ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු සිය නිල කාලය තුළදී සිදුකර ඇති අක්‍රමිකතා රැසක තොරතුරු ඇතුළත් පැමිණිල්ලක් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් වී ඇත.Sri Lanka Latest News
එම පැමිණිල්ලට අනුව අදාළ ප්‍රධානියා ජල සම්පාදන මණ්ඩලයේ වාහන හයක් භාවිත කොට ඇති අතර, ඉන් එක් ඪ 8 ජීප් රථයක් සිය බිරියගේ භාවිතය සඳහා ලබාදී ඇති බව සඳහන් කොට ඇත.
එමෙන්ම මණ්ඩලයට අයත් ඩබල් කැබ් රථයක් තමන්ට හිමි පෞද්ගලික හෝටලයේ මස් මාළු ගෙන ඒම සඳහා යොදවා ඇති බවද දැනගන්නට තිබේ.
මීට අමතරව සිය සහෝදරයාගේ දියණියකට අයත් ජීප් රථයක් කුලී ගෙවීමේ පදනම මත මණ්ඩලයට ගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පැවැසේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ පමණක් නොව, රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී පවා විවිධ තනතුරු දරමින් මෙම ප්‍රධානියා ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවක් මේ වනවිට අනාවරණ වී තිබේ.










