රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පසුගියදා සිය නවතම රක්ෂණාවරණය දිවිසවි, ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී හඳුන්වාදුන් අතර මේ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බස්නායක මහතා සහ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ. මෙම නවතම රක්ෂණාවරණය මගින් ඔබට දැරිය හැකි සු`ඵ මුදලකට ජීවිත රක්ෂණයක් ලබාගනිමින් ඔබේ ළබැඳියන්ගේ මූල්‍ය රැකවරණය සහතික කළ හැකිය.
තරගකාරී ජීවන රටාව සමගින් පැනනගින සංකීර්ණ පාරිභෝගික අවශ්‍යතාවන් හේතුවෙන් බොහෝ විට තම ළබැඳියන්ගේ අනාගතය වෙනුවෙන් මූල්‍යමය රැකවරණයක් සඳහා මුදල් වෙන්කිරීම අපහසු කරුණක් වී ඇත. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් රාජ්‍ය රක්ෂණ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉතාමත් සුළු වාරිකයකින් හෙබි දිවිසවි රක්ෂණ සැලසුම හඳුන්වා දී ඇත.
උදාහරණයක් ලෙස වයස අවුරුදු 30ක පුද්ගලයකු අවුරුදු 30ක රක්ෂිත කාලසීමාවකට රු. ලක්ෂ 5ක ආවරණයක් ලබාගැනීමට ගෙවිය යුත්තේ රු 320ක් වැනි සුළු මාසික වාරික මුදලකි.
වාරික ගෙවීමේ කාලසීමාව අවුරුදු 5 සිට 40 දක්වා විහිදී තිබෙන අතර, වාරික ගෙවීම වාර්ෂිකව, අර්ධ වාර්ෂිකව, ත්‍රෛමාසිකව, මාසිකව සිදුකළ හැකිය. අවුරුදු 18 සිට 65 දක්වා වයස් සීමාවන්වල පසුවන්නන්ට රක්ෂණ සැලසුම ලබාගත හැකි අතර මූලික රක්ෂිත මුදල අවම රු. 50,000 සිට උපරිමය රු 1,250,000 දක්වා ලබාගත හැකිය.