Nielsen ආයතනය මගින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව LMD සඟරාව විසින් සකස් කරන ලද 2019 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත් සමස්ත වශයෙන් වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ආයතන අතර සිවුවැනි ස්ථානයට නම් කර ඇත.
මීට අමතරව සමස්ත වශයෙන් අවංකභාවය සහ මූල්‍ය කාර්යසාධනය අතින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බැංකුව කළමනාකරණ ආකෘතිය, ආයතනික සංස්කෘතිය, ප්‍රමිති විඥානය සහ දැක්ම අතින් ශ්‍රී ලංකාවේ පූමුඛතම ආයතන පහ අතර තම ස්ථානය තහවුරු කරගැනීමටද සමත් විය.
LMD විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම නවතම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන 5 අතර අඛණ්ඩව රැඳී සිටීමට සමත් වූ එකම බැංකුව වූයේ කොමර්ෂල් බැංකුවයි.











