• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ලාබයි දරුවො ලාබයි

August 23, 2019
in Politics
Reading Time: 2 mins read
A A
ලාබයි දරුවො ලාබයි
Share on WhatsAppShare on Facebook

ගේම් තියෙනවා එක එක ජාතියෙ. මිනිස්සු විකුණනවා විකිණෙනවා. ඒක තමයි විදිය. ඒකෙ හරියක් වරදක් හොයන්න බෑ. දැන් මේ ලංකාවම ගේම් එකක්. ඒ නිසා මේ අකුරු පරිස්සමට කියවගන්න. සමහර වෙලාවට ගේම් ලස්සනට පේන්න ගන්නවා. ඊට පස්සෙ අකුරු කැත වෙනවා. ගේම් කාරයො “මරු” වෙන්න වෙන්න ඒ ගේම් එකට එරෙහි වෙන එක ගොං පාට් එකක් වෙනවා. ඒ නිසා මේ ගේම් අස්සෙ කරක්ගැහිල්ලත් ගේමක්. මොකද මිනිස්සුන්ගෙ හුස්ම අස්සෙ ගේමක් ගහගන්න එකෙක්ට අපිට ගේමක් ගහන එක නතිං. ඒ නිසාම අපි මේ ගමන යන්නෙ බොහෝම පරිස්සමට. ඒ නිසා මේ කතාවල අගමුල අපෙන් අහන්න එපා. මොකද අපිට එහෙමයි කියලා කියන්න බෑ සමහර දේක වැඩිදුර විස්තර මොනවාවත්ම.

කෙළින්ම බහිමු කතාවට. සමහර වෙලාවට ජීව විද්‍යාත්මක ප්‍රශ්න, සමහර වෙලාවට බෙහෙත් හේත් ප්‍රශ්න, සමහර වෙලාවට මානසික ප්‍රශ්න. මේ මොනවම හරි බලපාල සමරුන්ට දරුවො ලැබෙන්නෙ නෑ. ඒක කාලයත් එක්ක ටිකක් වැඩි වෙලා. මේ වෙනකොට තමන්ට දරු සම්පත් නෑ කියලා බරපතළ අපහසුතාවට පත්වුණු පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරියට පරීක්ෂණයක් කළොත් එහෙම ලැයිස්තුවක්ම ඔබටත් හොයාගන්න පුළුවන්. ඒක ඒ තරම්ම ලේසියි. ඔවේ අහල පහළත් දන්න කියන පවුල්වලත් එහෙම වෙන්න පුළුවන්. සමහර විට ඔබේ පවුලේ වෙන්න පුළුවන්. තවත් සමහර විටක ඒ ප්‍රශ්නය ඔබේ වෙන්නත් පුළුවන්. ඒක මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නය නෙමෙයි. ඒත් ඔබ කියාවි තුවාලෙ තියෙන කෙනානෙ තුවාලෙ වේදනාව දන්නෙ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ බැඳීම් වැඩි වෙන තරමයි ප්‍රශ්න වැඩි.

කොහොම නමුත් අපි මේ උත්සාහ කරන්නෙ ඒකට උත්තර දෙන්න නෙමෙයි. ඒත් ප්‍රශ්න අලුත් මූණකින් එන එක නතර කරන්න. මොකද ඔබට ප්‍රශ්නයක් තියෙන කොට ඒ ප්‍රශ්න අස්සෙ ඔබව හිරකරලා ගේමක් ගහන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අයට ඔබව කොටු කරගන්න හරිම ලේසියි. මොකද යකඩයක් වුණත් රත්වුණාම තලන්න පුළුවන්.
දරුවො නැති අයට දරුවො හදාගන්න දෙන්න කැමැති අයව හොයාගන්න උදව් කරන්න අය ඉන්නවා. එහෙම ඉන්න අය අතරෙ මෙන්න ඒකටත් ඒජන්සි සෙල්ලමක් පටන් අරගෙන. මේ ඒජන්සිය තියෙන තැන වැඩක් නෑ. ඒක හොයාගන්න එක අඳුනගන්න එක ඔයාලගෙ වැඩක්. මොක ද මේ ආයතනවල නම් ගම් කියන්න අපිට බෑ. වැඬේ මෙහෙමයි වෙන්නෙ. ඕනෑ කෙනෙක්ට පුළුවන් ගිහිල්ලා ලියාපදිංචි වෙන්න.
“සර් අපිට නම කියන්න…”
ඔහොමයි පටන් ගන්නෙ.
එහෙමයි කියලා නම කිව්වට බෑ.
“සර් අපිට සර්නේම් එකත් එක්කම නම කියන්න….”
මෙහෙම අහනවා. එහෙම ඇහුවම අපි හොයලා බැලුවා මේ මොකටද මේ “සර්නේම් එකක්…?” කියලා .
“මේක සර් සමහර අය හොයනවා. කාස්ට් එක හොඳ අය ඉන්නවනෙ දරුවො එහෙම දෙන…”
“එයාලා කැමැති නෑ කාස්ට් එක අප්සට් අයට දරුවව දෙන්න…”
කුණුහරුපයක් කියන්නම හිතුනට කිව්වා නං වැඬේ අප්සට් වෙන නිසා කිව්වෙ නෑ.
“කාස්ට් හොඳනං මොකටද තර්ඞ් ක්ලාස් වැඩ කරන්නෙ?”
කියලා නං ඇහුවා නෙමෙයි ඇහුණා.
“නෑ සර් හොඳ පවුල්වල දුවලට එහෙම වැරදිලා එහෙම වෙනවනෙ. එතකොට එයාලා කරන්බෙ දුව රට ගියා හරි කැම්පස් ගියා හරි මොකක් හරි කරලා දරුවව කාට හරි හදාගන්න දීලා ඔක්කොම වැඩ ටිල ඉවර කරලා මොනවත් වුණේ නෑ වගේ ගෙදර යන එක….”
එහෙම කරන අය කාස්ට් එක හොයනවා. බුදු හාමුදුරුවො,
“නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී
කම්මනා හෝතී බ්‍රාහ්මණෝ”
කිව්වෙ ඔන්න ඔය වගේ වැඩ වලට.
හැබැයි ඔය ප්‍රශ්නවලින් පස්සෙ තව තව ඒවා අහනවා. ඒ අස්සෙ අහනවා දරුවට දෙන දේපොළ ගැන.
“සර් අපිට දරුවට දෙන දේපොළවල වලංගු පිටපත් ඕන…”

ඒ කියන්නෙ හදාගන්න ගන්න අම්මගෙ තාත්තගෙ නමට තියෙන දේපොළ විස්තරයක්. ඒවා ලියලයි දරුවව ගන්න පුළුවන්. ඒක මේ ඒජන්සිවල නීතියක් නෙවෙයි. හැබැයි මේ සියලු වැඩකිඩ ඉවර වුණාම මේ නෝනා මහත්තයා කියනවා මරු කතාවක්.
“සර් අපි රෙජිස්ටර් ගාස්තුවක් විදියට රුපියල් පන්දහසකුත්, සේවා ගාස්තු විදියට තුන්දහසකුත් අය කරනවා. ඒ මුදල අපේ අකවුන්ට් එකට වැටුණු දවසෙ ඉඳලම අපි සර්ලට දරුවො ගැන කියනවා…” කියලා කතාබහ අවසන් වෙනවා.
කියන්න බැරිවෙච්ච කතාවක් තියෙනවා. මේ දරුවන්ගෙ අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ මොනවාවත් තියෙනවා නම් කියන්න පුළුවන්. පාට, කොණ්ඩෙ, කුලේ, අම්මගෙ තාත්තගෙ රැකියාව වගේ ඒවා. මේ ඔක්කොම බලලා, හොයලා, තෝරලා එහෙම ලියාපදිංචි වුණාට පස්සෙ පණිවුඩයක් එනවා. ඒක එන දවස කවද්ද කියන්න දන්නෙ නෑ. හැබැයි ඒක වෙන්න තියෙන ඉඩ වැඩියි. හැබැයි මේ එක අවස්ථාවෙන් අවස්ථාවට සේවා ගාස්තු අයවෙනවා.
ඒක නෙවෙයි හැබැයි කතාව. මේ විදියට වැඬේ යනකොට යටින් යන තව වැඩක් තමයි ඉස්පිරිතාලවල ඉන්න අසනීප වෙන දරුවො සම්බන්ධව. ඒක වෙනමම ඩීල් එකක්. මේ විදියට අඳුනගන්න මොළය වර්ධනය නොවුණ හෝ ඔටිසම් හෝ වෙනත් යම් ආබාධයක් තියෙන දරුවෙක් ඉන්නවා නං ඉස්පිරිතාලෙටම කෙනෙක් යනවා හෙමීට. මේ කාරණාව දැනගන්නෙත් ඉස්පිරිතාලෙන්ම තමයි. ගිහිල්ලා ගහනවා මාර තෙලක්.
“මෙයාව ඔයාලට මාර හිසරදයක් වෙයි. මුළු ජීවිතේටම. කවදාවත් නිදහසක් හම්බෙන්නෙ නෑ. මේ වගේ දරුවෙක්ව අපි හොඳ තැනකට දෙමු….”
මේක තමයි සාරාංශය. සමහර කෙනෙක්ට මේ කතාව කොහොම කොහොම පැහැදිලි කළත් වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සු තමන්ගෙ දරුවා කවුරු වුණත් කොහොම වුණත් ප්‍රශ්නයක් නෑ කියලා ඒකට මුහුණ දෙනවා. හැබැයි සමහර අම්මලා තාත්තලා ඉන්නවා දෙන්නගෙන් එක්කෙනෙක් මේ ගේම් එකට අහුවෙනවා. ඊළඟට ඔහු හෝ ඇය නිසා අනිත් කෙනාවත් මේ ගේම් එකට අහුවෙනවා. එහෙම වුණාම ඒ මිනිස්සු හිත හදාගන්නවා දරුවව හදාගන්න දෙන්න. ගේම එක පැත්තකින් පටන් ගන්නවා. තව පැත්තකින් ඉවර වෙනවා.
කොහොම හරි මේ විදියට අර ඒජන්සියට මේ ළමයා එනවා. ඊළඟට ඒ ළමයා අර කාගෙ හරි ගෙදරකට යනවා. ඒ මේ අසනීප සම්බන්ධව කිසිවක් නොදන්වා. හැබැයි මේ ගැන ලියැවිල්ලක් ගන්නවා. යම්කිසි ප්‍රශ්නයකදි මේ ආයතනය කිසිම වගකීමක් නොගන්නා බවට. කතාව ඒක. එතකොට ගේම ඉවරයි.
මේ තියෙන මනස නොවැඩෙන තත්ත්වය හෝ වෙනත් දෙයක් ගැන දැනගන්න වෙන්නෙ පස්සෙ කාලෙක රෝහලකට නැත්නම් දොස්තර කෙනෙක් ළඟට ගියාම. හැබැයි කිසිම වගකීමක් නෑ කාටවත්ම. මේ තත්ත්වයට වෙනත් උත්තරයක් නෑ. ඔවුන් සදාකාලිකවම මේ දරුවා වෙනුවෙන් ජීවිතේ කැපකරනවා. ඔබට අවශ්‍ය නම් ඒ සඳහා උදාහරණ අපි ළඟ තියෙනවා. මේ ගේම් එකේ තියෙන අප්‍රසන්නම දේ මේක. මේ දරුවා ගත්ත කෙනාට අතාරින්නම බෑ. ඒජන්සියෙ ගේම් එකට ඔයා අහුවෙලා ඉවරයි. ඒ නිසා අවසාන වශයෙන් කියන්නම්. මොකෙන් හරි එහෙම ළමයි ගන්නවා නම් බලන්න හොයලා හරියට.
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දිවිසවි සහන වාරික සැලසුම

Next Post

දෙවැනි දිනටත් වැස්ස දිනුම්

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.