• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමගි ජනබලයේ පළමු සටන (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 23, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
සමගි ජනබලයේ පළමු සටන (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කොරෝනාවට පෙර ඇමෙරිකානු ඔපීනියන් පෝල් නොහොත් ජනමත සමීක්‍ෂණ වාර්තා සහතික කළේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂක ජෝ බයිඩන්ට වඩා සුළු ඡන්ද සංඛ්‍යාවකින් යළි ජනාධිපති ධුරයට පත්වන බවය. එයට හේතු වූයේ ට්‍රම්ප් ඇමෙරිකානු ආර්ථිකය ගොඩදමා රැකියා වියුක්තිය අවම කර තිබීමය. එහෙත් පහුගිය බ්‍රහස්පතින්දා ඔක්ස්ෆර්ඞ් ඉකොනමික් ආයතනයේ අනාවැකියක් සේ කියන්නේ ජෝ බයිඩන් ට්‍රම්ප්ව ඓතිහාසික ජනවරමකින් පරාජය කරන බවය. එයට හේතු ලෙස එම ආයතනය කියන්නේ කොරෝනාව නිසා කෝටි තුනකට අධික සංඛ්‍යාවකට රැකියා අහිමි වන බවය. ඇමෙරිකානු ජනාධිපතිවරණය ළං වන විට එය තව වැඩි වන බවත්, එය ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුතම රැකියා අහිමි වීමේ ප්‍රතිශතය බවත් එම ආයතනය සඳහන් කර ඇත. එම ආයතනය වැඩිදුරටත් කියන්නේ ට්‍රම්ප්ට වාසි ප්‍රාන්තවල රැකියා අහිමි වීමේ ප්‍රතිශතය ඉතා වැඩි විය හැකි බවය.
ඇමෙරිකානු ජනාධිපතිවරණය පවත්වන්න නියමිතව ඇත්තේ 2020 නොවැම්බරයේය. නොවැම්බරය වන විට ඇමෙරිකාවේ කෝටි තුනකට වඩා රැකියා අහිමි වනවා නම් ලංකාවේ මහ මැතිවරණය පවත්වන දිනය වන විට කී දෙනකුට රැකියා අහිමි වෙයිද? කී දෙනකුගේ පඩි කපල තියෙයිද?
ගෝඨාභය දිනලා රාජපක්‍ෂවරු මහ මැතිවරණය පවත්වන්න තීරණය කළේ අප්‍රේල් 25ය. ඒ වෙන කොට ඇමෙරිකාව ට්‍රම්ප් සුළු ප්‍රතිශතයකින් දිනනවා යැයි අනාවැකි පළ වෙද්දී ලංකාවේ දේශපාලන විචාරකයන් කීවේ පොදුජන පෙරමුණ තුනෙන් දෙකක් ගනු ඇති බවය. ඒ කොරෝනා එන්න කලින්ය. දැන් ඇමෙරිකානු ජනමත සමීක්‍ෂණ ආයතන ට්‍රම්ප් ඓතිහාසික පරාජයක් ලබන බවට අනාවැකි පළ කරද්දී ලංකාවේ දේශපාලන විචාරකයන් කියන්නේ පොදුජන පෙරමුණට තුනෙන් දෙකක් ලබාගත නොහැකි බවය. හේතුව කොරෝනා නිසා ලංකාවේ ආර්ථිකය හතර ගාතෙන් වැටිලා තියෙන නිසාය.
මේක අන් කාටත් වඩා හොඳින් තේරුම් ගෙන සිටින්නේ බැසිල් රාජපක්‍ෂය. ඔහු මේ දවස්වල නෙලුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයේ සිට පොදුජන පෙරමුණ මහ මැතිවරණයෙන් ගන්නා ආසන සංඛ්‍යාවට වඩා ලංකාවේ ආර්ථිකයේ කඩාවැටීම මිනිසුන්ට දැනෙන්න පටන් ගන්නා දිනය ගැන හිතන බව පෙනෙන්න තිබේ. ඊට කලින් ඡන්දය තියා ගත්තොත් ආසන කීයක් ගන්න පුළුවන්ද කියා ඔහු ගණන් හදනවා විය යුතුය.
හරි නම් බැසිල්ගේ ගණන් හැදිල්ල ඉව වැටෙන්න ඕනෑ යූ.ඇන්.පී.යටය. ඒත් යූ.ඇන්.පී.යට වැටුණු ඉවක් නැත. යූ.ඇන්.පී.ය ඉව ඇල්ලුවේ කොරෝනා අස්සේ ජාතික ආණ්ඩුවක් හදාගන්නටය. බැසිල්ට ගණන් වරද්දන්න ඡන්ද කල් දමා ගන්න උසාවි යන්න තීරණය කළේ සජිත්ගේ සමඟි ජනබලවේගයය. කොරෝනා මැද ඡන්ද එපා කියා සමඟි ජනබලවේගයේ පක්‍ෂ බොහෝමයක් උසාවි ගියත් යූ.ඇන්.පී.ය කරඇරියේය.
ඡන්දය කල් යන්න යන්න ආර්ථිකයත් එක්කම ආණ්ඩුවත් වැටෙන්න පටන් ගන්නා බව සමඟි ජනබලවේගය තොරුම් ගෙන තිබිණි. ලොව ප්‍රකට ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කොරෝනාව මැද අනාවැකියක් පළ කර තිබුණේ කොරෝනාව නිසා ලොව දරුණුතම ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනා බවය. ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කියන්නේ කොරෝනාවෙන් ආර්ථිකය කඩා වැටෙන රටවල් 66 අතර ලංකාව 61 වැනි ස්ථානයට වැටී ඇති බවය. ලංකාවේ ආර්ථිකයට වදින පළමු පහර වදින්නේ සංචාරක කර්මාන්තයටය. ලංකාවේ සංචාරක කර්මාන්තයේ හදවත දකුණය. දකුණ කියන්නේ පොදුජන පෙරමුණේ හදවතය. ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ තවත් මර්මස්ථාන දෙකක් වන අනුරාධපුර සහ පොළොන්නරුවත් පොදුජන පෙරමුණේ බලකොටුය. මේ පළාත්වල සංචාරක ව්‍යාපාර කඩාගෙන වැටී රැකියා අහිමි වන විට කෙළින්ම බලපාන්නේ පොදුජන පෙරමුණේ ඡන්ද බැංකුවටය.
‘අපි ගම්වලට ගිහින් මොනවා කියන්නද..?’
‘රස්සා දෙනවා කියන්නද?’
‘ගෙවල් දෙනවා කියන්නද?’

‘ආණ්ඩුවේ පඩි කපන ලියුම පෙන්නන්නද?’
මේ ගම්වල පොදුජන පෙරමුණු නායකයන් කියන කතාවය.
‘ඉක්මනට ඡන්දය නොතිබ්බොත් ඔක්කොම කණපිට…’
මේ දවස්වල පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් කතා කරන මාතෘකාව ඕකය.
‘දෙන්නම් ඉක්මනට ඡන්දය තියන්න…’
සමඟි ජනබලවේගය උසාවි ගියේ එහෙම හිතාගෙනය. උසාවි යන්න පෙර ඔවුන් හිතුවේ අප්‍රේල් 25 ඡන්දය තියන්න බැරි වූ විට මැතිවරණ කොමිසම කඬේ වහයි කියාය. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති ජුනි 20 ඡන්දයට දින නියම කළේ විපක්‍ෂයේ විරෝධතාවය මධ්‍යයේය. ජුනි 20ට දින නියම කරන්න පෙර සියලු පක්‍ෂ මැතිවරණ කොමිසමේ පැවැති රැස්වීමේදී සජිත් ප්‍රේමදාස සහ මැතිවරණ කොමිසමේ සභාපති වාදයක පැටලුණි.
‘ඔබතුමා ඡන්දය තියන්න දින නියම කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහතිකය මතද?’
සජිත් දෙතුන් වතාවක් මේ ප්‍රශ්නය දහද්දී මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රියට කේන්ති ගියේය.
‘ඔබතුමාට එකම ප්‍රශ්නය දෙතුන් වතාවක් අහන්න බැහැ.’
මහින්ද දේශප්‍රිය කීවේ මුහුණ රතු කරගෙනය.
‘මම හිටපු විපක්‍ෂ නායක. ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න අයිතිය මට තියෙනවා. කරුණාකරලා මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න.’
සජිත් දැඩි ස්වරයකින් කීවේය. එම රැස්වීම අවසන් වී මාධ්‍යයට කතා කොට සජිත් සමඟි ජනබලවේගයේ ස්ථාවරය කීවේ මෙසේය.
‘අපි ඡන්දවලට බය නැහැ. ඒත් ඡන්දය නිසා මිනිසුන්ගේ ජීවිත අවදානමේ දමන්න බැහැ. අපි සමඟි ජනබලවේගය ලෙස කියන්නේ ඡන්දයට දින නියම කරන්න කලින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලිඛිත සහතිකයක් ගන්න. කොරෝනා අවදානම නැහැ කියල ලිඛිත සහතිකයක් ගන්න. එම සහතිකය අරගෙන සති පහත්, හතත් අතර කාලයක් තුළ ඡන්දය පවත්වනවා නම් අවදානමක් නැහැ.’
සජිත් ප්‍රේමදාස – ඬේලි එෆ්.ටී.-22.04.2020
ඒත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සජිත්ගේ මේ කතාවට ඇහුම්කන් දුන්නේ නැත. ඔහු කිසිදු සහතිකයක් නැතිව ආණ්ඩුවෙන් අහල, ජුනි 20 ඡන්දයට දින නියම කළේය. සජිත්ගේ සමඟි ජනබලවේගය උසාවි ගියේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ එම තීරණයට එරෙහිවය.
පසුගිය බදාදා මැතිවරණ කොමිසම වෙනුවෙන් උසාවි ආ නීතිඥයා කීවේ ජුනි 20දා ඡන්දය පවත්වන්න නොහැකි බවත්, ඡන්දය පවත්වන්න සෞඛ්‍ය බලධාරීන්ගේ සහතිකය අවශ්‍ය බවත්, ඡන්දය පවත්වන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහතිකය ලැබී දවස් 60ක් හෝ 70කට පසුව බවත්ය.
ඒ කියන්නේ එදා මැතිවරණ කොමිසමේදී සජිත්ට පාට් පෙන්නපු මැතිවරණ කොමිසමේ සභාපති උසාවියට නීතිඥයා මාර්ගයෙන් ගිහින් සජිත්ගේ ස්ථාවරය පිළිගත්තේය.
ඇත්තටම මෙය සජිත්ගේ සමඟි ජනබලවේගය ලබපු ජයකි. සමඟි ජනබලවේගයට වයස තවම මාස දෙකක් පමණි. තව වසර 10කට හොළවන්න බැහැ කී සමහර විට ජීවිත කාලයටම හොළවන්න බැරි වේවි යැයි කී රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ මැතිවරණ සිතියම සමඟි ජනබලවේගය හකුළා දැමුවේ එලෙසය. හැමෝම හිතුවේ සමඟි ජනබලවේගයේ පොදු හතුරා රනිල් සහ යූ.ඇන්.පී.ය කියාය. ඒත් සමඟි ජනබලවේගය තමන්ගේ පොදු හතුරා රාජපක්‍ෂවරු බව ඔප්පු කොට පෙන්වා ඉවරය. තමන්ගේ පොදු හතුරා රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුව බව පෙන්නා ඡන්දයේදී නියම යූ.ඇන්.පී.ය තමන් බව පෙන්වීම අතුරේ යනවා වගේ අමාරු වැඩකි. ඒත් බැසිල් කළේ ඒ අමාරු වැඬේය. ඔහු 2018 පුංචි ඡන්දයේදී පොදුජන පෙරමුණේ පොදු සතුරා යූ.ඇන්.පී. ආණ්ඩුව යැයි පෙන්වන ගමන් නියම ශ්‍රීල.නි.ප.ය මෛත්‍රිගේ ශ්‍රීල.නි.ප.ය නොව මහින්දගේ ශ්‍රීල.නි.ප.ය යැයි පෙන්වීය. 2018 පුංචි ඡන්දයෙන් පසු ඔහු මෛත්‍රිගේ ශ්‍රීල.නි.ප.යේ මන්ත්‍රිවරුන් පොදුජන පෙරමුණට බා ගත්තේය.
‘බැසිල් ගහපු ගේම ගහන්න සජිත්ගේ සමඟි ජනබලවේයට පුළුවන්ද..?’
ඒක තවම කියන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

MAS Holdings සමූහයෙන් කොවිඩ් – 19 මර්දනයට අත්වැලක්

Next Post

ඇට්ලස් ඇක්සිලියා රොබෝ යන්ත්‍ර පරිත්‍යාග කරයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.