• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවෙ වැඩදාපු සුලෝචනා ටෙලිවලින් හැඩ වෙයි

June 6, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිනමාවෙ වැඩදාපු සුලෝචනා ටෙලිවලින් හැඩ වෙයි
Share on WhatsAppShare on Facebook

වේදිකාවෙන් තම රංග කුසලතාව විදහාපාමින් චරිතාංග රංගන ශිල්පිනියක් වූ ඇය අද පුංචි තිරයේ, සිනමාවේ දක්‍ෂ රංගන ශිල්පිනියක් විය. කාලෙකට පසු නැවැත ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය හරහා ඇයව දැකගන්නට පුළුවන්. ඇය වෙන කවුරුත් නොව සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ. ඇය සමඟ අප කෙටි පිළිසඳරකට එකතු වූයේ මේ විදියට.
ඉතින් කොහොමද සුලෝචනා?
මේ දවස්වල රාජකාරි කටයුතු කරගෙන පවුලේ අයත් සමඟ සතුටින් ඉන්නවා.
ඔබව කාලෙකට පස්සේ නැවැත අපට දැකගන්න පුළුවන්. ඒ ගැන කතා කළොත්?
ඔව්. අවුරුදු දෙකකට පස්සේ තමයි ටෙලිනාට්‍යයකට මම සම්බන්ධ වුණේ. නිර්මාණවලින් මට ආරාධනා ලැබුණත් මගේ රාජකාරි කටයුතු නිසාත් රඟපෑම වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න අපහසුයි. ඉතින් කාලෙකට පස්සේ රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්‍ෂණය කළ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍යයේ සමන්තිගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා.
‘තණමල්විලට ගොඩවීමට විශේෂත්වයක් ඇති?
රොෂාන් අයියා මගේ හොඳ යහළුවෙක්. ඔහු මට ආරාධනා කළා සමන්ති චරිතය නිරූපණය කිරීමට. ඉතින් මම පිටපත කියවලා බලන විට හොඳ නිර්මාණ පිටපතක්. මේ වගේ චරිතයක් මෙයට පෙර කරලා තිබුණේ නැති නිසා ඒ චරිතය කිරීමට ලොකු ආශාවක් තිබුණා. ගැඹුරු ජීවිතය ස්පර්ශ කරන, සහෝදරත්වය ස්පර්ශ කරන චරිතයක් තමයි සමන්ති කියන්නේ.
ඔබගේ ජීවිතයට කොයි විදියටද ඔබට සමන්තිව දැනුණේ?
අනිවාර්යයෙන්ම මටත් සහෝදරයෙක් ඉන්නවා. මගේ මල්ලි එක්ක තිබුණු ඒ සහෝදර බැඳීම, ආදරය, සෙනෙහස ගොඩාක් ඉවහල් වුණා. මේ චරිතයට මගේ අත්දැකීම් එකතු කරගෙන ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය කණ්ඩායමේ සියලුමදෙනාගේ සහාය ඇතිව මම සමන්තිව ජීවමාන කළා.
ඔබ හිතනවාද ඔබේ චරිතයට සාධාරණයක් කළ බව?
ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනවා උපරිම සාධාරණයක් ඉටු කළ බව. ප්‍රේක්‍ෂකයන් සතුටු කළා කියන්නේ අපි සියලුම දෙනාගේ ශක්තිය සාධාරණය එයට ඉටුකළ බවයි. මොකද ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය ගැන කතාබහට ලක්වන නිසා මේ දවස්වල එය අපි හැමෝටම සතුටක්.
ඔබ රංගන ශිල්පිනියක් වශයෙන් පැතිකඩ තුනකින් දස්කම්, විස්කම් පෙන්වපු සුවිශේෂී රංගන ශිල්පිනියක්. එහෙත් ඔබ වඩාත්ම කැමැති පැතිකඩ ගැන කිව්වොත්?
මම වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ මේ අංශ තුනේම කටයුතු කළා. එහෙත් මම ගොඩාක් කැමැති සිනමාවට.
පසුගිය කාලේ සිනමා නිර්මාණ කිහිපයකම ඔබ කටයුතු කළා. එය ගැන කතා කළොත්?
2016 වර්ෂයේ ගින්නෙන් උපන් සීතල සිනමා නිර්මාණයට සම්බන්ධ වුණා. එයට අමතරව නිකිණි වැස්ස, ‘තණ්හා රති රඟා’ චිත්‍රපටවලටත් දායක වුණා. ඒ සියලුම චරිත එකිනෙකට වෙනස් චරිත. ඉදිරියේදී නිලෙන්ද්‍ර දේශප්‍රියගේ අලුත් චිත්‍රපටයකට දායක වීමට ආරාධනා ලැබුණා. එහි වැඩකටයුතු ළඟදීම පටන් ගනීවි. එයට සූදානමින් තමයි දැන් ඉන්නේ.
වේදිකාවෙන් ජයගත්ත ඔබ අද වේදිකාව අමතක කරලාද?
වේදිකාවෙන් මම සමුගෙන නැහැ. මේ දවස්වල රටේ තිබෙන ‘කොරෝනා’ වසංගතය නිසා වේදිකා නාට්‍ය අතරමඟ නතර වෙලා තියෙන්නේ. නිසි කාලවේලාවක් උදාවූ පසු වේදිකා නාට්‍ය වැඩකටයුතු නැවැත පටන් ගන්නවා.
ඔබ ලබපු අත්දැකීම් එක්ක ඔබේම කියලා නිර්මාණයක් කිරීමට සැලසුමක් තවම නැද්ද?
එහෙම අදහසක් නැතුවා නොවේ. මේ ක්‍ෂේත්‍රය ගැන තව ගොඩාක් දේවල් මට ඉගෙනගන්න තිබෙනවා. එහෙම ආවාට ගියාට මට නිර්මාණයක් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රය ගැන ගැඹුරින් හැදෑරීමක් කරලා අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්න අදහසක් තමයි තියෙන්නේ. ඒත් එයට තවම සුදුසු කාලය නෙවෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

Marina Square සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘථිය ඇරඹෙයි

Next Post

මොන හයිකාරයා ආවත් පතෝලයා බය නෑ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.