• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ට්‍රම්ප් දිනුම්! ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

November 9, 2024
in Business
Reading Time: 1 min read
A A
ජනපති අනුරගේ පළමු සුබ පැතුම අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අහන්න මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට දේශපාලනඥයෝ කිහිපදෙනෙක් පැමිණ සිටියහ. ඒ අතර හිටපු විදේශ ඇමැති මංගල සමරවීරද විය. 2020 ජනාධිපතිවරණයේදී බයිඩන්ගේ ජයග්‍රහණය මංගල වගේම ඇමෙරිකාව සමග සම්බන්ධතා ඇති විපක්ෂයේ අනෙක් දේශපාලනඥයන් හිතුවේ එවක බලයේ සිටි ගෝඨාභයගේ ආණ්ඩුවට ලොකු තර්ජනයක් ලෙසය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ඇමෙරිකානු කුමන්ත්‍රණයක් බව රාජපක්ෂවරු ප්‍රසිද්ධියේ පවසා තිබිණි. ඔවුන් බලා සිටියේ 2017 ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔබාමාගේ පක්ෂය පරාජය වී රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වන තෙක්ය. මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින ඩිමොක්‍රටික් පක්ෂයට වඩා රිපබ්ලිකන් පක්ෂය තමන්ට වාසිසහගත යැයි රාජපක්ෂවරු සිතූහ. 2017 ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වූවාට පසු ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න ට්‍රම්ප්ගේ ආණ්ඩුව උදව් කළ බව එකල කතාබහට ලක්විය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රධාන බාධාව වූයේ ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවයය. එකල විදේශ ඇමැති වූ මංගල පැවැසුවේ ගෝඨාගේ පුරවැසිභාවය ඉවත් කර නැත කියාය. නමුත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෝඨා සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බව නිවේදනය කරනු ලැබීය. මංගල ඔහුගේ දේශපාලන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ පැවැති උත්සවයට ඩිමොක්‍රටික් පාක්ෂික සමන්තා පවර් පැමිණ ට්‍රම්ප්ව දැඩි ලෙස විවේචනය කළේය. මෙයට එවක අගමැති රනිල් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එයට හේතුව ඇමෙරිකාවේ බලයේ සිටි ට්‍රම්ප් සමග ගැටුමක් හදාගන්න ඔහු කැමැති වූයේ නැති නිසාය. (Sri Lanka Latest News)

රනිල් රිපබ්ලිකන් පක්ෂය සමග සමීප සබඳතා පැවැත්වුවද මංගල සහ මෛත්‍රී-රනිල් ආණ්ඩුව හදන්න සහාය දුන් චන්ද්‍රිකා සමීප සබඳකම් පැවැත්වූයේ ඩිමොක්‍රටික් පක්ෂය සමගය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජයගත් විට මංගල සහ චන්ද්‍රිකා වඩාත් සතුටට පත්වූහ. US AID ප්‍රධානී ලෙස පත්කළ මංගලගේ මිතුරිය සමන්තා පවර් ලංකාවේ මහජන නැගිටීම් සංවිධාන කරන්න ඔත්තුකාරයන් එවා ඇතැයි එකල රාජ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති පළවිය. ගෝඨාගේ උපදෙස් මත විදේශ අමාත්‍යාංශය මෙරට ඇමෙරිකානු තානාපතිනිය ගෙන්වා මේ ගැන ප්‍රශ්න කළ බවත් වාර්තා විය.

බයිඩන්ගේ ආණ්ඩුව සමග ගෝඨාභයගේ සබඳතා දුර්වල විය. ගෝඨාට එරෙහි අරගලයට ඇමෙරිකාවේ සහාය පළවූ බවටද ගෝඨාම පසු කලක චෝදනා කළේය. ගෝඨාට පසු ජනාධිපති වූ රනිල්ටද බයිඩන්ගේ ආණ්ඩුව සමග සමීප සබඳතා තිබුණේ නැත. බයිඩන්ගේ ආණ්ඩුව රනිල්ට ආර්ථිකය ගොඩනගන්න උදව් කළද රනිල් බලාපොරොත්තු වූ උදව් ලැබුණේ නැත. ඔහුත් බලාසිටියේ ඔහු ජනාධිපතිවරණය ජයගත් පසු ට්‍රම්ප් යළි ජනාධිපති වෙයි කියාය.

මේ ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජනාධිපති වුවහොත් ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සමථයකට පත්කර ගතහැකි වනු ඇතැයි අනුර කුමාරගේ ආණ්ඩුව සිතනවා විය හැකිය. නමුත් අනුර කුමාර ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කරගත්තේ බයිඩන්ගේ ආණ්ඩුව සමගය. ඒ, මෙරට ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් හරහාය. ඇමෙරිකානු හිතවාදී රනිල් ජනාධිපති වූ විට සුබ නොපතපු බයිඩන් අනුර ජනාධිපති වූ විගස සුබ පැතුවේය. ඇමෙරිකානු ජනාධිපතිවරණය ලංකාවට එල්ල කරන බලපෑම ගැන අනුරගේ ආණ්ඩුවට අවබෝධයක් තියෙනවාද දන්නේ නැත. ඔහු සම්බන්ධතා ශක්තිමත් කරගත් නමුත් ඩිමොක්‍රටික් ජනාධිපති කෙනෙක් පත්වෙනවාට කැමැති වනු ඇත.

SendShareShare
Previous Post

පොඩි වැස්සටත් මාතර යටකරන නිල්වලා බාධකය ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු සාකච්ඡාවක්! Sri Lanka Latest News

Next Post

මණ්ඩලේ වාහන 6ක් පාවිච්චි කරලා! ඩබල් කැබ් එකක් තමන්ගේ හෝටලයේ මස් මාළු අදින්න දාලා! නෝනගේ පාවිච්චියට V8 එකක් දීලා! සහෝදරයාගේ දුවගේ වාහනය රෙන්ට් එකට මණ්ඩලයට අරගෙන! ආරක්ෂක වියදම් කියා මිලියන ගණන් සල්ලි අරන්! ජල සම්පාදනයේ හිටපු ලොක්කෙක් ගහපු හතරවරං ගැහිලි පෝලිමේ එළියට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.