කොවිඞ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය වීමේ අරමුණින් ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන MAS Holdings මේ වන විටත් පියවර රැසක් ගෙන ඇත. එහිදී ගනු ලබන ඇතැම් පියවරයන් අනාගත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් සඳහා මනා පූර්වාදර්ශයක් ලෙසද සැලකිය හැක. මේ වනවිට ලොව පුරාම කොවිඞ්-19 මර්දන සටනේ ඉදිරිපෙළ සේවකයන්ට පෞද්ගලික ආරක්ෂක උපාංග අත්‍යවශ්‍ය වී ඇති අතර, මෙම ඉල්ලුම සපුරාලීම සඳහා MAS Holdings සමූහය කටයුතු කරමින් සිටී. මෙහි එක් පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum – JAAF ) සමග අත්වැල් බැඳගනිමින්, රට පුරා සෞඛ්‍ය සේවා ආයතන 100 කට වැඩි සංඛ්‍යාවක් සඳහා පෞද්ගලික ආරක්ෂණ උපාංග (Personal Protective Equipment – PPE) කට්ටල 20,000කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට MAS Holdings සමූහය පියවර ගෙන තිබේ. මේ අතරට සෞඛ්‍ය අමාත්‍යංශය සහ IDH රෝහල මෙන්ම කොළඹ, මහනුවර, කළුතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, රාගම, වැලිකන්ද, හෝමාගම, යාපනය සහ කිලිනොච්චි යන රෝහල් ඇතුළු රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන රාශියක් ඇතුළත් ය. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, 1990 සුව සැරිය ගිලන්රථ සේවය සහ ශ්‍රී ලංකා පොලීසිය වෙතද මෙම උපකරණ බෙදාදෙන ලදී.











