා. ඊට පස්සේ තව අයත් ගිනි පෑගුවා.

ගිනි පෑගිල්ලෙන් පස්සෙ මා ප්‍රධාන කපු මහත්තයා මුණගැහිලා අප දුටු සිද්ධිය කිව්වා. උන්නැහේ කිව්වා හාමුදුරුවනෙ හැමදාම ගිනි පාගන වෙලාවට ඔය විදියට දෙවියො වඩිනවා වෙනදට මට විතරයි පෙනෙන්නෙ කියලා. දෙවියන් ගිනි මැළය උඩින් ගමන් කළාම ගිනි සිසිල් වෙන බවත්, හැමදාම ගිනි පාගන දවසට ඔය දර්ශනය එනකල් තමන් බලා සිටින බවත්, එසේ නොපෙනුනොත් තමන් ගිනි වළට නොබසින බවත් ඔහු පැවසුවා.

ගිහි පුද්ගලයකු මෙවැනි අත්දැකීම් විඳි අවස්ථා රැසක් අපට අසන්නට ලැබුණා. නුවර ප්‍රදේශයේ සිට කතරගම පෙරහැර මංගල්‍ය නරඹන්නට ගිය අයකු අප සමඟ පැවසුවේ තමන්ද කතරගම පුදබිමේදී තරමක් වෙනස් ප්‍රියමනාප පුද්ගලයකු දුටු බවකි. ඔහුගේ තිබූ විශේෂත්වය නිසාම තමන් ඔහු පසුපසින් ඇවිද ගිය බවත්, දේවාලයට ආසන්න වෙත්ම අමුත්තා අතුරුදන් වීම නිසාම තමන් දුටුවේ සාමාන්‍ය කෙනකු නොවන බව තේරුම් ගත් බවත් ඔහු පැවැසීය.
එවැනි අත්දැකීමක් විඳි තවත් අයකු පසුගියදා අප සමඟ පැවැසුවේ මෙවැන්නකි.

‘මං අපේ ගමේ පිරිසක් සමඟ කතරගම පෙරහැර බලන්න ගියා. දැනට අවුරුදු කිහිපයකට කලින් එදා අපේ පිරිසත් සමඟ මං දේවාල භූමියේ වාඩිවෙලා දේවාලය දිහා බලාගෙන ඉද්දි එක්වරම සාමාන්‍ය කෙනකුට වඩා වෙනස් රුවක් මං දැක්කා. පින්වන්ත, ප්‍රියමනාප පෙනුමක් තිබුණු ඒ ඇත්තා දේවාලය දෙසට ඇවිදගෙන යනවා වගෙයි මං දැක්කේ. ඔහුගෙ තිබුණු අමුත්ත නිසාම මගේ ළඟ සිටි කෙනාට පෙන්වන්න සිතාගෙන මං ඒ පැත්ත බලලා යළිත් බලද්දි අර අමුත්තා සිටියෙ නැහැ. ඒ වේලාවේ මට හිතුණෙ නැහැ මං දුටුවේ කතරගම දෙවියන් කියලා. ඒත් පසුව මේ ගැන මා දන්න කිහිප දෙනකුටම කිව්වාම ඔවුන් තමයි මට පැහැදිලි කරදුන්නේ මා දැක තිබෙන්නේ කතරගම දෙවියන්ව කියලා.’
කලකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ සිට කතරගම පෙරහැර බලන්නට ගිය පුද්ගලයකු ඔය කතාව අප සමඟ පැවැසුවේ දැඩි භක්තියකිනි. ඔහු පවසන අන්දමට මෙම අහඹු දසුන දැක ඇත්තේ ගිනි පෑගීමේ මංගල්‍යයට මොහොතකට පෙරය. ඔහුගේ අත්දැකීමට සමානම සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ දෙනෙක් එම අත්දැකීම විඳ ඇත්තේ ගිනි පෑගීමේ මංගල්‍ය යෙදී ඇති දිනයන්හිදීය. එසේ නම් කතරගම දෙවියන් ජීවමානව පෙනී සිටීමත්, ගිනි පෑගීමත් අතර සම්බන්ධයක් නැතැයි කියා තර්ක කරන්නට බැරිය.

දේවාලයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට කතරගම දෙවියන් ප්‍රථමයෙන්ම ඉදිරිපත් වන බවටද අතීතයේ සිටම ජනයා තුළ විශ්වාසයක් පවතින අතර, එදිනට කතරගම දෙවියන් ජීවමානව පෙනී සිට සත්‍ය පෙන්වමින් ලක්පොළොවත්, ගුණවත්, සිල්වත් මිනිසාත් සුරකින බවටද බොහෝ දෙනෙක් අදද විශ්වාස කරති.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ස්වයක්‍රීය මැසෙන්ජර් පණිවුඩ සේවාවක් හඳුන්වාදෙයි

Next Post

මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු ගොනාකෝවිලේ රොහා-අංජු පාතාල යුද්ධය (EXCLUSIVE)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.