ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්නහිදී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරඹීමත් සමග ගෝලීය වශයෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පියවරක් තබා ඇත. මහින්ද්‍රා අයිඩියල් වශයෙන් නම් කරන ලද මෙම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයිඩියල් මෝටර්ස් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබයි.
මෙම නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තම පළමු නිෂ්පාදනය වන Mini SUV KUV1OO එළි දැක්වූ අතර ඉදිරි වසර තුන තුළ තවත් නිෂ්පාදන රාශියක් එළිදක්වනු ඇත.
මෙම නවතම CKD එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ප්‍රධාන ජාත්‍යන්තර මෙහයුම් නිලධාරී අරවින්ද් මැතිව් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.











