හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ පාලන කාලයේ දී මෙරටට ගෙන්වන ලද ඖෂධ ලබාගැනීමෙන් මියගිය හෝ දෘෂ්ටිආබාධවලට පත්වූ රෝගීන්ගේ එකතුවක් සංසදයක් ලෙස පසුගියදා පිහිටුවන ලදී.Sri Lanka Latest News
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලසීමාවේ දී ගෙන්වන ලද ඖෂධ නිසා රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය යම් හෝ ආබාධ තත්වයට පත් වූ අතර විවිධ ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දන ඖෂධ, වකුගඩු කාන්දු පෙරන දියර, හා අක්ෂි බෙහෙත් වර්ග මෙය අතර ප්‍රධාන වෙයි.
මෙම ඖෂධ ලබා ගැනීම නිසා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් ආබාධ තත්ත්වයන්ට පත් වූ බව වාර්තා අතර මේම කරුණු විද්‍යාත්මකව පරීක්ෂා කිරීමට ගැනීමට කමිටු කිහිපයක් බිහි වුවත් ඒවායෙන් සාර්ථක ප්‍රතිඵලක් වාර්තා නොවීය.
මේ තත්ත්වය යටතේ ආබාධ තත්ත්වයට පත් වූ රෝගීන් සහ මියගිය රෝගීන්ගේ ඥාතීන්ට වන්දි ලබා දෙන බවට පසුගිය රජය පොරොන්දු වූවත් එම කටයුත්ත ද සිදු නොවූ බැවින් සාධාරණයට මේ අන්දමට නව සංසදයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට තීරණය විය.
එම සංසදය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ නායකත්වයෙන් ද අක්ෂියාබාධයට පත් වූ ගාල්ල ප්‍රදේශයේ ඩී.එස් ගුණවර්ධන මහතාගේ ලේකම් ලෙසද ක්‍රියාත්මක වේ.
විවිධ ප්‍රදේශවල රෝගීන් ඔවුන්ගෙන් ඥාතීන් නියෝජනය වන ලෙස මෙම කමිටුව බිහිවී ඇත ඔවුන්ගේ පළමු බලාපොරොත්තුව තමන්ට සිදුවු අසාධාරණය ගැන දැනුවත් කිරීම ට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් හමුවීමයි.









