ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගත කරන Brand Finance Sri Lanka – 2019හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් පසුගියදා ඇගයීමට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගත කිරීමේ පුරෝගාමී ආයතනය වාර්ෂිකව ඉදිරිපත් කරනි Brand Finance 100’ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමේදී, එම ඇගයීම් ප්‍රදානය පසුගියදා කොළඹදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර වටිනාම හා ප්‍රබලතම සන්නාමය ලෙස පීපල්ස් ලීසිං සමාගම ශ්‍රේණිගත කිරීමේදී Brand Finance Sri Lanka ආයතනය රුපියල් බිලියන 8.7ක සන්නාම වටිනාකමක් හා AA සන්නාම ශ්‍රේණිගතකිරීමක් පීපල්ස් ලීසිං සමාගමට ලබාදී ඇත. එයට අමතරව විවිධ ගනුදෙනුකරුවන් සඳහා විවිධාකාරව නිර්මාණය කළ මූල්‍ය විසඳුම් රැසක් එක වහලක් යටින් සැපයීමෙන් නිර්මාණය කරගත් බොහෝ පක්ෂපාතී ගනුදෙනුකාර පදනමක් පීපල්ස් ලීසිං සමාගම සතු බව මෙම ශ්‍රේණිගතකිරීම සම්බන්ධයෙන් Brand Finance ආයතනය සඳහන් කරයි.











