• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලත් තැන ලොප් වුණ බොලිවුඩයේ දැවැන්තයෝ

May 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
ලත් තැන ලොප් වුණ බොලිවුඩයේ දැවැන්තයෝ
Share on WhatsAppShare on Facebook

යම් පිරිසකගේ විවිධ වූ මත අනුව රූපවාහිනිය සහ අන්තර්ජාලය නිසා සිංහල සිනමාවට විශාල අලාභහානියක් සිදුවිය. සරලව කියනවා නම් ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය හතරගාතේ දමා බිම ඇදවැටිණි. එලෙසම හොලිවුඞ්, බොලිවුඞ් සහ කොලිවුඞ් සිනමාවද එම ව්‍යසනයට මුහුණපෑවෝය.

හැබැයි, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තරමටම ඉන්දියානු සහ හොලිවුඞ් සිනමාවට එම ව්‍යසනය බලපෑම් එල්ල කළේ නැත. හේතුව කුමක්දැයි අටුවා ටීකා වශයෙන් ලියන්නට බැරි වුවද පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන් ඉන්දියානු චිත්‍රපට පෙළක්ම බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළමින් ප්‍රේක්ෂක සිත් උන්මාදයට පත්කළේ වරක් දෙවරක් නොවේය. නාමිකව ලියන්නට ගියහොත් ඇත්තෙන්ම එය සුවිශාල දිගුවක් විය හැකි නිසා අප එයට තිත තබමු.
එහෙත්, කොවිඞ් 19 උවදුර ලෝකය ඉතා රුදුරු ලෙස ගිලගැනීමේ ව්‍යසනයේදී නම් ආකර්ෂණීය පාට පාට චිත්‍රපට සිහිනයන් අහුරු ගණන් ප්‍රේක්ෂකයන්ට මුදාහරින ඉන්දීය සිනමාව, අද මුහුණපා සිටින ඛේදවාචකයට නම් පහසුවෙන් තිත තැබිය නොහැකි බව කනගාටුවෙන් වුවද කිව යුතුවේ.

පසුගිය දිනෙක සමාජ ජාලා වෙබ් අඩවියක සඳහන්ව තිබුණේ කොවිඞ් 19 උවදුර හේතුකොටගෙන උතුරු ඉන්දීය සිනමාව ඉන්දියානු රුපියල් කෝටි 1300ක අලාභයක අතරමං වීමට නියමිතව ඇති බවය.
නිදසුන් ලෙස එය දක්වන්නේ නම් කටවුට්වලට පවා දැනටමත් කෝටි ගණනක් වියදම් කර මාර්තු, අප්‍රේල් මාසවල තිරගත වීමට සියල්ල සැලැසුම්කොට තිබූ ‘රාදේ’ :ඍ්ායැ* සහ ‘සූරියවන්ෂි’ :ීදදරහ්අ්බියස* යන යෝධ චිත්‍රපට නිර්මාණයන් තාවකාලිකව අකුළා ගන්නට සිදුවීමත් සමඟම අතිවිශාල පාඩුවක් සිදුවිය. දළ වශයෙන් එහි එකතුව රුපියල් කෝටි 1300කි. පසුගිය වසර දෙක තුළ අප්‍රේල් සිට ජුනි, ජුලයි දක්වා ඉන්දීය සිනමා කර්මාන්තය ලද ශුද්ධ ආදායම රුපියල් කෝටි 850 – 900 අතර වේ.

ඉන්දියාවේ හින්දි විනෝදාස්වාද කර්මාන්තයේ වෙළෙඳ විශ්ලේෂක අතුල් මොහාන් පවසා තිබෙන්නේ එවැනිම හෝ එයට වැඩි පාඩුවක් මේ වසර තුළ උතුරු ඉන්දීය සිනමා කර්මාන්තයට අත්විඳින්නට සිදුවන බවය. සත්තකින්ම එය ඉන්දියානු කලාකරුවන්ට තරු පෙනෙන තරමේ අතුල් පහරකි.

කෝටි ප්‍රකෝටි ගණන් වැයකර පාට පාට සැලෝලයිට් රෝල්වල තම හෙට දවස උකස් කළ චිත්‍රපට නිෂ්පාදකයන් අද මුව අයා උඩ බලාගෙන සිටින්නේ ‘දෙවියනි ඔබ කොහිද?’ යන අසරණ වචන කාණ්ඩය සිත තුළ දස දහස් වාරයක් උච්චාරණය කරමින් විය හැකිය.

සුපිරි වීර චරිත ලේබලය තුළින් ප්‍රේක්ෂකයන් විසිල් පාර නිසා නිතර උද්දාමයට පත් සල්මන් ඛාන් .ඍ්ාැහ. තාවකාලික ලද විරාමය නිසා දැඩි කනස්සල්ලට පත්ව ඇත.

‘සත්තකින්ම සැඩ පහරකට හසුව මම ඔහේ ගසා යමින් සිටින්නේය යන හැඟීම තුළ මම ඉච්ඡාභංගත්වයට පත්ව සිටීමිය.’ යනුවෙන් හෙතෙම සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත.

සරලව නැවතිල්ලේ සිතා බලන විට බොහෝ චිත්‍රපටවල රූගත කිරීම් ඇනහිටලාය. තවත් චිත්‍රපටවලට ප්‍රදර්ශනය කිරීමට නියමිත දින ගණන් කඩාකප්පල් වී ඇත. ප්‍රදර්ශනය ඉතා සාර්ථකව ආරම්භ කර තාවකාලිකව නවතා තැබූ චිත්‍රපටද ඒ අතර වේ.

ඉන්දියානු රිදී තිරය මත දිගහැරෙන පාට පාට හීන පොකුරු බෙදාදෙන හින්දි චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ඇත්තේ බොළඳ වූ ආශාවකි.
නමුත්,
කොවිඞ් උවදුර නිසා කායිකව සහ මානසිකව හෙම්බත්ව සිටින එකී ප්‍රේක්ෂකයන් තුළ එදා වූ ආතල් එක හෝ ගැම්ම හෙට දිනයේද තිබේ යැයි සිතිය හැකිද?

චිත්‍රපට හෝල් විවෘත කරන දිනයක් තවම පෙනෙන මානයක නැත. අවුරුද්දෙන් අඩක් පමණ දැනටම ගෙවී යෑමට ආසන්නව ඇත. එම කෙටි කාලය තුළ චිත්‍රපට නැරැඹීමට කවදා නිදහස ලැබෙයිද?

ඉතිරිව තිබෙන්නේද සීමිත සිකුරාදා දවස් කිහිපයක් පමණකිය. (සමස්තයක් ලෙස අලුත් චිත්‍රපටයක ආරම්භය සේම තිරගත වෙමින් තිබූ චිත්‍රපටයක් තාවකාලිකව නැවැතී තිබීමෙන් පසුව නැවත ආරම්භ වන්නේද සිකුරාදා දිනයකදීය)
දූරදර්ශන් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට පැමිණි වෙළෙඳ විෂ්ලේෂකයකු වූ තාරන් ආදර්ශ් පවසා තිබුණේ, ‘ඊළඟ තත්පරය අවිනිශ්චිතයි. බොහෝ විට අපට යම් අහිමිවීම් දරාගැනීමට සිදුවේවි. වැදගත්ම කාරණය වන්නේ මෙම වල්මත්වීම හේතුකොටගෙන ඇඟිල්ල දිගු කළ හැකි කිසිවකු අප ඉදිරියේ නැහැ. ඒ මන්දයත් සොබාදහමට හෝ දෙවියන් හමුවේ නඩුවක් ෆයිල් කිරීමට තරම් අප බලවත් නැති නිසාය.’
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වික්ටර්ගේ ඇත්ත පුතා ලෙලුම්ද – ජයන්තද

Next Post

යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.