ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය යටතේ සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා තරගය දෙවැනි දිනට නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළේය. දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලෙසය.
ඊයේ දිනය නිමා වන විට කිසිදු ලකුණක් නොබලා කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිවුස් අද දිනයේ පළමු කඩුල්ල ලෙස බෝල්ට් හමුවේ ලකුණු 2කට දැවී ගියේය. ඉන් පසුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා කිසිදු ලකුණක් නොබලා ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට බෝල්ට් සමත්වුණු අතර, නිරෝෂන් දික්වැල්ලත් ටිම් සවුති හමුවේ කිසිදු ලකුණක් නොබලා දැවී ගියේය.
හුදෙකලා සටනක නිරත වුණු දිමුත් කරුණාරත්න ටිම් සවුති හමුවේ ලකුණු 65කට දැවීගිය අතර, දිනය නිමා වන විට ධනන්ජය කරුණාරත්න නොදැවී ලකුණු 35ක් හා දිල්රුවන් පෙරේරා ලකුණු 05ක් ලබා කඩුල්ලේ රැඳී සිටී.