මෑත කාලයේ ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම කතාබහට ලක්වූ නව්‍යකරණය මුසු සුඛෝපභෝගී නාගරික නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් වන Marina Square Uptown Colombo ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 මැයි මස 11 වැනිදා නැවත ආරම්භ කෙරිණි. ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි සාමාන්‍යාධිකාරී බුද්ධික ගුණරත්න මහතා ර්‍ණමේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව, සෞඛ්‍ය හා වගකිවයුතු අංශවල උපදෙස් ගරුකරමින් සුළු ප්‍රමාණයක සේවක පිරිසක් එක්ක අප වැඩ පටන් ගත්තා. ව්‍යාපෘතියේ වැඩකටයුතු තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය සේවක ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩිකරන්නට අප බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය. රජය හා වගකිවයුතු අංශ විසින් පනවා තිබෙන නීතිරීති රෙගුලාසි අනුව අදාළ අනුමැතීන් ලබාගනිමින් Marina Square Uptown Colomboහි සියලු කටයුතු සිදුවන බව ඔහු අවධාරණය කළේය.
Marina Square ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙස අදහස් දැක්වූ China Harbour Engineering Company (CHEC) හි සෝ යොන්ග් මහතා ර්‍ණඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගමක් ලෙස අප සතුව පවතින අත්දැකීම්, දැනුම හා සම්පත් එක්ක මේ ඉදිකිරීම සාර්ථකව සිදුකරන්නට අප කැපවෙනවා” යැයි පැවසීය.











