• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘ගැහැනු ළමයි’ට ආදරේ කරන අය මේක කියවන්න! Sri Lanka Latest News

October 1, 2024
in Heart
Reading Time: 2 mins read
A A
‘ගැහැනු ළමයි’ට ආදරේ කරන අය මේක කියවන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගැහැනු චරිත මුල්කරගෙන චිත්‍රපට හදන ප්‍රවීණ සම්මානනීය අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් හදපු ‘ගැහැනු ළමයි’ ෆිල්ම් එකෙන් තමයි මේ ලස්සන පින්තූරය කොපි කරගත්තේ. ගැහැනු ළමයි කියන්නේ විචාරක පැසසුමට ලක්වෙච්ච බොක්ස් ඔෆිස් වාර්තා තියපු ෆිල්ම් එකක්. ඒක හෝල්වලට ආවේ 1978 අවුරුද්දේ. ඒ වෙනකොට ප්‍රවීණ නළු අජිත් ජිනදාසගේ දැලි රැවුල යන්තමට එන්න ගත්තා විතරයි. ඒ තරමට ගැටවර වයසකයි ඔහු හිටියේ. සම්මානනීය ජනප්‍රිය නිළි වසන්ති චතුරාණි හිටියේ ඕලෙවල් කරන ගමනුයි. (Sri Lanka Latest News)

‘ගැහැනු ළමයි’ එකේ ප්‍රධාන ගැහැනු ළමයාගේ චරිතයට හරියන බාලිකාවක් හොය හොයා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ලංකාවේ හුඟක් ඉස්කෝලවලට ගියාලු. ගමේ වගේම නගරයේ ඉස්කෝලවලටත් ගියාලු. අන්තිමට ඔන්න ගම්පහ හෝලි ක්‍රොස් එකටත් ආවලු. කොන්වන්ට් එක පුරාම ආරංචිය යනකොට සුමිත්‍රා පීරිස් තමාගේ හිතේ මැවුණු කුසුම්ව හොයාගෙන ඕලෙවල්, ඒලෙවල් පන්තිවල කෙල්ලන්ව විසිටර් රූම් එකට ගෙන්නුවලු. ඒ විදියට එතැනට ආවේ කුසුම්ගේ චරිතය තමන්ට ලැබෙයි කියන ආසාව බලාපොරොත්තුව හිතේ ඉපදුණු බාලිකාවන් තමයි. ගම්පහ හෝලි ක්‍රොස් කොන්වන්ට් එකේ මොන තරම් ලස්සන ළමයි හිටියත් ඒ ආව එක කෙල්ලෙක්වත් ඇගේ හිතට හරිගියේ නැහැ. ඩිසපොයින්ටඩ් හැඟීමකින් සුමිත්‍රා පීරිස් ආයෙම එන්න හැරුණා. ක්‍රීඩා පිට්ටනිය හරහා එනකොට ඉද්ද ගැහුවා වගේ ඈ නතර වුණේ මාර ගහක් යටට වෙලා කෙල්ලෝ රෑනක් එක්ක කච කචේ දාගෙන හිටපු බෝල මූණක් එක්ක රැලි කොණ්ඩයක් තියෙන ලස්සන හුරුබුහුටි කෙල්ලක්ව දැකලයි. ‘හිතේ මැහුණු නියම කුසුම්… හිතුවටත් වඩා හොඳට මෙන්න ඉන්නවා…’ සුමිත්‍රාට හිතුණේ එහෙමයි. ඒ බෝල මූණ අයිති කෙල්ලගේ නම වසන්තා ඩොරීන් පීටර්සන්. ඒ කියන්නේ ඒ තමයි අපේ වසන්ති චතුරාණි.

‘ඔයාට මේ නම හරියන්නේ නැහැ. අපි සිනමා කලාවට හරියන නමක් දාමු’ කියලා වසන්තා ඩොරීන් පීටර්සන්ව වසන්ති චතුරාණි කෙරෙව්වෙත් සුමිත්‍රා පීරිස් මහත්මියම තමයි. ගැටවර වයසේ හිටපු අජිත් ජිනදාසවත් යොවුන් නිළි කෙල්ලන් වූ ශ්‍යාමා ආනන්ද සහ ජෙනිටා සමරවීරත් සෙසු චරිත සඳහා තෝරාගත්තා. චිත්‍රා වාකිෂ්ට සමග ටි්‍රලීෂියා ගුණවර්ධන අම්මාවරුන් ලෙස අතිවිශිෂ්ට රංගනයක යෙදුණා. ප්‍රවීණ ගත්කරු කරුණාසේන ජයලත්ගේ කෘතියක් ඇසුරෙන් ‘ගැහැනු ළමයි’ තිර නාටකය ලිව්වේ සුමිත්‍රා පීරිස්මයි. ඇගේ මේ සොඳුරු නිර්මාණකරණයට නිෂ්පාදන සහාය දුන්නේ සම්මානීය නිර්මාණකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. සංගීතය ප්‍රවීණ සම්මානනීය සංගීතඥ නිමල් මෙන්ඩිස්ගෙන්.

අලුත් කතා රසයක් එක්ක සංවේදී පෙම් පුවතක් විදියට ගැහැනු ළමයි සැලෝලයිට් පටවල එතෙනකොට ප්‍රේක්ෂකයන් එය ආදරයෙන් වැලඳ ගත්තා. සුමිත්‍රා පීරිස් ගැහැනු ළමයි හැදුවේ සම්භාව්‍ය චිත්‍රපට කලාව වෙනුවෙන් වුණත් ‘ගැහැනු ළමයි’ වාණිජ පැත්තෙන්ද නොහිතපු විදියට සාර්ථක වුණා. විශාරද නීලා වික්‍රමසිංහගේ ළයාන්විත මුවින් ගැහුණු ‘වියෝ ගී ගැයෙනා හදේ’ සින්දුව අදටත් මොන තරම් ෆේමස්ද? එතකොට විශාරද වික්ටර් රත්නායක ගැයූ ‘ගැහැනු ළමයිනේ’ සින්දුවත් ඒ තරමටම ජනප්‍රියයි.

කුසුම්ගෙයි නිමල්ගෙයි ආදර කතාව තරමටම ගැහැනු ළමයි චිත්‍රපටයද සිංහල සිනමාවේ අමරණීයම නිර්මාණයක් වුණා.

එය ජාත්‍යන්තරයටත් ගිහින් සම්මානනීය වූ චිත්‍රපට කතන්දරයක්. ගැහැනු ළමයි ගැන ‘මව්රට’ හාට් පිටුවට ලියන්න අදහස දුන්න මේ පින්තූරේ හොරාගත්තේ මුහුණු පොතෙන් හොඳේ…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුර-හරිනි-විජිත පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත්ත තීරණ මෙන්න! I Sri Lanka Latest News

Next Post

අද උදේම අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ඇවිත් අනුරව හමුවෙයි! රටට උදව් කරන විදිහ ගැන කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.